- සුප්‍රසිද්ධ සූපවේදිනිය මියයයි
- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
- අර්චුනාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙක් රෝහලට
- නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
- රිය අනතුරකින් තිදරු මවක් මරුට
- වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් සොයා ගැනේ
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
- මහ බැංකුවේ රැකියා දෙන බව පවසා ජනතාව මුලා කරන ජාවාරමක්
Author: VNews
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30 ත් 40 ත් පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද සදහන් .
ජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (03) පෙරවරුවේ යාපනය උදයන් පුවත්පතේ කාර්යාලයේදී එහි කාර්ය මණ්ඩලය සමඟ හමුවකට එක් වෙමිනි. පළාතේ සෙසු මාධ්‍යවේදින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය අතරතුර දී මෙම හමුවට එක් විය. එහිදී උදයන් පුවත්පතේ ප්‍රධාන විධායක නිළධාරි පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන්, ප්‍රධාන කර්තෘ තා. ප්‍රභාකරන් යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාව ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.…
යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. “බෞද්ධ හින්දු ආගමික සංසදය” වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්. මෝගන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා ද හමු වී ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි…
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්.
නයිජීරියාවේ කානෝ නගරයට ඇදිරි නීතිය පනවා තිබෙනවා. නයිජීරියාවේ දෙවන විශාලතම නගරය වන කානෝ නගරයේ රජයට විරෝධය පල කරමින් විරෝධතා පැවැත් වෙනවා. ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ. ඔවුන් රජයේ දේපලවලට අලාභ හානි සිදු කිරීම හේතුවෙන් ඇදිරිනීතිය පැනවීමට කටයුතු කළ බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරයා නිවේදනය කරන්නේ.
අකටයුතුකම් සහ හොර මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කිරීමට තීරණය කොට තිබෙනවා. ඉකුත් මැතිවරණවලදී එවැනි ශූන්‍ය කිරීම් සිදුකළ බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් එය ඉටුකීරීම සඳහා ණය ගැනීම මත මෙරට ආර්ථිකය මෙන්ම දේශපාලනයද කඩා වැටුණු බවයි . යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියා . පෙර සිදුවූ වැරදි යළි සිදුනොවීමට වග බලාගනිමින් නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ගොඩනැගීම සඳහා ගන්නා උත්සාහයට දායක වීම මෙරට විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා .
විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ තුන්වන සමාලෝචනයේ කාලසීමාව පිළිබඳව ජනාධිපතිවරණයෙන් පසුව රජය සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් මහතා පවසනවා . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන යටතේ වන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අනුව සාර්ව ආර්ථික වර්ධනය සහ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති හඳුන්වාදීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු කණ්ඩායම පසුගිය 25 වැනිදා මෙරටට පැමිණියා. ඔවුන් ඊයේ දක්වා මෙරට සංචාරයක නිරත වූ අතර, ඉන් අනතුරුවයි මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං තත්වයක් අපේක්ෂා කරන බවයි. එමෙන්ම බස්නාහිර, වයඹ සහ ගාල්ල, මාතර, මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලද අද, වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මේ අතර කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා හම්බන්තොට සිට වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලුවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, ලිඩෝ වෙරළ ප්‍රදේශයේ හෝටලයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පුපුරණ ශබ්දයත් සමඟ ආරක්ෂක අංශ එම ස්ථානයට ළඟාවී ඇති අතර වෙඩි හඬද ඇසුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අල්කයිඩා සංවිධානයට අනුබද්ධ අප්‍රිකානු අල් ෂබාබ් සංවිධානය සිය ගුවන්විදුලිය හරහා මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222