Author: VNews

බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය නැරබිම තාවකාලිකව වසා දමා තිබෙනවා. අද දහවල් එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 25 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි සිගිරිය පොලිසිය සදහන් කළේ කෙසේ වෙතත්, 08 දෙනෙකු හැර ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සීගිරිය රෝහල ප්‍රකාශ කළේ.

තව කියවන්​න

ඉහළ කොත්මලේ ජලාශයේ තිබි තරුණයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම මළසිරුර තලවකැලේ වත්තේ ඉහළ කොටසේ පදිංචි තරුණයෙකුගේ බවට හදුනාගෙන ඇති බවයි. ඔහු දින කිහිපයක සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර ඒ පිළිබද තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.

තව කියවන්​න

නවතම ජාත්‍යන්තර ටෙස්ට් හා එක්දින ක්‍රිකට් පිතිකරුවන් සහ පන්දුයවන්නන් වර්ගීකරණය අයි.සී.සීය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ටෙස්ට් පිතිකරුවන් අතර පළමුවන ස්ථානය එංගලන්තයේ ජෝ රුට් ට හිමිව ඇති අතර එක්දින පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණේ පසුවන්නේ පාකිස්ථානයේ බාබර් ආසාම්. එමෙන්ම අයි.සී.සීය විසින් ප්‍රකාශයට පත්කළ නවතම වර්ගීකරණයට අනුව ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් පන්දු යවන්නන් අතර තවදුරටත් පළමු තැන පසුවනවා. එක්දින පන්දුයන්නන් අතර පළමු තැන හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාණු ක්‍රිකඩ කේෂව් මහරාජ්ටයි.

තව කියවන්​න

ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් ලබා ගත් 07 දෙනෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජගිරිය ප්‍රදේශයේ දී කළ වැටලීමකදීයි. කෝටි 03ක මුදල් ලබා ගන්නා අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළා. අත්අඩංගුවට ගත් පිරිස අතරට පක්ෂ ලේකම්වරයා ද ඇතුළත්වනවා. ජනක රත්නායක මහතා අද පෙරවරුවේ මෙම පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබුණා.

තව කියවන්​න

මනුෂ නානායක්කාර මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කළා. බණ්ඩාරිගොඩ මහතා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව තිබුණා. මේ අතර හරීන් ප්‍රනාන්දු මහතාගේන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සදහා ඉදිරියේදී අයෙකු නම් කිරීමට නියමිතයි. ඒ සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා මහතාගේ නම යෝජනා වී තිබෙනවා.

තව කියවන්​න

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති යෝජනාවත් සලකා බලමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා, බදු පරාසය පුළුල් කිරීම සඳහා යෝජනා කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව, විද්වතුන් ඇතුළු මධ්‍යම පාන්තික ප්‍රජාව වෙත ප්‍රතිලාභ ගෙන දෙන බැවින් ඒ පිළිබඳ සිය අවධානය යොමුවී ඇති බව ද සඳහන් කළේය. එමෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත්…

තව කියවන්​න

එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

තව කියවන්​න

එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

තව කියවන්​න

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

තව කියවන්​න

2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා දින අවසන් වේ. තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 26 වන සඳුදා ආරම්භ වේ.

තව කියවන්​න