- ඊශ්‍රායල අගමැති ජනපති ට්‍රම්ප් හමුවෙයි
- ගම් – නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
- ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 ම ක්‍රියාත්මකයි
- අමාත්‍ය විජිත අධිකරණයට එයි
- අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
- ලංකාවේ තාවිට ඉහළ තැනක්
- ෙශ්‍රී ලංකා රජය හා ජපානය අතර සංශෝධන ගිවිසුමට කැබිනට් අනුමැතිය
- පොල් මද ආශ්රිත නිෂ්පාදන ආනයනයට කැබිනට් අනුමැතිය
Author: VNews
ස.තො.ස නිෂ්පාදන තුනක මිල අඩු කර ඇති බව නිවේදනය කර තිබෙනවා. මේ අනුව රුපියල් 210 ක්ව පැවති දේශීය රතු කැකුළු කිලෝ ග්රෑම් එකක මිළ රුපියල් 05 කින් පහල දමා තිබෙනවා. මේ අනුව එහි නව මිල වන්නේ රුපියල් 205 ක්. එමෙන්ම රුපියල් 398 ක් ලෙස පැවති රතු පරප්පු කිලෝවක මිල රුපියල් 389 ක් දක්වා රුපියල් නවයකින් මිල අඩු කර ඇති බව සඳහන්. මේ අතර ග්රෑම් 425 ලොකු ටින් මාළු ටින් එකක මිල රුපියල් 585 සිට රුපියල් 540 ක් දක්වා රුපියල් 45 කින් අඩු කර තිබෙනවා.
රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නතර කළ යුතු බවයි. ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම නිවේදනයේ සඳහන්. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ…
හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අනුරාධපුරය, පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුරය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 220 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හය දෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදි තුවාල ලැබු පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුරය මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්…
කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. ඔහු සමග දුත පිරිස විසි දෙදෙනෙකු පැමිණ සිටි බවයි වාර්තා වුණේ. ඉන්දුනීසියාවේ පැවති ජි – 20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. දිවයිනට පැමිණීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ තිබෙන විශේෂ ආරාධිත අමුතන්ගේ පර්යන්තය වෙත කැඳවා එනු ලැබුවා. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහු පිළිගැනීමෙන් පසුව ජනාධිපතිවරයා සහ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා. මෙම සුහද හමුවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු අප්‍රිකානු ජනාධිපති…
නයිජීරියාවේ, නයිජර් ඩෙල්ටාවෙන් නීති විරෝධී ලෙස බොරතෙල් ලබා ගැනීමට පැමිණි බවට හෙරොයික් ඉදුන් නම් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ එම 27 දෙනා ලබන වසරේ ජනවාරි මස 10 වනදා දක්වා නයිජීරියානු නාවික හමුදා රැකවල් යටතේ රඳවා තැබීමටයි. එම සැකකරුවන් අතර සිටින ඉන්දීය සහ පෝලන්ත ජාතිකයින් පිළිබඳ සොයා බැලීමට අදාළ රටවල තානාපති අංශ වලින් අවසර ඉල්ලා ඇති බවද නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ක්වේට් රාජ්‍ය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියානු ජාතික කාන්තාවක, ක්වේට් ජාතික කාන්තාවක, ක්වේට් ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු, සිරියානු සහ පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති බවයි. 2017 වසරෙන් පසුව එරට එක් දිනකදී සමූහ වශයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව මරණ දඩුවම නියම වී තිබූ අතර ඔවුන්ට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන විසින්ද අභියාචනා ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත්, ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත්, ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා පවසා තිබෙනවා. දකුණු කොරියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව යන රටවලට මේ වන විට කිතුල් පැණි අපනයනය කරන බව සඳහන් කර සිටින ප්‍රියන්ත කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන හෙවත් සැප් ව්‍යාපෘතිය ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන බව ද සඳහන් කර තිබෙනවා. මේ අතර කිතුල් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරිකයා වන තමන් දිස්ත්‍රික්ක 10 ක කිතුල්…
ගතවූ දින 16 තුල බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තවදුරටත් පවුල් 1027කට අයත් පුද්ගලයන් 3,618කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 22ක පුද්ගලයන් 79 දෙනෙකු ද ආරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා ඇති බවයි. අද දිනයේත් පළාත් කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි දැක්වෙන්නේ සබරගමුව , මධ්‍යම, දකුණ සග ඌව පළාත්වලත්, බස්නාහිර මෙන්ම උතුරුමැද පළාතෙත් ස්ථාන රැසකට වැසි ඇති විය හැකි බවයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ අනුව එක්දින සේවය යටතේ විදෙස්ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දැමෙනු ඇති. එමෙන්ම එක්දින සේවය යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර තුනක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 7500 යේ සිට රුපියල් 9000 දක්වා වැඩි කර තිබෙනවා. මීට අමතරව සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා වැඩි කර තිබෙනවා.
යූරියා පොහොර පිළිබඳ ගැටලු සහ ගොවිජන මධ්‍යස්ථානවලදී ගොවි ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ දැනුම්දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ අද සිට වී වගාව සඳහා හෙක්ටයාර එකකට ලබා දෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය වන කිලෝග්‍රෑම් 157 ම එක්වර ලබා දීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් එම පොහොර ලබා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසුවා. මේ අනුව යූරියා පොහොර සැපයීමේ දී සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල එම කටයුතුවලට සම්බන්ධ නිලධාරින්ගෙන් ගොවීන්ට කිසියම් හිරිහැර හෝ සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් 0718 714 219 අංකය ඔස්සේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට ඒ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222