Author: VNews
අද පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් ‘ග්‍රාම නිලධාරීන්’ දියත් කළ වැඩවර්ජනය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය පවසනවා. ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් සන්ධානය පවසන්නේ, වර්ජන ක්‍රියාමාර්ගය සතියක් පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එම සතිය කළු සතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මේවා ඉකුත් වසරේදී නිකුත් කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනූව යුද හමුදාවේ 437කට නාවික හමුදාවේ 167කට ගුවන් හමුදාවේ 115කට මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 40කට සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ 25දෙනකුටද තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා.
වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක අලි දිනය අද සැමරෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන විලියම් ශන්ටර් විසින් තායිලන්තයේ දී වන අලි සම්බන්ධව නිර්මාණය කරන ලද චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලි සම්බන්ධව පළ කළ කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් 2012 වසරේදි ලෝක අලි දිනය නම් කෙරුණා.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නිරීක්ෂකයින් රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබා දී ඇති බවයි පැවසෙන්නේ. ඒ අනූව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින්ට අවසරය ලබා දී තිබෙන අතර ඉදිරියේදී ඔවුන් මෙරටට පැමිණීමට නියමිතයි.
නව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දී තිබෙනවා. ඒ, එම ධුරයේ සිටි විජයදාස රාජපක්ෂ මීට පෙර ධුරයෙන් ඉවත් වූ නිසයි.
2024 පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන් වීමට නියමිතව තිබෙනවා. ජුලි 26 වනදා ආරම්භ වුණු ඔලිම්පික් උලෙළ දින 15කට වැඩි කාලයක් පැවැත්වුණා. ක්‍රිඩා ඉසව් 32 කට අදාළව තරග 329ක් සදහා ක්‍රිඩක , ක්‍රිඩිකාවන් 10 714 දෙනෙකු එක්ව සිටියා. මෙවර ඔලිම්පක් උලෙළේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම චීනය සමත්ව තිබෙනවා. ඔවුන්ට හිමිව ඇති රන් පදක්කම් සංඛ්‍යාව 39ක්. එමෙන්ම ඇමරිකාව රන් පදක්කම් 38 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. පදක්කම් සටහනේ තුන්වන ස්ථානයට පත්ව ඇති ඔස්ටේ්‍රලියාව රන් පදක්කම් 18ක් දිනාගෙන තිබෙනවා.
පර්සියස් උල්කාපත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේදී ශ්‍රි ලාංකික ජනතාවට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. ඔහු පැවසුවේ පර්සියස් තාරුකා රාශිය ආශ්‍රිතව මෙය දැකගත හැකි බවත් මෙහිදී පැයකට උල්කාපාත 100ක් පමණ දැකගත හැකි බවයි ගිහාන් වීරසේකර මහතා සදහන් කළේ.
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛාව තවදුරටත් ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ගෙවුණු පැය 24 තුළ මැතිවරණයට අදාළව පැමිණිලි 51ක් වාර්තා වු බවයි. එමෙන්ම ජුලි 31 වනදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 230ක් වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභා සදහන් කළා. ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ලබන 14 වනදා අවසන් වන අතර නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා සිදුකිරීමට නියමිතයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.
සර්බියාවේ ලිතියම් කැණිමේ ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා. අදාළ ලිතියම් කැණිමේ ව්‍යාපෘතිය හරහා භූගත ජලය දූෂණය වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් එම ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අත්හිටුවන ලෙස ඔවුන් රජයට බල කර සිටිනවා.
ජනාධිපතිවරණය සඳහා සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි සතිය තුළ ජන ගත කරන බව සමගි ජන බලවේගය පවසනවා. විද්වත් සභාවක් විසින් සකස් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශක කෙටුම්පත මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී ඇති බව සදහන්. ඒ අනුව ඔහුගේ අවසන් තීරණයෙන් පසුව එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වන දා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222