- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
රටකට විය හැකි සියලුම විනාශයන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ ගාල්ල ආසන සමුළුවට එක්වෙමින් . මේ අතර රට ආර්ථික වශයෙන් කඩා වැටිමට වසර 72 ක් මෙරට පාලනය කල සියළු දෙනා වගකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු සදහන් කලේ රටේ ආර්ථිකය කඩා වැටිමට ප්‍රධාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණද වගකිය යුතු බවයි. නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළා .
විශේෂ ආරක්ෂාවක් මැද බැසිල් රාජපක්ෂ දිවයිනට- පිළිගැනීම සදහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රැසක් කටුනායකට
හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපලින් යලි ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු මීට මාසයකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුනා. බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු,ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි,ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර,පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා. එම අවස්ථවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ පක්ෂය ප්‍රවර්ධනය කිරීමට සහ පක්ෂයේ ඉදිරි කටයුතු කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතා යලි දිවයිනට පැමිණි බවයි. මෙම පැමිණීම පක්ෂයට ශක්තියක් බවද ඔහු සදහන් කළා . රටේ ජනතාව…
ගණිකා නිවාස 03 ක් වටලා සැකකාරියන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව පොලිසිය පැවසුවේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇති බවයි. ගණිකා නිවාස කළමනාකරණය සහ ඊට සහාය වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් කාන්තාවන් මාරවිල, පානදුර, පිටිගල, හාලිඇල, වැල්ලවාන, පැල්තොට හා මහපොතනෑව ප්‍රදේශවල පදිංචිකාරියන් බවටයි හඳුනාගෙන ඇත්තේ. ඔවුන් අවුරුදු 21 ත් 46 ත් අතර පසුවනවා. සැකකාරියන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
දෙසැම්බර් මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එකඟතාවයට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයන් පවසනවා. ඒ ප්‍රධාන ද්වීපාර්ශ්වික ණයහිමියා වන චීනය, ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් අමෙරිකාවේ වොෂිංටන්හි විශ්ලේෂකයන් කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ එසේ වුවහොත් ණය ලබා ගැනීම ලබන වසරේ මාර්තු දක්වා ප්‍රමදවනු ඇති බවයි. අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් වසර 04ක් සඳහා ලබාගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම් කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊට අදාළ කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබුනා. එහි මීලඟ පියවර සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ යුතු අතර ඒ සඳහා මේ වනවිට සාකච්ඡා…
නූතන මැලේසියාව ගොඩනැගූ ප්‍රකට නායක හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට පාර්ලිමේන්තු අසුන අහිමිවී තිබෙනවා. ඒ වසර 53ක පාර්ලිමේන්තු දිවිය අවසන් කරමින්. එරට 15 වන මහමැතිවරණය ඊයේ පවත් වුනා. කෙසේ වෙතත් මහතිර් මොහොමඩ්ට මැතිවරණය සඳහා තැන්පත් කළ මුදල පවා අහිමිවී ඇත්තේ ඊට සරිලන ඡන්ද ප්‍රතිශතයවත් ලබා ගැනීමට නොහැකිවීමෙන්. පෙජුආන්ග් පක්ෂයට නායකත්වය දුන් 97 හැවිරිදි ඔහුගේ මැතිවරණ ආසනයෙන් ලබා ගෙන ඇත්තේ ප්‍රකාශිත වලංගු ඡන්ද 47,500 න් ඡන්ද 4,566 ක් පමණයි. මැතිවරණ කොමිසමට අනුව එම ආසනය දිනාගනු ලැබුවේ පෙරිකාටන් ජාතික සන්ධානය නියෝජනය කරන අපේක්ෂකයායි. මහතිර් මොහොමඩ් පවසන්නේ ඡන්ද ප්‍රතිඵලය පිළිගත නොහැකි බවයි. මහතිර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා වසර 22 ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා…
දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන චෝදනා හේතුවෙන් එම තීරණය ගත් බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දුම්රිය මාර්ගවල පවතින දෝෂ සහ නඩත්තු කටයුතු හමුවේ දුම්රිය වේග සීමා පැනවීමත් සමග සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමේ දී ගැටලු පැන නැගී තිබෙනවා. ඒ අනුව කාර්යාල සේවකයින් පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන ලබන සතියේ සිට දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනවා . ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හැදින්වෙන පාපන්දු ක්‍රීඩාවේ ලෝක කුසලානය වසර 92 ක් පුරා මේ දක්වා පවත්වා තිබෙනවා . කටාර් රාජ්‍යයේදී අද රාත්‍රියේ සිට ඇරබෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් .
සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්. මන්ත්‍රීවරුන් සඳහා පසුගිය වසරේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් විමධ්‍යගත අරමුදල් ලෙස හිමිව තිබුනා. මෙම වසරේ වසරේ එය මෙතෙක් ලැබී නොමැති බවයි මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ. ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන් ට සිය ගම්වල සංවර්ධන කටයුතු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල මුදල් වෙන්කර ගනු ලැබුවද ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොමැති මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම හමුවේ ගම්වල කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වී…
රාජ්‍ය ආයතන දහයක් සහ පෞද්ගලික ආයතන දෙකක් ගුවන් යානා ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. නවතම වාර්තාවක සඳහන් වන්නේ වර්ෂ තුනක කාලයක සිට මෙම මුදල අයකර ගෙන නොමැති බවයි. මේ ආදායම මුදල් රෙගුලාසි 128 (2) ප්‍රකාරව අප්‍රමාදව එකතු කර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබෙනවා. ගුවන් හමුදාවට ලැබිය යුතු හිඟ මුදල් අදාල අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා නිරවුල් කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබියදීත් එම නියෝගයට පටහැනිව හිඟ මුදලින් රුපියල් 58 ලක්ෂයකට වැඩි මුදලක් රජයට සිදු වූ පාඩුවක්…
ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්යන්ත් වීරමන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා . ඒ මිනිස් වෙළෙඳාමේ නිරතව අත්අඩංගුවට පත් මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් සහ එම වෙළදාමේ නිරත තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුට විරුද්දවයි . මෙලෙස පැමිණිලි කර ඇත්තේ තම නිවසේ කලක් සේවය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නීතීවිරෝධි ක්‍රියා හේතුවෙන් පිඩාවට පත්වීම හේතුවෙන් . මේ අතර ඕමානයේදී අසරණ වන ශ්‍රී ලාංකික කාන්තාවන් එරට තානාපති කාර්යාලයට පැමිණි පසු එම කාර්යාලයේ නිලධාරියෙකුගේ හිංසනයට ලක්වන බව ද වාර්තා වනවා . කෙසේ වෙතත් මේ වන විට එම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222