Author: VNews

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍යය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හදුනාගෙන තිබු අතර පසුගිය වසර වන විට ඒ අතරින් ඖෂධ 250ක හිගයක් පැවතුණා. අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ජාතික මට්ටමේ හිගතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක ප්‍රමාණයක් පමණක් බවයි.

තව කියවන්​න

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන දෙමළ ජාතික පොදු අපේක්ෂකයා නම් කර තිබෙනවා. යාපනය සෙල්වා කලාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී දෙමල ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතා නම් කෙරුණා. එම ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහය දැක්වීම සදහා දෙමළ ජාතික දේශපාලන පක්ෂ සහ දෙමළ සිවිල් සංවිධාන අතර ගිවිසුමක් ද අත්සත් තබා තිබෙනවා.

තව කියවන්​න

ජපානයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.9ක් ලෙසයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

සියලු ක්‍රිඩකයින් සමග ජයග්‍රාහි මාවතේ ඉදිරියට ගමන් කිරීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා. ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ජය ගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චරිත් අසලංක මේ බව ප්‍රකාශ කළා. ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගාවලියක් ජයගත්තේ වසර 27කට පසුවයි. එක්දින තරගාවලියේ වීරයා බවට පත්වුණු ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේ ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඉන්දීය පිතිකරුවන් දවා ගැනීමට ක්‍රියාත්මක කළ සැලසුම් පිළිබදව මෙහිදී දුනිත් වෙල්ලාලගේ අනාවරණය කළා.

තව කියවන්​න

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දි සිදු විය. ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (H. E. Dr. Zuhair M H Dar Zaid) සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota)යන…

තව කියවන්​න

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිළධාරීන් ලෙස සේවය කිරීම සඳහා තැනැත්තන් බඳවාගත් විදේශ රැකියා නියෝජිතායතනයක්  කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (8/7) වැටලීම් කර තිබේ. මීගමුව නගරයේ පවත්වාගෙන ගිය බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් විසින් මෙම රැකියා සඳහා නීතිවිරෝධි අයුරින් බඳවාගැනීම් සිදුකර ඇති අතර, ඒ පිළිබඳව කාර්යාංශය වෙත ලද තොරතුරක් අනුව මෙම වැටලීම මෙහෙයවන ලදී. විමර්ශන නිළධාරීන් විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ලබාදී තිබූ විදේශ ගමන් බලපත්‍ර 6ක් හා ඊට අදාළ අයදුම්පත්‍ර 6ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ. අදාළ ආයතනයේ රැකියා බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කාර්යාංශය මේ…

තව කියවන්​න

කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ අවසන් අදියර මීළඟ අයවැය හරහා මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසීය. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් ඔවුන්ට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීමේ ක්‍රියාමාර්ග මේ වන විටත් සම්පාදනය කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 අගෝස්තු මස 06 වන දින කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං  කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් නාවික හමුදා භාරයට ගත් අතර, එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද (01) තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා…

තව කියවන්​න

මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය. වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී ආයුර්වේද වෛද්‍යවරුන් එම ඉල්ලීම සිදු කරමින් සිටි බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වීම සම්බන්ධයෙන් ස්තුති කරන බව ද සඳහන් කළේය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

තව කියවන්​න

අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වී තිබේ. රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී ආණ්ඩු විරෝධී කැරැල්ලක් බවට පරිවර්ථනය වූ බංග්ලාදේශ විරෝධතා පසුගියදා අවසන් වූයේ අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමකට අනුව එරට පාර්ලිමේන්තුව ද විසුරුවා හැරුණු අතර, හමුදා පාලනයෙන් තොර අන්තර්වාර රජයක් පත්කිරීමටත් කටයුතු කර තිබුණි.

තව කියවන්​න