Author: VNews
කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකු වෙත රුපියල් ලක්ෂ තුනක මුදලකට ඇමරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් අලෙවි කිරීම සඳහා රැගෙන එන අවස්ථාවේදී මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී පිස්තෝලය සමග එක් සැකකරුවෙකු අද(09) වන දින අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු රත්තොට දන්කන්ද පොල්වත්තාකන්ද ගම්මඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු යුද හමුදා පුහුණුවලත් පුද්ගලයකු බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර අදාල සැකකරු රත්තොට සිට මාතලේ ප්‍රදේශය වෙත පිස්තෝලය ඉන ප්‍රදේශයේ රඳවා ගෙන බස් රථයක පැමිණ ඇති අතර මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී බස් රථය…
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොමු කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරන බවට පැමිණිලි ලැබෙමින් ඇති බවයි. ඒවා නතර කරන ලෙසට දුන් උපදෙස් ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී අදාළ කණ්ඩායම් යොමු කර තත්ත්වය සොයා බලා පාලනය කරන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. එහිදී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
පාකිස්ථානය තුළ ළමා අපචාර සිද්ධීන් වාර්තා වීමට ඉහළගොස් තිබෙනවා. මේ වසරේ ගෙවුණු මාස 06 තුළ පමණක් පාකිස්ථානයේ ළමා අපචාර 1630ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එරට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ද සිදුකර තිබෙනවා.
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව අනිද්දා පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ. අදාළ කාලය තුළ පෑලියගොඩ, වත්තල , ජාඇල, කටුනායක , සීදුව සහ කැළණිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම බියගම , මහර , දොම්පේ , කටාන , මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා. බියගම ජල පවිත්‍රාගාරයේ සිදුවන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතුවී තිබෙනවා.
ජනාධිපතිවරණයේ ප්‍රචාරන කටයුතු සදහා සැරසිලි සිදුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණ ප්‍රචාරන කටයුතුවලදී ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයෙන් වළකින ලෙසට ජනාධිපතිවරණ අපේක්ෂකයින් දැනුවත් කරන ලෙසයි පරිසර අමාත්‍යංශය ඉල්ලා ඇත්තේ. 1980 අංක 47 දරණ ජාතික පරිසරික පනතේ 23 වන වගන්තියට අනුව දේශපාලන, සමාජිය , ආගමික , ජාතික සහ සංස්කෘතික ඇතුළු උත්සව සදහා පොලිතින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම් කර තිබෙනවා. යහපාලන රජය සමයේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම රෙගුලාසි බලාත්මක කර තිබුණා.
78 වන බ්‍රැඩ්බි පලිහ රග්බි තරගාවලිය සදහා දින නියම වී තිබෙනවා. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාය අතරයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. එහි පළමු අදියර ලබන 24 වනදා රාජකීය විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී සැප්තැම්බර් 07 වනදා එහි දෙවන අදියර පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා. මහනුවර ත්‍රිත්ව කණ්ඩායම අනුහස් කොඩිතුවක්කු විසින් මෙහෙයවන අතර රාජකීය කණ්ඩායම තිවයින් පෙරේරා විසින් මෙහෙයවනු ලබනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 08 වන දින මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනෙකු (35) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, 2024 අගෝස්තු මස 08 වන දින මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් වයඹ නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට…
රට විනාශ කළ පාර්ශව පරාජය කිරීමට ජාතික කඳවුර නියෝජනය කරන සියලු දෙනා එක්විය යුතු බව දෙවන පරපුර සංවිධානය පවසනවා. එහි නායක උවිදු විජේවීර මහතා කියා සිටියේ ජාතික කඳවුර සහ වාම කඳවුර එක්විය යුතු බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බවයි උවිදු විජේවිර මහතා සදහන් කළේ.
රට බංකොලොත් භාවයට පත්කළ ආර්ථික අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ අද පැවති සමගි ජන බල සන්ධානය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජන බලවේගය ප්‍රමුඛව ගොඩනැගුණු නව සන්ධානයට අදාළව දේශපාලන පක්ෂ 06ක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගිවිසුම් ගතවුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222