Author: VNews

දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද කොළඹට කැදවා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ, ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස කොළඹට කැදවා ඇති බවයි. මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් අවසන් වනවා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් තැපැල් සේවාව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා ප්‍රකාශ කළා. අදාළ කටයුතු වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදුම් කාර්ය මණ්ඩලයයේ 8000ක් හා නිලධාරින් 4000ක් යෙදවීමට සූදානම් බවයි ඔහු කියා සිටියේ.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 14 දෙනෙකු මේ වන විට ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ අක්මීමන දයාරතන හිමියන් ඇතුළු අපේක්ෂකයින් සිව්දෙනෙකු ඊයේ ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර තිබුණා. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදාත් ඊට අදාළ නාමයෝජනා කැඳවීම අගෝස්තු මස 15 වැනිදාත් සිදු කිරීමට නියමිතයි.

තව කියවන්​න

අපවත් වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිතයි. එදින විහාරස්ථාන භූමියේදී පස්වරු 4.30ට අවසන් කටයුතු සිදු කරන බවයි අවමංගල්‍ය කමිටුව සදහන් කළේ. එමෙන්ම, උන්වහන්සේගේ දේහය අද පෙරවරු 6.00 සිට විහාරස්ථානයේ තැන්පත් කරන බව ද අවමංගල්‍ය කමිටුව දැනුම් දෙනවා.

තව කියවන්​න

2024 පැරිස් ඔලිම්පික් උළේලේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මුලික වටයේ තරගයට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න එක්වුණා. එම තරග ඉසව්වේදී ඇයට හිමිවුණේ අටවන ස්ථානයයි. තරුෂි තරගය නිම කිරීමට විනාඩි දෙකයි තත්පර 07 දසම 76ක කාලයක් ගත කළා. කෙසේවෙතත් තරුෂි අද යළිත් කාන්තා මීටර 800 ඉසව්ව සදහා තරග වැදීමට නියමිතයි. මෙම තරගය පැවැත්වෙන්නේ මුලික වටයේදී අවසන් පුර්ව වටයට සුදුසුකම් නොලැබු ක්‍රිඩිකාවන් අතරයි.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගය තියුණු සටනකින් පසුව ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් රැස් කළා. පැතුම් නිස්සංක ලකුණු 56ක් සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කළා. දෙරට අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු සමවීමෙන් තරග අවසන් වු අවස්ථා තුනක් මේ වන…

තව කියවන්​න

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසිය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ අද (02)යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය. මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක්…

තව කියවන්​න

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදිමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ අද (02) පැවති තරුණ හමුවට එක් වෙමිනි. “දීප්තිමත් අනාගතයත් සඳහා…

තව කියවන්​න

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ…

තව කියවන්​න

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක් පවතින බවත් එම නිසා පෙරහර මංගල්‍යයට අලි ඇතුන්ලබා ගැනීමේ අපහසුතාවයකට පත්ව සිටින බව ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැති රැස්වීමේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන් සඳහන් කළා ශ්‍රී  ලංකාවේ දැනට හීලෑ අලි ඇතුන් සිටින්නේ අනූහය දෙනෙකු බවත් මීට අවුරුදු විස්සකට ප්‍රථම 225ක් අලි ඇතුන් සිටිය බවත් නමුත් කාලයාගේ ඇවෑමෙන් එය අනූ හය දක්වා අඩු වී ඇති බවද  සඳහන් කළා මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය  සමයේම රත්නපුර ශ්‍රී සමන් දේවාලයේ පෙරහරත් පැවැත්වෙන නිසා අලි ඇතුන් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව දියවඩන නිලමේ තුමන්…

තව කියවන්​න