Author: VNews
ගල් අඟුරු නෞකා 14 ක් මෙරරට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මීට පෙර ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනුව මේවා මෙරටට ගෙන ඒමට නියමිත බවයි ගල් අඟුරු සමාගම පවසන්නේ. එහි අධ්‍යක්ෂ නාමල් හේවගේ මහතා පැවසුවේ, මේ වනවිට ගල් අඟුරු නෞකා 5 ක් මෙරටට රැගෙන විත් ඇති බවයි. මින් පෙර ගල් අඟුරු ගෙනඒම සඳහා කරන ලද ටෙන්ඩර් කිහිපයක් අසාර්ථක වී තිබුණා. එබැවින් වෙනත් ක්‍රියාදාමයක් මත තවත් ගල් අඟුරු නෞකා 12 ක් මෙරටට ගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.
සංශෝධිත මහබැංකු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් මහ බැංකුවේ කටයුතු කාර්යක්ෂමව ඉටුකිරීමට හැකි පරිදි 2019 වසරේ දී මෙය සකස් කර තිබුණා. එය අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණත් න්‍යාය පුස්තකයට ඇතුළත් කර නැහැ. ඒ අනුවයි වර්තමාන අවශ්‍යතා අනුව මහබැංකු පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත්තේ.
ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිකුත් පක්ෂ සමග සංධානගතව තරග වැදීමට බොහෝ දුරට ඉඩ ඇති බව රාජ්‍ය අමත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකලේ මහනුවර ප්‍රදේශයේ පැවතී මාධ්‍ය හමුවකදී . මේ අතර ජනවරමක් නොමැති ආණ්ඩුවක් හේතුවෙන් මේ වනවිට රට අර්බුධකාරි තත්වයක් කරා ගමන් කර ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා . මේ අනුව ඉදිරි මැතිවරණ සදහා තම පක්ෂය තනිව තරග කරන බවයි ඒ මහතා කියාසිටියේ . මේ අතර මැතිවරණ කොමිසම අද රැස්ව තිබෙනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ,කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් මෙම රැස්වීම…
නව සංශෝධන හා කොන්දේසිවලට යටත්ව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . සියලූම මහනායක ස්වාමීන් වහන්සේලාගේ හා ආගමික නායකයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් සැකසෙන අලුත් සංශෝධන හා කොන්දේසිවලට යටත්ව එම විශ්වවිද්‍යාලය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්වරයා අවධාරණය කළා . අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කලේ අද පවතී කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් .
නව අධ්‍යාපන විප්ලවයක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. එමෙන්ම සිය ආණ්ඩු පාලනය තුළ මත් ද්‍රව්‍ය වලට ඉඩක් නොමැති බවද විපක්ෂ නායක වරයා වැඩි දුරටත් කියාසිටියා.
සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ජනතාවට දැනුම් දෙනවා. ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවයි ඔහු සඳහන් කළේ . සුදුසු ප්‍රතිලාභීන්ට රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා එම මුදල් ලබා ගැනීමට හැකියාව පවතිනවා . සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් මේ මාසය අවසන් වීමට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කළා .
කොළඹට නව වීසා කාණ්ඩ තුනක් හදුන්වා දී තිබෙනවා. කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහායි මෙම නව වීසා වර්ගයක් හඳුන්වා දී ඇත්තේ . කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව එම වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව සදහන්. ඒ අනුව වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා ”ආයෝජක වීසා” කාණ්ඩය, සේවා නියුක්තිකයින් වෙනුවෙන් ”සේවා නියුක්ත වීසා” කාණ්ඩය සහ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා ”සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය මෙලෙස…
දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථාතත්ත්වය පත් කර තිබෙනවා. කොළඹ කොටුවේ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයකට ලක් වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. ඒ අද උදෑසන මොරටුව – එගොඩ උයන දුම්රිය ස්ථානය දී. කෙසේ වෙතත් එය මේ වන විට පානදුර දුම්රිය ස්ථානය කරා ගමන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන්ට පොදු ක්‍රමවේදයක් ඔස්සේ ගෙවීම් සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාමර්ගය ගත් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව සමාගම් වලට ගෙවිය යුතු බිල්පත්වල කල්ගත වීමේ ප්‍රමුඛතාවය අනුව සහ වටිනාකමට අදාලව කල් පිරෙන බැඳුම්කර මගින් ගෙවීමටයි අමාත්‍යංශය පියවර ගෙන තිබෙන්නේ. රජයේ පිළිගත් බැඳුම්කර නිකුත් කිරීමක් මගින් එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ
රත්නපුර සුරතලී ඇල්ලට සහ තවත් පූජනීය ස්ථානයක් ඇතුළු ස්ථාන කිහිපයකට සබරගමුව විශ්වවිද්‍යාලයෙන් බැහැර කෙරෙන කසල තොගයක් මුදාහැර ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා කසළ බැහැර කිරීමට අදාළ සමාගමේ හිමිකරු සහ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කටයුතු කල බවයි එම අධිකාරියේ සභාපති සපුන් එස් පතිරගේ මහතා සදහන් කලේ . කෙසේ වෙතත් මෙම කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කරන බව ඔහු ප්‍රකාශ කළා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222