Author: VNews

සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය කුරුණෑගලදී පැවැත්වුණා. කුරුනෑගල සත්‍යවාදී පිටියේදීයි මෙම ජන රැලිය පැවැත්වුණේ. ඊට සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ. වත්මන් දේශපාලන තත්ත්වය සම්බනධයෙන් මෙහිදී දෙරටේ නායකයින් අවධානය යොමු කරනු ඇති. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් නොවැලැක්විය හැකි හේතුවෙන් මත ඊට සහභාගි වීමට නොමැකි බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල ජන රැළිය අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරගය ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසියේ දිනු අයර්ලන්ත කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 59ක් රැස්කරගෙන සිටියා.

තව කියවන්​න

ජනතා කේන්ද්‍රිය රාජ්‍ය සේවයකට තමන් සුදානම් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. රට ගොඩනැගිමට අවශ්‍ය සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

තව කියවන්​න

ජනාධිපතිවරණ ප්‍රතිඵල මත රටේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කිහිපයක් සමග අද නව සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. පුළුවන් ශ්‍රී ලංකා යනුවෙන් නම් කර ඇති මෙම නව සම්මුතියට පාර්ශව 34ක් අත්සන් තබා තිබෙනවා.

තව කියවන්​න

2024 ශ්‍රී ලංකා ස්පොර්ට් ෆියෙස්ට්‍රා තරගාවලිය අද කොළඹදී ආරම්භ වුණා. සංචාරක අමාත්‍යංශය හා එක්ව ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසිනුයි මෙම තරගාවලිය සංවිධානය කර ඇත්තේ. ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහකත්වයෙන් තෙදිනක් පුරා මෙම තරගාවලිය පැවැත්වෙනවා. දකුණු ආසියාවේ මෙවැනි ක්‍රිඩා උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. මෙම තරගාවලියට ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල් , නෙට්බෝල් , හොකී සහ පැසිපන්දු යන තරග ඇතුළත්වනවා. ප්‍රධාන කණ්ඩායම් හතරක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවක් 3000කට අධික පිරිසක් එක්වනු ඇති. මෙම ක්‍රිඩා උළෙලේ ටෙන් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් පහක් එක්වන අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලීය සහ බ්ලුෆීල්ඩ් ක්‍රිඩාංගවලදී තරග පැවැත්වෙනවා. එහිදී කොළඹ කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ…

තව කියවන්​න

වැඩබලන අභියාචනාධිපකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. ඒ අනුව විනිසුරු සෝභිත රාජකරුණා මහතා අද ජනාධිතිවරයා ඉදිරියේදී වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස දිවුරුම් දුන්නා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ෂංක බන්දුල කරුණාරත්න මහතා දිවයිනෙන් බැහැරව සිටින අතර ඔහු නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම බලාත්මකවනවා.

තව කියවන්​න

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දොමෝදර දුම්රිය ස්ථානය අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බවයි. මේ වන විට එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

තව කියවන්​න

ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක බලකාය පසුගිය තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී දායකත්වයක් දැක් වූ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ සමාජයේ යහ පැවැත්ම උදෙසා අතිශය වැදගත් කාර්‍යභාරයක් සිදු කරනු ලබයි. ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් සුවිසල් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් නිවසක් නොමැති සාමාජිකයන් හට නිවසක් ඉදිකර ගැනිමටත් පවතින නිවාස වල අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමටත් අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබා දීමට රජයේ තීන්දු කොට ඇත. මෙහිදී පලමු අධියර යටතේ සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙම වැඩපිලිවෙල යටතේ සහන…

තව කියවන්​න

ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහයක් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා නිවේදනයක් නුකුත් කරමින් සදහන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සන්ධාන ගතවීමට ද අවශ්‍යතාවක් නොමැති බවයි. මෛත්‍රිපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය සමග එක්වන බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ද ඔහු අවධාරණය කළා. ආණ්ඩුවට හිතවාදි පාර්ශව විසින් මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බවට ද එස්.එම් මරික්කාර් මහතා චෝදනා කරනවා.

තව කියවන්​න