- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එමෙන්ම ලබන මාසයේ සිට ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සදහන් කළා . අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින්. ඉදිරියේදී ඉන්ධන කෝටාවෙන් බැහැරව සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ වූ පසු,දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කලා.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. රැකියා සඳහා විදෙස් ගතවු ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවිධ හිංසන සිදුකළ බවට ලද තොරතුරු මත සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව එම වැඩතහනම සිදුකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ. එලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ ඊ. කේ කුෂාන් නැමැති පුද්ගලයෙක්. ඔහු මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කාර්යංශය වැඩිදුරටත් සදහන් කලා. මීට අමතරව මුහුණු පොතෙ දැන්වීමක් පළකර අනුව රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක් වටලා විදේශිකයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති…
ඩුබායි සහ ඕමාන් රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ බවට පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙසැම්බර් මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් ඕමානයේ සහ අබුඩාබි වෙත කාන්තාවන් රැකියා සඳහා යෙදවූ ප්‍රධාන සැකකරුවෙකුගේ මෙරට උප නියෝජිතයා එලෙසයි ඊයේ පස්වරුවේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්. පොලිසිය පැවසුවේ ඔහු කාන්තාවන් රවටා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන පවසා රැකියා නියෝජිතායතනයක් මගින් කාන්තාවන් විදෙස්ගත කර ඇති බවයි. මෙලෙස වංචනික ලෙස විදේශ…
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දකුණු මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ එමෙන්ම මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුලදි තමිල්නාඩු පුදුචෙරි වෙරළ වෙත ළගාවීමේ වැඩි හැකියාවක් පවතිනවා. උතුරු අක්ෂාංශ 08ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 80 සහ 87ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක්…
උප්පැන්න සහතිකයට නව සංශෝධන කිහිපයක් එක් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නව උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයා වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කෙරෙනු ඇති. එමෙන්ම මෙතෙක් කල් සළකා බැලුණු මව්පියන්ගේ විවාහය සඳහා වන කොටස ද නව සංශෝධන යටතේ ඉවත් කළ බවයි රෙජ්ස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා ප්‍රකාශ කලේ.
නිසි බර ප්‍රමාණ වලින් යුක්තදැයි තහවුරු කිරීමෙන් අනතුරුව ගොවීන්ට යූරියා පොහොර නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, බෙදා හැර ඇති යූරියා පොහොරවල නිසි බර නොමැති බවට මේ වනවිට එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින්. පසුගියදා පේමඩුව පොහොර ගබඩාව මගින් නිකුත් කරන යූරියා පොහොර මිටිවල නිසි බර නොමැති බවට මෙලෙස චෝදනා එල්ලවුණා. ඒ අනුව මේ වනවිටත් නෛතික කටයුතු අවසන් වන තුරු පේමඩුව පොහොර ගබඩාව මුද්‍රා තැබීමටයි ලංකා කොමර්ෂල් පොහොර සමාගම පියවර ගෙන ඇත්තේ. කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මහ කන්නයේ වී සහ බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යූරියා පොහොර මේ වනවිට…
දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවීමට ක්‍රියා කලේ නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කලා. මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා තමන් ගන්නා අපහසු තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනතාව අබෝධයෙන් යුතුව ක්‍රියා කරනු ඇති බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනාධිපතිවරයා මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලු අතර එම ගැටලු වලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මන්නාරම නගරයට පැමිණි ජනාධිපතිවරයා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලුවා. අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධීවර ප්‍රජාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කළා. එමෙන්ම නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බවයි…
විශ්වයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හැදින්වෙන පාපන්දු ක්‍රීඩාවේ 22 වන ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වනවා. මෙම තරගාවලියේ ආරම්භක තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ටයි ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. සමාරම්භක තරගය සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝර කණ්ඩායම අතර පැවැත්වෙනවා. කෙසේ වෙතත් ආබාධවලට ලක්වීම හේතුවෙන් ක්‍රීඩකයින් දසදෙනෙකුට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අහිමිවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශය, සෙනගාල්, ජර්මනිය, පෘතුගාලය, මොරොක්කෝව, බ්‍රසීලය, ජපානය, ඝානා සහ ආජන්ටිනාව යන රටවල පාපන්දු කණ්ඩායම් වල ක්‍රීඩකයින්ට මෙලෙස පාපන්දු ලෝක කුසලානය අහිමිවී ඇති බවයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 18 තුවාල තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා එම අවස්ථාවේ අත් අඩංගුවට ගත් බවයි. වෙඩික්කරුට තුවාල සිදුව තීබිම හේතුවෙන් ඔහු ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවයි ඇමෙරිකාවේ කොලරාඩෝ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ කෙසේ වෙතත් සැකකරු වෙඩි තැබීම සිදු කිරීමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නැහැ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222