Author: VNews

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේත්, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී.…

තව කියවන්​න

චාමික කරුණාරත්නගේ හා අශේන් බණ්ඩාරගේ සටන්කාමී ඉනිම් හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව රැක ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ තවදුරටත් රැදී සිටීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගාවලියේ 6 වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කරමින්. තරගය ජය ගැනීම සදහා ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 7 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. පැතුම් නිස්කංක ලකුණු 29 කටත්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 11 කටත් දැවී ගියා. අශේන් බණ්ඩාර පන්දු 39 කින් නොදැවී ලබා ගත ලකුණු සංඛ්‍යාව…

තව කියවන්​න

බෙල්ජියම් පොලීසිය විසින් යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනි ඊවා කයිලි අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඇයව බෙල්ජියමේ බ්‍රසල්හි දී පොලිස් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ  ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යය සම්බන්ධ දූෂණ විමර්ශනයකට අදාළවයි . විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ අයව අත් අඩංගුවට ගැනීමට පෙර එරට පොලිසිය විසින් තවත් සැකකරුවන් සිව්දෙනෙකු පොලිසියෙ රඳවා තබාගෙන ඇති බවයි . කෙසේ වෙතත් ඊවා කයිලි යනු ග්‍රීක සමාජවාදී නායිකාවක් ලෙසට ද ප්‍රචලිත චරිතයක්.

තව කියවන්​න

සමගි ජන බලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අදට යෙදී තිබෙනවා මෙවර එම සම්මේලනයේ තේමාව වන්නේ ‘පෙරළියට සැරසෙන්න-කරළියට ගොඩවන්න‘ යන්නයි . බොරැල්ල කැම්බල් පිටියේදී මෙම වාර්ෂික සම්මේලනය පැවැත්වෙන අතර මෙය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 01 ටයි . සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ප්‍රභල දේශපාලකයින් රැසක් මෙම අවස්තාව සදහා එක් වන බවද වාර්තා වනවා . මෙම සම්මේලනයේ වැඩ කටයුතු නිරික්ෂණය කිරීම සදහා සමගි ජන බලවේග පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා ද ඊයේ පැමිණ සිටියා . මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා එහිදී මාධ්‍ය වෙත දැක්වූ අදහස් .

තව කියවන්​න

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ දිනයේදී විශේෂ සාකච්චාවක් පවත්වනු ලැබුවා . ඒ ඔවුන් සමග සන්ධාන ගතව සිටින අනෙක් පක්ෂ වල නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් . මෙම සාකච්චාව බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා . මේ එම අවස්තාව සදහා එක් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් . මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක වුනා . එහිදී ඔහු සදහන් කලේ කුඩා පරිමාන ව්‍යාපාරිකයන්ට පවතින බදු ප්‍රතිපත්ති ආදිය හේතුවෙන් ඉතාමත් අසීරු තත්වයකට පත්ව ඇති බවයි .

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹීමට සැලසුම් කළ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් නැවත වරක් මේ මස අවසානයේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව වාර්තා වනවා . මෙම එට්කා ගිවිසුම සම්බන්ධ ලිපියක් ”ද හින්දු” පුවත්පත පල කර තිබුනා . එම පුවත්පත් වාර්තාකර ඇත්තේ මේ සම්බන්ධයෙන් 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ සාකච්ඡා වට 11 ක් පවත්වා ඇති බවයි . මෙම සාකච්චා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වූ බවයි වාර්තා වන්නේ . කෙසේ වෙතත් එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර වසර දහයක කාලයකට ආසන්න බවත් ආරම්භයේ සිට ඉන්දියාවට මෙම ගිවිසුම…

තව කියවන්​න

කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත පළකර තිබෙනවා . කෙසේ වෙතත් පසුගිය රජය සමයේ දී මෙම ව්‍යාපෘතිය නවතා දැමීමටයි කටයුතු කලේ . මෙරට ජපාන තානාපති කාර්යාලයේ දී රුවන් විජයවර්ධන මහතා සහ ජපන් තානාපතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත් වුණා . දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා එම හමුවෙන් අනතුරුවයි මේ බව පැවසුවේ . ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අත්සන් කළ පසුව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානය සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවයි .

තව කියවන්​න

ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිටයි . මෙහිදී සැකකරු සතුව තිබී මත්කරල් 6,000 කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසුවා . මේ අතර පසුගියදා ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සමග එය පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා . කෙසේ වෙතත් පෞද්ගලික පළිගැනීමක් හේතුවෙන් අදාළ පාසලේ ආපන ශාලාවට පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය දමා ඇති බවයි ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඒ අනුව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි…

තව කියවන්​න

රජය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනට ඊයේ දිනයේදී සහභාගීවීමෙන් අනතුරුව නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවති සුහද සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ . මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ මෙරට විධායක ජනාධිපති ධුරයට පත් කොළඹ නීති පීඨයේ පළමු ආදි සිසුවා ලෙසයි . කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන පිරිසක් මෙම සාකච්ඡාවට සදහා එක්ව සිටියා.

තව කියවන්​න

පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා . සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ අතරින් එක් දරුවෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ පදිංචි වයස මාස දෙකහමාරක බිලිඳියක් වන අතර අනෙක් දරුවා කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි පිරිමි දරුවෙක් බවයි . පසුගිය 09 වනදා අලුයම මෙම දරුවන් දෙදෙනාම මියගොස් ඇති අතර ඉන් එක් දරුවෙකු හට පෙනහලු ආබාධයක් තිබූ බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා . අධික සීතල දරාගැනීමට නොහැකිවීම හේතුවෙන් තුන් හැවිරිදි පිරිමි දරුවා හුස්ම ගැනීමේ අපහසුතා මත මියගොස් ඇති බවයි වාර්තා වන්නේ . කෙසේවෙතත් කුඩා දරුවන්ට මෙම අධික…

තව කියවන්​න