- හිටපු ඇමැති එස්.එම්.ට ඇප
- එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡා සාර්ථකයි – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි
- VIDEO : ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්
- පුහුණු පාඨමාලා ආයතන 844ක් වසා දමලා
- ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම්
- මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහර අද
- පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩකරලා
- මැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු
Author: VNews
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එහිදී අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියා.
අසීමිත බදු බරින් ජනතාව මුදාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්ති රට තුළ නැවත ක්‍රියාත්මක කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කැකිරාව ප්‍රදේශයේදී සිය පාක්ෂිකයින් අමතමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවා තිබෙනවා. ඒ පසුගිය එල්.පී.එල් තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාවකට අදාළවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා දික්වැල්ලට එරෙහිව පනවා ඇති තරග තහනම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වන බවයි.
එළඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබාදීමට තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ ඇතැම් පාර්ශව ඒ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට සුදානමින් පසුවන බවට වාර්තා පළවුණා. කෙසේවෙතත් රනිල් සහ සජිත් පාර්ශව දෙකම සිරිසේන මහතාගේ සහය අවශ්‍ය නොවන බවට ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.
රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනුයි. එම චක්‍රලේඛයේ දැක්වුණේ සැප්තැම්බර් මස දීමනාව ද සමග ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බවයි. අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය ජය ගන්නට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස් කළා. ශ් රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ශතකයක් ලබා ගත්තා. මෙය ඇයගේ මංගල එක්දින ශතකයද වනවා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2ක් තුළ කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 261ක් ලබා තරගය ජයග්‍රහණය කළා.
අධික වර්ෂාවත් සමග ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක් මතුව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළු ගගෙහි කුඩා ගග උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. මේ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ බුලත්සිංහල , මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවධානමක් මතුව තිබෙනවා.
සැළසුම් කළ පරිදි අලි සංගණනය අද (17) සිට ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනිද්දා දක්වා රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී මෙරට අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට සැළසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද (17) දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එක්වන ජන රැළි මාලාව අද සිට ආරම්භවනවා. ඒ අනුව අද අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාතේ ජන රැළි තුනකට එක්වීමට නියමිතයි. රුහුණ පෙරට – රට අනුරට යන තේමාව යටතේයි මෙම ජන රැළිය පැවැත්වෙන්නේ. තංගල්ල , මාතර සහ ගාල්ල නගර කේන්ද්‍රකර ගනිමින් ජාතික ජන බලවේගය ජන රැළි සංවිධාන කර තිබෙනවා. මේ අතර අනුර කුමාර දිසානායක මහතා ඊයේ මීරිගම වද්‍යාවාල පිරිවෙන් විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහ නායක පුජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් හමුවී ආශිර්වාද ලබා ගත්තා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222