Author: VNews
මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 50,000කට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යෙදවීමට තීරණය කර තිබෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව පොලීසිය සඳහන් කළේ අවශ්‍ය නිලධාරීන් පිරිස සම්බන්ධයෙන් ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි. එමෙන්ම යොදා ගනු ලබන ඡන්ද මධ්‍යස්ථාන ගණන අනුව මෙම නිලධාරීන් සංඛ්‍යාව වෙනස් විය හැකි බව ද පොලීසිය සඳහන් කළා.
බ්‍රිතාන්‍යයේ පවතින නොසන්සුන් සහ ප්‍රචණ්ඩකාරී වාතාවරණය හේතුවෙන් හදිසි රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් තීරණය කර තිබෙනවා. ඒ අනුව අමාත්‍යවරුන්, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් විරෝධතාකරුවන්, කඩසාප්පුවලට හානි සිදුකරමින් සංක්‍රමණික වැසියන්ට පහර දෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. පවතින තත්ත්වය හමුවේ මේ වනවිට කලහකාරීන් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. මෙම පෙත්සම අද (05) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන පිරිසගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද අඩුවී තිබුණි. පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ අඩුවූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිල විය.
ලබන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්ද හිමියන් 17,140,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ 1,765,351 ක් ලෙසයි.
ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක,තුන රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිවුලපිටිය ආසනයේ ඊයේ (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟින් ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී බවයි වාර්තා වන්නේ.
සුගිය සතියේ සමස්ත කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනවා. ඒ අනූව පසුගිය 2 වැනිදාට අවසන් වූ සතිය තුළ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 1.64%කින් පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා . අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ.
දේශීය ණය ප්‍රශස්තිකරණය සම්බන්ධයෙන් වූ සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමත් සමග පැවති අවිනිශ්චිතභාවය හේතුවෙන් සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයෙහි යම් වර්ධනයක් වාර්තා වූ බව මහ බැංකුව පවසනවා. අප්‍රේල් මස උත්සව සමය තුළදී ද එය සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, ඉන්පසුව සාමාන්‍ය ආර්ථික තත්ත්ව පවතින කාල සීමාවලදී දක්නට ලැබෙන ප්‍රවණතාවට සමානව පහළ ගියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222