- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
2023 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් 20 වැනිදා දක්වා ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ මේ හේතුවෙන් ගැටලුකාරි තත්ත්වයක් ඉදිරියේ දී උද්ගත නොවන බවයි. ගල්අඟුරු මොටි්‍රක්ටොන් 60,000 බැගින් වන නෞකා 33 ත් 38 ත් අතර සංඛ්‍යාවක් වසරක විදුලි ජනනයට අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළා. එමෙන්ම මෙම වසරට ඇස්තමේන්තු කර ඇති ගල්අඟුරු නෞකා 33 න් 4 ක් පසුගිය මාසයේදී කොළඹට ළගා වූ බවයි නලින්ද ඉලංගකෝන් මහතා කියා සිටියේ. අදාළ නෞකා 24 න් 21 ක ප්‍රසම්පාදන නියෝග නිකුත් කර ඇති බවත් නෞකා 12 ක…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා. ඒ, පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවෙන් කරුණු විමසීම හේතුවෙන්. කැබිනට් නිර්දේශයකට අනුව විදුලිබල මණ්ඩලය බාහිර ආයතන 18 ක් මෙන්ම තවත් ආයතන 4 කට පැවරීමට යෝජිත බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ. එබැවින් විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කළ බව එම පාර්ශව ජනතා අපේක්ෂාවෙන් බැහැරට ගොස් ඔවුන්ගේ ලාබය පමණක් අරමුණු කරගන්නා බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා. විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊට ප්‍රතිචාර දැක්වූ අතර එහිදී ඇති වූ සංවාදයයි මේ.
අද දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා. රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඊට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණයට එරෙහිව සහ උද්දමන දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතා ක්‍රියාත්මකයි. කොළඹ ජාතික රෝහලේ සේවකයින් තම ඉල්ලීම් සහිත විවිධ පුවරු රැගෙන පා ගමනක නිරත වුණා. මේ හේතුවෙන් පුරහල අවට රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබුණා. කෑගල්ල රෝහල් සේවකයින්ද විරෝධතාවක නිරත වීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.
දූෂිත දේශපාලනඥයින්ගෙන් රට බේරා ගැනීම අරමුණු කරගනිමින් ජනතාව පෙළගැස්වීමේ වැඩසටහන මිහින්තලය පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළා. ඒ, මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන්. ඊට සර්ව ආගමික නායකයින් එක්ව සිටියා. මේ එහිදී කරුණු දැක් වූ පරසන්ගස්වැව අභයරාජ පුරාණ සේනාසනාධිපති පූජ්‍ය පාගොඩ ඡන්තවංශ හිමියන්. මේ අතර පාර්ලිමේන්තු නියෝජිතයින් සම්බන්ධයෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මාධ්‍ය හමුවකදී කරුණු දක්වා සිටියා.
2022 සඳහා ලොව පුරා සිටින බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද ඇතුළත් කර තිබෙනවා. තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරන්නියක් ලෙස සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙසයි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හඳුන්වා ඇත්තේ. ඇයගේ සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 වසරේදී අතුරුදන් වූ අතර ඔහු එවකට පවතී රජය දැඩි ලෙස විවේචනයට ලක් කල පුද්ගලයෙක් බව සඳහන්. ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වූ දා සිට දෙදරු මවක් වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය යුක්තිය පතා විවිධ අරගළ සිදු කරනු ලැබුවා.
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මැන්ඩුවොස්, සුළි කුණාටුව බවට වර්ධනය වී තිබෙනවා. එය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දිනයේදී නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්ණාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව සඳහන්. මේ හේතුවෙන් දිවයිනේ උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1602 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 390 ක් වනවා. එමෙන්මකොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 272 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. ඊට අමතරව පසුගිය සතිය තුළ කල්මුනේ, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවල ද සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සඳහන්. ඒ අනුව මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 68 දහස් 928 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
පීලි පැනීමක් හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කර තිබෙනවා. බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ එක් මැදිරියක් නානුඔය සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතරතුරදී මෙලෙස පිලි පැනීමට ලක්වුණා. මේ හේතුවෙන් දුම්රිය මර්ගයට අලභාහනි සිදුව ඇති බව සඳහන්. මෙලෙස දුම්රිය පිලිපනිමට ලක්වෙම නිසා කොළඹ සිට බදුල්ල බල ධාවනය වූ තැපැල් දුම්රිය අද අලුයම 03 සිට උදැසන 08 දක්වා හැටන් දුම්රිය ස්ථානයේ නවතා තිබුණා.
දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. එබැවින් ස්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘධ වැඩිහිටියන් මෙන්ම ගැබිණි මව්වරුන් විසින් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධව ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ මහතා කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් බවත්, එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
සරසවි සඳහා සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කෙරෙන බව එම කොමිසම පවසනවා. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ එම ලියාපදිංචි කිරීමේ කටයුතු සති දෙකක කාලයක් තුළ දී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබු පාඨමාලා පිළිබඳ සිසුන් මේ වන විටත් දැනුවත් කර තිබෙනවා. පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා කඩඉම් ලකුණු පසුගිය 02 වනදා නිකුත් කරනු ලැබුවා. ජනවාරි මාසයේ සිට ක්‍රමානුකූලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222