Author: VNews

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී එම ධීවරයින් සහ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

තව කියවන්​න

රුසියාව විසින් පවරාගනු ලැබූ ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසයි. එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බව යුක්‍රේන හමුදාව පැවසීය.

තව කියවන්​න

ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම සංවිධානයේ නියෝජිත පිරිස මෙරට සංචාරය නිම කිරීමෙන් පසු නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමබන්ධයෙන් අද(04) රුවන්වැල්ලද ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තව කියවන්​න

පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙසයි. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වායි. එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තව කියවන්​න

2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නම සඳහන් වී ඇත්දැයි මැතිවරණ කොමිෂන් සභාව මගින් වෙබ් අඩවියෙන් තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව www.elections.gov.lk වෙබ් අඩවියෙන් පහත සඳහන් පියවර අනුගමනය කරමින් තමන්ගේ ඡන්දය අයිතිය තිබේදැයි තහවුරු කර ගන්න.

තව කියවන්​න

යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී අනතුරට පත්ව මුහුදුබත් වූ, ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 ජූලි මස 31 වන දින සිදුකල මුදවාගැනිමේ මෙහෙයුම මඟින් මුදවාගත් ධීවරයින් දෙදෙනා (02) සහ, ප්‍රතිකාර සඳහා පුංගුඩුතිව් රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව සිටි එක් (01) ධීවරයෙකුගේ මෘතදේහය, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරිණි.   යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවර යාත්‍රා, අනවසර ධීවර කටයුතු වල නිරත…

තව කියවන්​න

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රිඩක වනිදු හසරංගට අද තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. පාදයේ ආබාදයක් හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදීයි තරගය පැවැත්වෙන්නේ. තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු සම වීමෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මේ අතර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රිඩක වනිදු හසරංගට අද තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. පාදයේ ආබාදයක් හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තව කියවන්​න

තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා. තුර්කිය විසින් හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා. එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් බවයි වාර්තා වන්නේ. තුර්කි බලධාරීන් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ පළමු අවස්ථාව මෙය නොවන බව සඳහන් වෙනවා.

තව කියවන්​න

කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එතෙර අපි සංවිධානය විසින් එම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණා. එම පිරිස නිදහස් කර ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සදහන් කළා.

තව කියවන්​න