- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: VNews
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත ප්‍රකාරව, මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුවයි. මේ යටතේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කර තිබෙනවා. දිස්ත්‍රික්කයක් තේරීම්භාර නිලධාරියා ලෙස පත් කර ඇත්තේ එහි දිස්ත්‍රික් ලේකම්වරයායි. සහකාර තේරීම් භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරනු ඇති. ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, තේරිම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි. පැවැත්වීමට නියමිත…
යාපනය පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් තුවාළ ලැබූ පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ. අධික වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බස් රථය පෙරළී මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ. අනතුරින් තුවාළ ලැබූ 15දෙනෙකුට ආසන්න පිරිසක් යාපනය සහ කිලිනොච්චි රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පලෙයි පොලීසිය විසින් සිදු කරනු ලබයි.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම එය වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු වෙරළ වෙත ළඟා වීමේ හැකියාවක් පවතින බව සඳහන්. ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින්…
Jaffna Kings කණ්ඩායම අඛණ්ඩව තුන්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි 02ක් පැවති අතර එම තරගාවලි දෙකේම ජයග්‍රාහී කණ්ඩායම වූයේ ද Jaffna Kings කණ්ඩායමයි. Jaffna Kings සහ Kandy Falcons අතර ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය හිමි වීමත් සමග පළමුව පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායම තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 143 ක්. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ Jaffna කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග පන්දුවාර 11ක් අවසානයේ කඩුලු 03ක් දැවී සිටියදී ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි. පසුව ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව…
නව කොවිඩ් රැල්ලක් චීනය තුළ ව්‍යාප්තවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ චීනයේ රෝහල් ධාරිතාව පිළිබඳ අනාවරණ කරමින්. චීන දැඩි සත්කාර ඒකක කාර්යබහුල වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් කොවිඩ් සම්බන්ධ චීන සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බවද විශ්ලේෂකයන් පවසනවා. චීන – කොවිඩ් රෝගය පිලිබඳ සංඛ්‍යා ලේඛන අඩු මට්ටමෙන් දැක්වීමට පියවර ගෙන ඇති බවයි එම විචාරකයන් පෙන්වා දෙන්නේ. චීනය විසින් කොවිඩ් වෛරසයට එරෙහිව තම එන්නත් නිෂ්පාදනය කර ඇතත් ජර්මානු රජයෙන් පළමු වරට ඊසදභඔැජය එන්නත් ගෙන්වා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇති බව එහි සේවකයන් පෙන්වා දෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ට මෙම දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකට වඩා අඩුව වී ඇති බවයි සඳහන් වන්නේ. එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ විශාල අඩුවක් පැවතීම හේතුවෙන් එළවළු මිල ස්ථාවර නොවී පැයෙන් පැය විශාල මිල ගණන් යටතේ ඉහළ පහළ යෑමෙන් ගොවීන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් ද බරපතළ අර්බුදයකට මුහුණපා තිබෙන බවයි වාර්තා වන්නේ.
රජයට අයත් වාණිජ බැංකු නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබෙනවා. ඒ පිළිබඳ කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමටයි රාජ්‍ය බැංකු කිහිපයක් පියවර ගෙන තිබුනේ. පාරිභෝගිකයන්ගේ ණය පහසුකම් සඳහා වන පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇති බවයි ජාතික ඉතිරිකිරීමේ බැංකුව පාරිභෝගිකයන්ට දන්වා ඇත්තේ. දෙසැම්බර් 20 වැනිදා සිට එය ක්‍රියාත්මකයි. ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද මෙම පොලී වැඩිවීම අදාළ වනු ඇති. ඒ අනුව වසර දෙකකට අඩු ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා පොලී අනුපාත 3% කින් ඉහළ දමා තිබෙනවා. ඊට වැඩි කාලයක් පැරණි ණය පහසුකම් සඳහා පොලී අනුපාත 15%…
ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ උද්දමනය පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය ඔක්තෝබ ර් මාසයේ මතුපිට උද්ධමනය සියයට 70.6ක්. එහෙත් එය නොවැම්බර් මාසයේදී සියයට 65 දක්වා අඩු වී ඇති බවයි එහි දැක්වෙන්නේ. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්දමනය ඔක්තෝබර් මාසයේදී සියයට 80.9 සිට නොවැම්බර් මාසයේදී සියයට 69.8 ක් දක්වා අඩු වී තිබෙනවා. ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්දමනය පසුගිය ඔක්තෝබර් මාසයේ සියයට 61.3 ක්. එහෙත් නොවැම්බර් මාසයේදී එය සියයට 60.4 දක්වා අඩු වී තිබෙන බවයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වන්නේ.
ආයෝජන මණ්ඩලය ට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ . ආයෝජන මණ්ඩලයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇති.
දෙමල ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වුණා. එහිදී පසුගිය 13 වනදා පැවති සන්හින්දියව පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – අධිකරණ හා විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙන්ම නීතිපතිවරයාද සහභාගි වූ මෙම හමුවට දෙමල පක්ෂ නියෝජනය කරමින් පැමිණ ඇත්තේ ආර් සම්බන්ධන්, එම් ඒ සුමන්තිරන් හා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක්. මෙහි දී ගනු ලැබූ තීරණ පිළිබඳ දෙමළ ජාතික සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා කරුණු දක්වා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222