Author: VNews

ආනයනික භාණ්ඩ මත මත පැනවූ සෙස් බද්ද බලාත්මක කර තිබෙනවා. ඒ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. මේ යටතේ කේත 187 ක් යටතේ වන භාණ්ඩ 637 ක මිල ඉහළ යනු ඇති. ඒ අනුව ආනයනික සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි සහ පොත්, පෑන්, පාවහන්, ටයර් ආදී භාණ්ඩවල මිල ඉහළ යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

තව කියවන්​න

වැල්ලවාය වීරසේකරගම මාලේවනයාය ගම්මානයට සෑම දිනකම පාහේ අධි වෝල්ටීයතා විදුලි ධාරා පැමිණීම නිසා එම පිරිස් පීඩාවට පත්ව සිටිනවා. පවුල් සීයයකට අයත් පුද්ගලයන් පන්සීය දෙනෙකු පමණ මෙම ප්‍රදේශයේ ජීවත්වන අතර විදුලිය ලබා දෙන ට්‍රාරන්ස්පෝමරයේ ගැටළු සහගත තත්වයක් පවතින බවටයි ගම්වැසියන් චෝදනා කරන්නේ. ට්‍රාරන්ස්පෝමරය විටින් විට ගිනි ගන්නා බවද සඳහන්. අධි වෝල්ටීයතා විදුලි ධාරා පැමීනිම නිසා විදුලි උපකරණ සහ විදුලි පහන් රැසක්ම පිලිස්සී ගොස් තිබෙනවා. මෙම තත්වය හමුවේ ජීවිත අවදානමක් ද මතුව තිබෙනවා. අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළ ද මේ වන තෙක් විසඳුමක් ලැබී නොමැති බවයි එම ජනතාව සඳහන් කලේ.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන අද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියාසිටියේ . ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් සිදු කළා .

තව කියවන්​න

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවයි එමඟින් පෙත්සම්කරු කියා සිටින්නේ. මේ හේතුවෙන් ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කොට එය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු…

තව කියවන්​න

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා . ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙන් . ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා . ඒ අනුව ,මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇති.

තව කියවන්​න

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න අද පෙරවරුවේ ශේෂ්ඨාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළ ව එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි. සුගත් මෙන්ඩිස් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශේෂ්ඨාධිකරණයේ ඉල්ලා ඇත්තේ ශානි අබේසේකර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ ව තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩ තහනම් කිරීම නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කරන ලෙස යි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද අධිකරණයේ පෙනී සිටින ලෙස ශේෂ්ඨාධිකරණය මීට පෙර පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වධහිංසාවට ලක් කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ විභාගය ජනවාරි 30 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කරනු ලැබුවා . ඒ අදාල නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී . එම අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි දෙකක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සූදානම් බවත් එම වීඩියෝ සාක්ෂිවල අන්තර්ගතය අධ්‍යයනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවයි . ඒ අනුව අද දින නඩු…

තව කියවන්​න

වවුනියාවේ පූන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 දෙනෙකු පලා ගොස් ඇති බව වාර්තා වනවා. ඔවුන් ව සෙවීම සදහා පොලිසිය හා යුද හමුදාව ඊයේ සිට මෙහෙයුමක් දියත් කොට තිබෙන බව යි වාර්තා වන්නේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අධිකරණ නියෝග මත ලබා දෙන පිරිස් මෙම මධ්‍යස්ථානයේ දී පුනරුත්ථාපනය කෙරෙන බව සඳහන්. ඒ අන්දමට පුනරුත්ථාපනය වෙමින් සිටිය දී මොවුන් පලා ගොස් ඇති අතර, ඔවුන් පලා ගොස් ඇත්තේ සන්ධ්‍යා කාලයේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවලළඉරඝනිරත ව සිටි අවස්ථාවක දී බවට වාර්තා වනවා. පලා ගිය රැදවියන් 5 දෙනාම උතුරු පළාතේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ව යළි සොයා අත් අඩංගුවට ගැනෙනු ඇති.

තව කියවන්​න

දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. කොටහේන කුමර විදුහලේ ඊයේ සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ, රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ නියමු වැඩසටහන කුමර විදුහලෙන් ආරම්භ කළ බව යි. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ප්‍රමාණවත් ආහාර නො ලැබෙන බව අමාත්‍යවරයා මීට පෙර පාර්ලිමේන්තුවේ දී පිළිගත් අතර, දහවල් ආහාර වැඩසටහන සඳහා රජය වැඩි මුදලක් වෙන් කර තිබෙන බව ද ප්‍රකාශ කළ බව සඳහන්. රජය විසින් පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමට රුපියල් බිලියන 4ක් වෙන් කර…

තව කියවන්​න

2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. රජ්‍ය සේවකයින්ට 2016 වසරෙන් පසුව වැටුප් වැඩි වීමක් මෙතෙක් සිදු නොවූ බවයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කලේ . එම වසරේදී රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් සිදු වූ බවත් ඔහු සදහන් කලා. කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග මුදල් අමාත්‍යාංශයේදී පසුගිය 01 වැනිදා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී මෙම වැටුප් හා දීමනා සම්බන්ධයෙන් සලකා බලන බවට ප්‍රකාශ කළ බවද ධම්මික මුණසිංහ මහතා කියා සිටියා.

තව කියවන්​න