Author: VNews
තමා ජනපතිවරණය සඳහා ඉදිරිපත්වන්නේ සටන් කිරීමට නොවන බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රට ඉදිරියට ගෙන යාම සඳහා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවයි. ඔහු මේ බව අද (07) මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවති හමුවේදී ප්‍රකාශ කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේකෂක සිසුන් 280ක් පමණ ඊයේ (06) එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට අවස්ථාව සළසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව සිසුන් අතරට පැමිණි ජනාධිපතිවරයා ඔවුන්…
ජුලි 31 වැනිදා සිට ඊයේ (05) දින දක්වා මැතිවරණ පැමිණිලි 99ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 68ක් ලැබී තිබෙනවා.
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරන අතර මේ වන විට කිරුළපන දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපන කටයුතු අවසන් කර ඇතැයි රජය පවසයි.
බංග්ලාදේශ පාර්ලිමේන්තුව වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කළ බව එරට ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධනට එරෙහිව ගොනු කළ නඩුවක් අද (06) කොළඹ දිසා අධිකරණය හමුවේ සමථයට පත් කෙරුණා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ, තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායකගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවත්ය.
පවතින තත්ත්වය හමුවේ ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය එරට පැවැත්වීමේ අවදානමක් මතුව ඇති බවට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා. ඒ අනුව එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් ත්‍රිත්වයෙන් එක් රටක තරගාවලිය පැවැත්වීමේ අවධානය යොමුව තිබෙනවා.
මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න විසින් පැළඳ සිටි ධාවන පථ ඇඳුම් කට්ටලය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි ඔලිම්පික් කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවක් පළඳින ධාවන පථ කට්ටලයක් ඔලිම්පික් කෞතුකාගාරයට ඇතුළත් කළ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව, එය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකගේ ධාවන ඇඳුම් කට්ටලයක් කෞතුකාගාරයට ඇතුළත් කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙනවා.
ජුලි 31 වැනිදා සිට ඊයේ (05) දින දක්වා මැතිවරණ පැමිණිලි 99ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 68ක් ලැබී තිබෙනවා.
ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ. දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී එහි නායක මනෝ ගනේෂන් මහතා මේ බව පැවසීය. එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රි පී. දිගම්බරන් සහ වී. රාධ ක්‍රිෂ්ණන් ද මෙම මාධ්‍ය හමුවට එක්වී තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222