- ජල ගාස්තුව අඩු කිරීමට පියවර
- බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව සොයා ගැනේ
- ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්
- ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය
- රජය වී මිලට ගන්නා මිල ගණන්
- USAID ආධාර වියදම් කළ ආකාරය ගැන නාමල්ගෙන් චෝදනා
- තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට
- සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම්
Author: VNews
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ඉහළපෙලේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සමඟයි. ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරියගේ නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ අයවැය සම්බන්ධව සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.
මධ්‍යම කඳුකරය පුරා ඊයේ පස්වරු කාලයේ සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. නගරය හරහා ගලා යන පිගා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම හේතුවෙන් මහනුවර – යාපනය ඒ 9 මාර්ගය සහ අකුරණ – දුනුවිල මාර්ගය එලෙස යටවී ඇති බව සඳහන්. අකුරණ නගරය දින 10 ක් ඇතුලත දෙවන වරටත් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අකුරණ නගරය වසර 25 කට අධික කාලයක් පුරා වසරකට කිහිපවරක් මෙලෙස ජලයෙන් යටවන අතර ඒ සෑම අවස්ථාවකදීම එම නගරයේ ව්‍යාපාරිකයින්ට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14) දිනයේ දී නිකුත් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එමෙන්ම මීට පෙර එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා කටයුතු කළා. ඒ මහතා විශ්‍රාම යාම හේතුවෙන් මෙලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.
සංචාරක එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් ලකුණු 84ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සමත්ව තිබෙනවා.තරගය ඊයේ(14) පැවැත්වුණේ නේපාලයේ Kirtipurහි Tribhuvan විශ්ව විද්‍යාලයීය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.තරගයේ කාසියේ වාසිය දිනාගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි UAE කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 263ක් ලබාගැනීමට සමත් වූවා.UAE කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් Rohan Mustafa ලකුණු 53ක්ද Muhammad Waseem ලකුණු 44ක්ද Vriitya Aravind ලකුණු 40ක්ද ලබාගැනීමට සමත් වූවා.Alishan Sharafu ලකුණු 29කටත් Aayan Afzal Khan ලකුණු 26කටත් දැවී ගියා.නොදැවී පන්දුවට පහර දුන් Ahmed…
අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා අධිකරණයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ජනාධිපති නිවස අසල විරෝධාවයක එක්වීම සහ පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනුණා.ඒ කුරුඳුවත්ත පොලිසිය විසින්.පසුව ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කර තිබෙනවා.මේ අතර අත්අඩංගුවට ගැනුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කුරුඳුවත්ත පොලිසියට ඊයේ පස්වරුවේ ගොස් තිබුණා.එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා. http://www.youtube.com/watch?v=aRLSDTv0CQg
අධිවේගී මාර්ගයන්හි මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස් රථ 20 වන ඉරිදා සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පවසනවා.ඒ මහතා කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථවලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කිරීමට එරෙහිව මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි.ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය මුවක් කැඳවමින් ඊයේ(14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.එහිදී සභාපති සම්පත් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ අධිවේගී මාර්ගයන්හි ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමග මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවයි.අධිවේගී මාර්ගයන්හි ධාවනය කරනු ලබන බස් රථවලින් රුපියල් ලක්ෂ දෙකකට…
නෙදර්ලන්තයේ හැඩකාර රැජින මැක්සිමා (Máxima Zorreguieta) තනතුර අත හැරියාද? ඇය නෙදර්ලන්තයේ Willem Alexander රජුගේ බිරිඳයි. 51ක් හැවිරිදි මැක්සිමා රැජින – රියදුරු අසුනට ගොඩ වුනේ … හරියට පැෂන් ෂෝ එකකට වගේ. ස්වීඩනයේ සංචාරයක නිරතව සිටියදී ඇය රියදුරු අසුනට ගොඩවිම කාගේත් පැසසුමට ලක්ව තිබෙනවා.
මාස අටක කාලයක් තුළ පිරිමි රැඳවියන්ට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවට බ්‍රිතාන්‍යයේ Lancashire හි Kirkham බන්ධනාගාර පුස්තකාලයාධිපතිනිය පවසනවා. ඇය 45 හැවිරිදි Sharon Mawdsley. 2018 ජූලි දක්වා ඇය සේවය කළ Lancashire හි Kirkham බන්ධනාගාරයේදී පිරිමින් රැසකට අතවර කළ බවටයි චෝදනා එල්ල වන්නේ. ඇය එල්ල වී ඇති සමස්ත චෝදනා ගණන 9ක්. ඉන් තුනක් පොදු කාර්යාලයක විෂමාචාරය සම්බන්ධයෙන්. පිරිමින්ට ලිංගික අතවර කිරීම් සිද්ධි 6ක්. පැවති කෙටි නඩු විභාගයේදී ඇයට එල්ල වන චෝදනා සනාථ කිටිමට පැමිණිලි පාර්ශවය කරුණු දක්වා නැහැ. Sharon ප්‍රෙස්ටන් ක්‍රවුන් අධිකරණයේදී චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉල්ලා සිටියේ අප ලබා දෙන ලෙසයි. කොන්දේසි විරහිතව ඇයට ඇප ද හිමිව…
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු වූ බව අප වාර්තාකරු සඳහන් කළා. ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ලෙස ක්‍රියාත්මකයි. ඊඩල්වයිස් ( Edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.068 දරන යානයෙන් පැමිණ පිරිස පිළිගැනීම සදහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා. මෙම ගුවන් සේවය සතියකට වරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබනවා.
2025 දක්වා යළි දැක ගත නොහැකි දර්ශනයක්. මේ blood moon නැතිනම් ‘රුධිර චන්ද්‍රයා’. පෘථිවි සෙවණ සම්පුර්ණයෙන් චන්ද්‍රයා ග්‍රහණයට ගත් උච්ඡතම අවස්ථාව…. කළු අහසේ එල්ලී ඇති රතු පැහැති සඳ එක්සත් ජනපදය පුරා මෙන්ම ආසියාව, ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශ වලටද දැකගත හැකි වුනා. මෙය මෙම වසරේ දෙවන රුධිර චන්ද්‍රයා වන නමුත් 2025 මාර් තු 14 දක්වා වන අවසන් පූර්ණ චන්ද්‍රග්‍රහණයයි. ලේ සඳ දැක ගත හැකි වන්නේ, පෘථිවි ඡායාව සඳ වසාගැනීම හේතුවෙන් හිරු එළිය පරාවර්තනය වි චන්ද්‍රයාගේ වර්ණය අඳුරු වී තඹ රතු පැහැයට හැරිමෙන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222