Author: VNews

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම නීතිඥ ආර්. එස්. පී. රණසුරිය විසින් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) දහවල් අවසන් වුණි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ. ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26වන දින ආරම්භ වු අතර එය අද (14) මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණි.

තව කියවන්​න

මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් අද පරීක්ෂා කිරීමේදීයි.

තව කියවන්​න

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහ පෙරහැර පැවැත්වෙන සමයේ, මහනුවර නගරය ආශ්‍රිතව ඇති බලපතුලක් සුරාසැල් වසා තැබීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

තව කියවන්​න

රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලෝන් මස්ක් අතර පැවති සම්මුඛ සාකච්ඡාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එලෝන් මස්ක්ට අයත් එක්ස් ගිණුම මගින් මෙම සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීමට නියමිතව තිබියදී එම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව සදහන්. ඒ අනුව විනාඩි 45 ක්, ප්‍රමාද වී ආරම්භ වූ එම සම්මුඛ සාකච්ඡාව පැය දෙකක කාලයක් පවත්වා තිබෙනවා.

තව කියවන්​න

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් මුදල් අවභාවිත කළ බවට ගොනු කරන ලද අල්ලස් නඩුවකින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. යුනුස් මෙම නඩුවෙන් නිදහස ලබා ඇත්තේ,කම්කරු නීති උල්ලංඝණය කිරීමේ නඩුවකින් නිදහස් වී දින හතරකට පසුවයි. බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක, නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණේ, එරට දූෂණ විරෝධී කොමිසමයි.

තව කියවන්​න

අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ පුද්ගලයින් 47,690 දෙනෙකු පසුගිය වසරේ මියගොස් තිබෙනවා. ගෝලීය සෞඛ්‍ය පිළිබද බාර්සිලෝනා ආයතනය සිදු කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර වැඩිම මරණ අනුපාතයක් වාර්තා වී ඇත්තේ, ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ බල්ගේරියාව යන රටවලින්.

තව කියවන්​න

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරින් සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කරනු ලැබ ඇති අතර, අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

තව කියවන්​න

2028 ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මීළග ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, වසර 128කට පසුවයි.

තව කියවන්​න