Author: VNews

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 320 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වු මන්ත්‍රි කණ්ඩායම නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජණය කරන මැති ඇමතිවරුවන් පිරිසක් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රසිංහ මහතාට සහය දැක්වීමට එක්ව සිටිනවා.

තව කියවන්​න

ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ . එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවයි .

තව කියවන්​න

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසනවා. පාර්ලිමේන්තු මහලේකම් කුෂානී රෝහණධීර මහත්මිය සඳහන් කළේ, ඔවුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව මෙතෙක් පාර්ලිමේන්තුවට ලැබී නොමැති බවයි. ඒ අනුව හෙට එම අධිකරණ තීන්දුව ලබාගෙන, මැතිවරණ කොමිසම දැනුවත් කරන බව, ඇය සඳහන් කළා. මේ අතර මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධුරයට, සමගි ජන බලවේගයේ මනාප ලැයිස්තුව අනුව, බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කිරීමට නියමිතයි. හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ඉදිරියේදී අයෙකු නම් කරන බවයි සමගි ජන බලවේගය සදහන් කළේ. මේ එම මන්ත්‍රිධුරය සදහා හිටපු පාර්ලිමේන්තු…

තව කියවන්​න

ව්‍යාපර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ , වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා. එමෙන්ම මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

අතුරුගිරියේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි ගායන ශිල්පිනි කේ සුජීවා මහත්මිය රෝහලෙන් පිටවගොස් තිබෙනවා. ටැටු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකදී ඇය වෙඩි ප්‍රහාරයකට ලක්වු අතර පසුව ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව කේ.සුජීවා මහත්මිය පෞද්ගලික රෝහලකද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.

තව කියවන්​න

අසාර්ථක හම්බන්තොට වරාය සාර්ථක තත්ත්වයට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) සමගි විහිදුම් බළගණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්. අපි විවිධ ජාත්‍යන්තර ආයෝජන හරහා මෙරට ඇති අසාර්ථක ව්‍යාපෘතී සාර්ථක ව්‍යාපෘති බවට පත් කරන්න තමා මෙන්ම තමාගේ කණ්ඩායම සුදානම් බව විපක්ෂනායකවරයා අවධාරණය කර සිටියා

තව කියවන්​න

විදුහල්පති සේවයේ උසස්වීම් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට හේතුව ලෙස එම අමාත්‍යාංශය දක්වා ඇත්තේ, විදුහල්පති සේවයේ විශාල පිරිසක් එම ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය අසමත් වීමත් විදුහල්පති සේවයේ වෘත්තිය සංගම්වල දැඩි ඉල්ලීමත් හේතුවෙන්.

තව කියවන්​න

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණය නිවේදනය කරන්නේ

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වූ බවයි.

තව කියවන්​න