Author: VNews
මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව අද සිට අනිද්දා දක්වා බටහිර අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.
රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි අභ්‍යන්තර පර්යේෂණ ඇතුලු ප්‍රචාරක ලේඛන කිහිපයක් නීති විරෝධී ලෙස ලබා ගෙන ඇති බවට තහවුරු වී ඇති බව එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා
පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් ඉසව්වවන කාන්තා මැරතන් තරගය අවසන් වී පැය කිහිපයකට පසු සමාප්ති උත්සවය එරට වේලාවෙන් පස්වරු 3ට ප්‍රංශයේ ස්ටේඩ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය මේ වනවිට පෙරමුණේ පසුවන අතර, ඊට රන් පදක්කම් 39 ක්, රිදී 27 ක් සහ ලෝකඩ 24 ඇතුළත්. ඒ අනුව චීනය දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 90 ක්.
ගත වූ පැය 24ක කාලය තුළ ජනාධිපතිවරණය සම්බන්ධව පැමිණිලි 112ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ ජූලි මස 31 වනදා සිට අගෝස්තු මස 09 වනදා දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 269ක් බවයි.
බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 61 දෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන්යානය බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී අනතුරට පත් ව ඇති බවයි. එම ගුවන්යානයේ සිටි 57 දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් මිය ගිය පිරිසට ඇතුළත්.
රටක බිද වැටුනු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවේ නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ධීවර ජනතාව නගා සිටුවීම මෙන්ම කෘෂි නවීකරණ වැඩසටහන ද ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අතර හමුවක් අද (10) පැවැත්වුණා. ඒ නීතිඥ එම්. ඒ. සුමන්තිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීයි. මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේ
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට හෙට (11) ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත් හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බවට වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංසදය සඳහන් කළේ. එම ව්‍යාජ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222