Author: VNews
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 15 වනදා සිට 19 දක්වා මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමින්.
අල්ලස් චෝදනාවකට වරදකරු වු පොලිස් කොස්තාපල්වරයෙකුට වසර අටක සිර දඩුවමක් නියම කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. වැලි ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් 2,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට අදාළ පොලිස් නිලධාරිය වරදකරු වී තිබෙනවා. මෙලෙස සිරදඩුවම් නියමව ඇත්තේ පිළියන්දල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුටයි. අල්ලස් කොමිසම විසින් ගොනුකළ පැමිණිල්ලක් මත පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ ලබන 14 වනදා සිට 19 වනදා දක්වායි ඒ අනුව දිවා රාත්‍රි සේවා ලෙස මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කය පුරා බස් රථ 438 ක් යෙදවීමටයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත්තේ.
ධීවර නවීකරණ වැඩපිළිවෙලක් කඩිකමින් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති ජාතික ධීවර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ආර්ථිකය ගොඩ නැගීමට ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට තමන්ට සිදුවු බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.
ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ සිද්ධීන් පිළිබද පැමිණිලි 20ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම මේ දක්වා මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ සම්බන්ධව සමස්ථව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 157ක්. මේ අතර මැතිවරණ නීතී උල්ලංඝණය කරමින් කටයුතු කළ අමාත්‍යාංශ දෙකක ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා කරුණු විමසා තිබෙනවා. මැතිවරණ කොමිසම පැවසුවේ ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයට අනුව සියලු රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.
ජනාධිපති අපේක්ෂකයින්ට ආරක්ෂාව සැපයීම සදහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනුයි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ හිටපු ජනාධිපතිවරුන්ට පවතින ආරක්ෂාව පිළිබද සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකිරීමට එම කමිටුවට උපදෙස් දුන් බවයි. මේ අතර මැතිවරණයේ ආරක්ෂාව සාමාන්‍ය පරිදි සිදුකරමින් සිටින බව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සදහන් කළා.
ජනාධිපතිවරණයේ වියදම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරයත් වැඩි වන්නේ නම් වැඩි වන සෑම අපේක්ෂකයෙකු සදහාම අතිරේකව රුපියල් මිලියන 200ක මුදලක් දැරීමට සිදුවන බවයි. කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා. මෙවර ජනාධිපතිවරණය සදහා මේ වන විට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රි 12 ට අවසන් වුණා.
පැරිස් ඔලිම්පික් උලෙළේ අමෙරිකාව අභිබවා පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගැනීමට චීනය සමත්ව තිබෙනවා. රන් පදක්කම් 31කට හිමිකම් කියන චීනය රිදී 25ක් හා ලෝකඩ 20ක් සමඟින් සමස්ත පදක්කම් 76ක් දිනාගෙන සිටිනවා. ඊයේ වනවිට මෙහි පෙරමුණ හිමිකර ගනිමින් චීනය සමඟින් සටනක් දුන් අමෙරිකාව මේ වනවිට දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා කෙසේ නමුත් ඔවුන්ද රන් පදක්කම් 30ක්, රිදී 38ක් හා ලෝකඩ 35ක් සමඟින් සමස්ත පදක්කම් 103කට හිමිකම් කියනවා. මේ අතර ඔස්ටේ්‍රලියාව තෙවැනි ස්ථානය රැකගෙන සිටින අතර, ඔවුන්ගේ පදක්කම් ලැයිස්තුව රන් 18ක්, රිදී 15ක් හා ලෝකඩ 14ක් සමඟින් පදක්කම් 47කින් සැරසී තිබෙනවා.
පුද්ගලයින් 62 දෙනෙකු සමග මගී ගුවන් යානයක් බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් එම ගුවන් අනතුරින් කොපමණ පිරිසක් තුවාල ලබා හෝ මිය ගියාද යන්න මෙතෙක් වාර්තා වී නැහැ. එලෙස කඩා වැටුනු ගුවන් යානයේ මගීන් 58 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222