Author: VNews

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධිය සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වනවා. කෙසේවෙතත් තමන් මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත් ඒ හේතුවෙන් තමන්ටද තර්ජන එල්ල වී ඇති බවත් පවසමින් විදේශ රැකියා අමාත්‍යවරයාට ඔහු ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා .

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුනා. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි. මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බලනු ලැබුවා. අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව සමග සුහද කථා බහක නිරත වී තිබෙනවා.

තව කියවන්​න

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල්මර්දනය සඳහා විශාල බලපෑමක් එල්ල කළ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසන්නේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳ ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුලු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසේට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සදහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි.…

තව කියවන්​න

පාසල් උපකරණ සදහා යොදවා ඇති සෙස් බදු ඉවත් කිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයනත් මහතා පවසනවා . සෙස් බද්ද නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වන්නේ නම්, එය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කළා . අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයනත් මහතා මේ බව ප්‍රකාශ කලේ අද පැවති මාධ්‍ය හමුවකදී

තව කියවන්​න

අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. අධිවේගී මාර්ගයේ බස් රථ හිමියන් ගෙන් අයකරන අධික ටෙන්ඩර් ගාස්තුව අඩුකිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව එකගතාවයට පැමිණිම හේතුවෙන් මෙම තීරණය ගත බවයි ඔහු සදහන් කලේ .

තව කියවන්​න

සමගි ජන බලවේගය කිසිදු පක්ෂයක් සමග ගිවිසුම් ගත වී නොමැති බව එම පක්ෂයේ පර්ලිම්නේතු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය සමග රහස් සාකච්චා පවත්වන බවට අසත්‍ය ප්‍රචාර පැතිර යන බවද ඔහු සදහන් කළා . මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සදහන් කලේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් .

තව කියවන්​න

අලි මිනිස් ගැටුම 90%කින් අවසන් කරන බව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එමෙන්ම අලිමංකඩ 16ක් සමබන්ධයෙන් තොරතුරු ලැබී බවත් ඔහු සදහන් කළා . එමෙන්ම යම් අලිමංකඩ අවට යම් පුද්ගයින් නිවාස ඉදි කර ඇත්නම් ඔහුන් ඉවත් කිරීමට ක්‍රියා කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ .

තව කියවන්​න

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ද තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සදහන් කලේ.මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් විසින් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසිපහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත්ක ටයුතුකම් සදහා අලෙවි කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන බව සදහන්. මේ වනවිට අබුඩාබි , ඩුබායි සහ ඕමානයේ…

තව කියවන්​න

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, දකුණු මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා, වර්ධනය වී තමිල්නාඩු පුදුවේරි වෙරළට ළඟාවීමේ හැකියාවක් පවතින බව,යි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එබැවින්, ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරේ සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස, ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. මේ අතර කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු…

තව කියවන්​න

පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු හැඳුණුම්පත් නැති වූ අවස්ථාවලදී ඒ බව නොදන්වා යළි හැඳුණුම්පත් ලබා ගැනීමට ඉල්ලුම්පතක් යොමු කර ඇති නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇති බව සදහන්. මේ අතර දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම්පත සඳහා ජාතික හැඳුණුපත නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් දෙවන වරට නැවත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 250ක දඩ මුදලක් අය කිරීමටද තීරණය කර තිබෙනවා. එමෙන්ම අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2500 ක් ද, ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස…

තව කියවන්​න