- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
- කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්
- මන්ත්‍රී අර්ජුනා පහරදුන්නායැයි අයෙක් රෝහල්ගත කරයි.
- මහ බැංකුවේ රැකියා දෙන බව පවසා ජනතාව මුලා කරන ජාවාරමක්
Author: VNews
ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවනු ලබන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම 2024 ජුලි මස 31 වන දින සිදුකෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් නිර්මාණය කර ස්ථාපනය කරන ලද මෙම විසි නව වන (29) වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය මඟින්, එකවර වකුගඩු රෝගීන් 15 දෙනෙකු හට රුධිර කාන්දුකරණය කලහැකි අතර, එය රෝගීන් විසි දෙනෙකු (20) සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි පරිදි සකස් කිරීමේ හැකියාවද පවතී. තවද, මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, නාවික හමුදා නාවික සමාජීය මෙහෙවර…
කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (7/31) අත්අඩංගුවට ගෙන තිබේ. කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් මිලියන 24 ට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක්, විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින කදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. එම කාන්තාව විසින් කදාන ප්‍රදේශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් ඉහත රටවල රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැත. මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 19ක් කාර්යාංශය වෙත ලැබී…
අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා මහතා අත්සන් තැබී ය. මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හමුවක් අද කොළඹදී පැවැත්වුණා. කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ කාර්ය පිළිබද දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුවර දෙරට අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 16 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගැනීමෙන් පසුව විදෙස් තරග සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙයයි.
ගෝලීය ක්‍රමවේදයට අනුව යමින්, ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය පිළිබද වෛද්‍යමය මූලධර්ම මත පදනම්ව ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලින කර ප්‍රති-ක්ෂුද්‍රජීවි ආනුභවික හා නිවාරණය පිළිබද ජාතික මාර්ගෝපදේශයේ දෙවන සංස්කරණය (Empirical and Prophylactic use of Antimicrobials, National Guidelines – Sri Lanka – Second Edition-2024) එළිදැක්වීම අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි. ඉහත මාර්ගෝපදේශය එළිදැක්වීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, පසුව එම මාර්ගෝපදේශය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත පිළිගැන්වීමට කටයුතු කෙරිනි. ජෛවගෝලය තුල බැක්ටීරියා, වෛරස, දිලීර සහ පරපෝෂිත ආදී වූ ක්ෂුද්‍රජීවීන් රෝග ඇති කරනු ලබයි. මෙම අහිතකර ක්ෂුද්‍රජීවීන් මර්දනය කිරිම සදහා ක්ෂුද්‍රජීවී නාශක ඖෂධ සහ ප්‍රති-ක්ෂුද්‍රජීවී…
දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගැනීම නිවැරදි බව ද මේ වන විට තහවුරු වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යාවරයා එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව ද සඳහන් කළේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය…
රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දු වලට අත ඉස්සු,පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අනුරාධපුර, බුල්නෑව නගරයේදී ජාතික ජන බලවේගයේ ගොවි රැළිය, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික ජන බලවේගය විසින් රටපුරා පවත්වන ගොවි රැලි මාලාවේ බුල්නෑව රැලිය පවත්වනු ලැබුවේ බුල්නෑව නගරයේ දී යි. ජාතික පුනරුදයක් වෙනුවෙන් ගොවිජන බලය ගොඩනඟන මාලිමාවේ බුල්නෑව ගොවි රැලිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත…
මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රට බංකොලොත් කරපු අපේක්ෂකයෙකු තනිවම ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය ඉතාමත් හොඳ බවත් ඒ අනුව එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවාද යන්න පිළිබඳවත් දෙවරක් සිතා බැලිය යුතු බව රණවක මහතා සඳහන් කරන ලදී. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (30) දින එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැවුවල ප්‍රදේශයේ පවත්වනු ලැබූ ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. එක්සත් ජනරජ පෙරමුණේ සාමාජික දිල්ශාන් මුතුකුමාරණ මහතා විසින් මෙම ජනහමුව සංවිධානය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222