- අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
- CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
- ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
- පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
- ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
- අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනයට සැලසුම්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දිසියක් අද
- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්‍ෂ අතර හමුවක්
Author: VNews
2024 ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 437ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළයි මෙම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ. මෙවර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙනුයි. එමෙන්ම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද එක් පැමිණිල්ලක් වාර්තා වන මැතිවරණ කොමිසම සදහන් කළා.
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සදහන් කළේ පාර්ලිමේන්තුව ලබන 21 වනදා පමණක් රැස්වන බවයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව ලබන 21 වනදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කරමින්, එම දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ස්ථාපිත කෙරුණු; යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන Ship-in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කිරීම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී, ගරු ජූලි චංග් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතානගේ ගේ සහභාගිත්වයෙන් අද දින (2024 අගෝස්තු මස 15) කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි. සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් සහ ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සූදානම…
හැත්තෑ අටවන ඉන්දීය නිදහස් දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුම් උත්සවයක්, මහනුවර සහකාර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේදි (15) පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම උත්සවයේදී ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මු විසින් ඉදිරිපත් නිදහස් දින පණිවිඩය මහනුවර, ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මහත්මිය ඉදිරිපත් කිරිම සිදු කළාය.මෙම උත්සවයයට සමගමීව ඉන්දීය සංස්කෘතික අංග කිහිපයක් ද ඉදිරිපත් කෙරිණි.. මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,මහනුවර හිටපු පුරපති කේසර ඩී. සේනානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්‍නකෝන් යන මහත්වරුන් ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ආසාද්මිකතාවක් හේතුවෙන් අනුරාධපුර , තිරප්පනේ විදුහලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. අදාළ පාසලේ විදුහල්පතිවරයා පැවසුවේ හතරවන ශ්‍රේණියේ සිසුන් පිරිසකට මෙම ආසාද්මිකතාව හටගෙන ඇති බවයි. එම සිසුන් මේ වන විට මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙකු එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඉෂාක් රහුමාන්, අලි සබි්‍ර රහීම් සහ එස්.එම්.එම් මුෂාරෆ් යන මන්ත්‍රිවරුන් තිදෙනා විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. කෙසේවෙතත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ පැවසුවේ තම පක්ෂය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන බවයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනය නිමා වන විට තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 139ක් පමණයි. ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටින එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 145ක් රැස්කරගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ – කොටුවූ දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගි බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ , ගුවන් සේවා සමාගම විසින් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය සහ පෞද්ගලික බස් රථ සමාගමක් සමග ඒකාබද්ධවයි මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇත්තේ. සංචාරකයින් සහ ගුවන් මගීන්ගේ පහසුව සදහා නව බස් සේවාව ආරම්භ කර ඇති අතර ඒ සදහා බස් රථ 10ක් යොදවා තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඌරුමලේ සහ පරණ පාලම වෙරළ ප්‍රදේශ අශ්‍රිතව 2024 අගෝස්තු මස 11 සහ 12 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, එම වෙරළ ප්‍රදේශ වෙත ගසාගෙන එන ලද බීඩි කොළ කිලෝ දෙසිය අටක (208) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් 2024 අගෝස්තු මස 11 සහ 12 දෙදින තලෙයිමන්නාරම ඌරුමලේ සහ පරණ පාලම වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයට ගසාගෙන විත් තිබූ උර තුනක් (03) සහ පාර්සල් දෙකක් (02) පරීක්‍ෂා කෙරිණි. එහිදී එම උර සහ පාර්සල් තුළ අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය අටක (208) ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු…
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවලට එකඟතාවය පළකරමින් සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (14) දින සන්ධාන ගත විය. මෙම සන්ධානගත වීමේ ප්‍රධානම අරමුණ වන්නේ මිලියන විසිදෙකක් වන ජනතාවගේ නිදහස, ආර්ථික සමෘද්ධිය සහ සමාජීය යහපත උදෙසා අනාගතයේදී ස්ථාවර, ශක්තිමත්, දූරදර්ශී රාජ්‍යයක් බිහි කිරීමයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222