Author: VNews

නාරම්මල – බැඳිගමුව මංසන්ධියේ සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නාරම්මල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වී අසල තිබූ බෝක්කුවක ගැටී පසු ව බස් නැවතුම්පලක සිටි කාන්තාවන් තිදෙනෙකු යටකරගෙන ගොස් ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, අනෙක් කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්වුණේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 56, 59 සහ 61 යන වයස්වල පසු වන නාරම්මල – බැඳිගමුව ප්‍රදේශයේම පදිංචිකාරිනියන් පිරිසක්.

තව කියවන්​න

තමන් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස් වන බව එලෝන් මස්ක් පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් . ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තනතුර ලබා ගැනීමට සුදුසු පුද්ගලයකු හමු වූ පසු තමන් සිය රැකියාවෙන් ඉවත් වන බවයි . කෙසේ වෙතත් කලක් ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සිටි එලෝන් මස්ක් මීට දින කිහිපයකට පෙර ලොව ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වුණා. ඒ අනුව ඔහුව අභිබවා ගියේ, බර්නාර්ඩ් ආර්නෝල්ට් විසින්.

තව කියවන්​න

ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ අනුව ලබන වසර සඳහා ගල් අඟුරු නෞකා 38ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ දක්වා මෙරටට පැමිණ ඇති නෞකා ගණන 06ක් බව සඳහන්. ඉදිරි විදුලි කප්පාදුව සහ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

තව කියවන්​න

බූස්ස බන්ධනාගාය තුල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකතන 07ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම වැටලීම ඊයේ දිනයේ සිදු කෙරුණු අතර බන්ධනාගාර විශේෂ අංශය තුළ ජේලර් විවේකාගාරයේ සිවිලිමේ තිබී ජංගම දුරකතන 06ක් සහ විශේෂ අංශයේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක තිබිය දී තවත් ජංගම දුරකතනයක් සොයා ගත් බවයි වාර්තා වන්නේ . අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී මෙම දුරකථන සදහා අවශ්‍ය උපාංග කිහිපයක් ද සොයා ගැනුණා .

තව කියවන්​න

කොළඹ ආශ්‍රිත ව වසර අවසානයේ පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා ස්ථාන කිහිපයක් පොලිසිය විසින් වෙන් කර තිබෙනවා. ඒ අනුව නෙළුම් කුළුණ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට සිය රථවාහන ගාල් කිරීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට රථගාල, කැප්ටන් ගාඩ්න් කෝවිල් රථගාල මෙන්ම ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස භාවිත කළ හැකියි. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත වැඩසටහන් සඳහා පැමිණෙන්නන්ට රථවාහන ගාල් කිරීම සඳහා ද ස්ථාන වෙන් කර දී තිබෙනවා. මෙහිදී එම්.ඕ.ඩී. රථගාල, ගාලු මුවදොර – ගාලු මැද පාරේ සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන ගාල් කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමි…

තව කියවන්​න

රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා . මෙම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලටයි . මේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලබා 11 දෙනෙකු රෝහලගත කෙරුණා . ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදු වී ඇති අතර 70,000 ක් විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි .

තව කියවන්​න

මෙරටට දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා . 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කය ළඟා කර ගැනීම සහ කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා යෑම යන ඉලක්ක සම්පුර්ණ කර ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා .

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පස්වරු 03.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා . ඒ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි . මේ අතර අවසන් වටයේ දෙවැනි තරගය අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි . එම තරගය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.පැවැත්වෙනවා . එම තරගය ක්‍රීඩා කෙරෙන්නේ ද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ යි .

තව කියවන්​න

තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නැවත දැනුම් දෙන තුරු එරට ශිෂ්‍යාවන්ට විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට ඉඩ නො දෙන බව ප්‍රකාශ කරනවා . කැබිනට් තීරණයකට අනුව ශිෂ්‍යාවන් සඳහා ප්‍රවේශය වහා ම අත්හිටුවන ලෙස ඇෆ්ගන් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට උපදෙස් දී ඇති බව යි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් පනවා ඇති නවතම තහංචි ජාත්‍යන්තර ප්‍රජාව තුළ කනස්සල්ලට හේතු විය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . කෙසේ වෙතත් තලේබාන් පාලනය විධිමත් ලෙස පිළිගැනීම සලකා බැලීමට පෙර කාන්තා අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍ය බව එක්සත් ජනපදය ඇතුළු විදේශ ආණ්ඩු පවසා තිබෙනවා .

තව කියවන්​න

දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි . බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

තව කියවන්​න