Author: VNews

චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ මෙරට  මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මෙම පිරිස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීන සංවර්ධන බැංකුව  ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙස  කටයුතු කරනු ලබනවා.

තව කියවන්​න

කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදසිරිපත් කිරීම හේතුවෙන් දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. කතානායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සභාවට දැනුම් දෙමින්. මේ අතර විසර්ජන පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමේ කල්තබන ලද විවාදය සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් විමසා සිටියේ ඉදිරි වර්ෂයේදී ආහාර මෙන්ම ඉන්ධන ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් ලබාගන්නේ කෙසේ ද යන්නයි. මෙහිදී…

තව කියවන්​න

නව පාසල් වාරයේ පාසල් ළමුන්ට අවශ්‍ය පොත් පත්, සපත්තු, නිල ඇදුම්වල තවදුරටත් ඉහළ ගොස් ඇති බව භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයින් පවසනවා. අප වාර්තාකරු කියා සිටියේ පාසල් උපකරණවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී මේ බව අනාවරණය වූ බවයි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී පාසල් උපකරණවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා. මේ අතර රුපියල් 10 ට තිබූ බෝල්පොයින්ට් පෑනක මිල රුපියල් 30 දක්වාත්, පොත්වල පිටු ප්‍රමාණය අනුව ඒවායෙහි මිල ද රුපියල් 100 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා. සෑම පාසල් උපකරණයකම මිල ඉහළ ගොස් ඇති අතර රුපියල් 1500 ක්ව පැවති සපත්තු යුගලක මිල ද මේ…

තව කියවන්​න

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අධිකරණය නියෝග කර ඇත්තේ එම තහනම එළැඹෙන දෙසැම්බර් මස 15 වැනිදා දක්වා දිර්ඝ කිරීමටයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත් දෙකක් ඩයනා ගමගේ මහත්මිය සතුව ඇති බවට ඇයට එරෙහිව ගොනු කර ඇති නඩුව අද(17) දින යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.

තව කියවන්​න

මැති ඇමති වත්කම් ප්‍රකශ පොදු තැනක ප්‍රදර්ශනය කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් තම වත්කම් බැරකම් ප්‍රකශ මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළා. මන්ත්‍රීවරයා කතානයකවරයාට යෝජනා කර සිටියේ ඒ සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඉඩ වෙන් කර දෙන ලෙසයි.

තව කියවන්​න

මසකට කෙසෙල් මෙට්්‍රක් ටොන් 20,000 ක් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැළකිල්ල හේතුවෙන් අහිමි වී ඇති බවට වාර්තා වනවා. දෙරට අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව කෙසෙල් වගා කරන ගොවීන් 150 කගේ ජීවදත්ත චීන රජයට ලබාදී කෙසෙල් චීනයට අපනයනය කිරීමටයි සැළසුම් කර තිබුණේ. මේ අනුව සතියකට කෙසෙල් මෙට්්‍රක් ටොන් 500 බැගින් මසකට ටොන් 2000 ක කෙසෙල් චීනයට අපනයනය කිරීමටයි අදාළ ගිවිසුමට අනුව එකඟ වී ඇත්තේ. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු නොවීම හේතුවෙන් කෙසෙල් අපනයනය අහිමි වී තිබෙනවා.

තව කියවන්​න

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ උඩරට පේරාදෙණිය සහ පිළිමතලාව අතර එළුගොඩ ප්‍රදේශයේ දී දුම්රියක් පීලිපැනිමට ලක්ව තිබීම හේතුවෙන්. අද උදෑසන පීලිපැනීම සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මහව කාර්යාල දුම්රියද අද ප්‍රමාද වී ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසල හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවේ ගැටී එයද බිඳ දමමින් ගමන් කිරීමත් සමග ගාල්ල බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටී තිබෙනවා. මියගොස් ඇත්තේ 40ක් හැවිරිදි හීනටිය ප්‍රදේශයේ පදිංචිව සිටි…

තව කියවන්​න

ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඇප ලබාදී තිබෙනවා. ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයෙ(16) අවසර ලැබුණු අතර ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හි ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවනු ලැබුවා. ධනුෂ්කට ඇප ලබාදී ඇත්තේ යළි ඩොලර් 150,000ක ඇපයක් සහ ශ්‍රී ලංකාවට නොයන බවටත් යන එන තැන් සොයා ගැනීමට භාවිත කරනු ලබන ට්‍රැකින් බ්‍රේස්ලට් එකක් පැළඳීමටත් එකඟවීමෙන් අනතුරුව ඔහුට ඇප ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම ඔහුගේ නීතිඥයින් ඉදිරියේ හැර ටින්ඩර් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුලු දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශවීම සම්බන්ධයෙන්ද…

තව කියවන්​න

මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු ඉහළ දමා තිබෙනවා. ප්‍රවාහන නහා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිකුත් කල ඇති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධන බලාත්මක බවයි. ඒ අනුව මෝටර් වාහනයක් සාමන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ලේඛනයට ඇතුලත් කිරීම සඳහා ගාස්තුව රුපියල් 2,000ක්. එහි ප්‍රමුඛතා පදනම මත ගාස්තුව රුපියල් 3,000ක් ලෙසයි දක්වා ඇත්තේ. එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4,000ක් . ප්‍රමාද වී ලියාපදිංචි කිරිමේ ගාස්තු ද ඉහළ දමා තිබෙනවා. මෝටර් රථයක් දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩිකර ඇති අතර යතුරු පැදියක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව රුපියල් 50ක් වනවා. ලියාපදිංචි වාහනයේ සහතිකයේ…

තව කියවන්​න

සෙට්ටිකුලම පොලිස් වසමේ, පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 09 ක් වූ පිරිමි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. එම දරුවා, මව සහ සහෝදරිය සමග ජීවත්ව ඇති අතර, සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ ඇති ළිඳට මෙලෙස වැටී තිබෙනවා. පසුව මව සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා ගොඩට ගෙන රෝහල්ගත කළද ඒ වන විටත් දරුවා මිය ගොස් සිටි බව අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තව කියවන්​න