- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: VNews
මැතිවරණය කල්දැමීමට කිසිදු වුවමනාවක් ආණ්ඩුවට නොමැති වුවද ඒ සදහා විශාල මුදලක් වැයවීම මත, එම බර ජනතාව මත දමා කටයුතු කළනොහැකි බව අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා . ඔහු මෙම අදහස් පළකලේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළකරමින් .
දරුවන්ගේ මොලය පුරවනවාද නැතහොත් කුස පුරවනවාද යන්න පිළිබද විශාල ගැටලුවකට වර්තමානයේදී දෙමාපියන් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා. ඇය පවසන්නේ තම ප්‍රදේශයේ දරුවන් රැසක් ආහාර ලබා ගැනීම සඳහා සිය නිවසට පැමිණෙන බවයි. නමුත් ඒ සියලු දෙනාගේ කුස පිරවීම සඳහා තමන්ට වත්කමක් නොමැති බවත් ඒ පිළිබද තමන් මෙතරම් සංවේදී නම් එම දරුවන්ගේ මව්පියන් එය කුමන ආකාරයෙන් දරාගන්නේදැයි මන්ත්‍රීවරිය විමසා සිටිනවා. නාවුල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මෙම අනාවරණය සිදුකළා .
වංචාව දුෂණය නැති කිරීමට නම් වහාම මැතිවරණයක් පැවත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකළේ මීගමුව ප්‍රදේශයෙදී මාධ්‍ය වෙත අදහස් පළකරමින් .
ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කළ බව ගැම්බියා රජය පවසනවා. කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සොල්දාදුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු පලා ගොස් ඇති බව සඳහන්. පසුගිය වසරේ මැතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කළ ජනාධිපති ඇඩමා බැරෝ බලයෙන් පහ කිරීමට අඟහරුවාදා ගත් උත්සාහය පිටුපස සිටියේ කවුරුන්ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වෙතත් අගනුවර වන බන්ජුල් සාමකාමී වන අතර ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා. ගැම්බියාව බටහිර අප්‍රිකාවේ බොහෝ දුරට ස්ථාවර රටක් වන අතර එහි වෙරළ සහ වන සතුන් හේතුවෙන් සංචාරකයන් අතර ජනප්‍රියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, විදේශීය වෙළඳ අංශයෙන් ජාතික ආර්ථිකයට උපරිම නිමැවුමක් ලබා ගැනීම සඳහා අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම එම ආයතනවල කටයුතු ඒකාබද්ධ කිරීම සඳහා පවත්නා සාම්ප්‍රදායික ආයතන ප්‍රතිසංවිධානය කිරීමටත් ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය අලුතින් පිහිටුවීමටත් රජය තීරණය කර ඇති බව සදහන් . 2023 අයවැය කතාවේ දී ප්‍රකාශයට පත් කළ පරිදි, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය මුලින් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීමට නියමිතයි . ඒ, ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳ සංවර්ධන ප්‍රතිපත්තිය වැඩිදියුණු කර, ඵලදායී සම්බන්ධීකරණයකින් ලොව පුරා ක්‍රියාත්මක කිරීම සඳහා වීම විශේෂත්වයක් .
මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම සදහා පැහැදිළි දරදඩු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකලේ නාවුල ප්‍රදේශයේ පැවතී උත්සවයකට එක්වෙමින් . මේ අතර මත්ද්‍රව්‍යය උවදුර මැඩලීමට නම් එම සමාජ ව්‍යවසනයට වගකිවයුතු පිරිසට පළමුව දඩුවම් ලබා දියුතු බව වෘත්තිය සමීති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම් කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකළේ මාතලේ පැවති ජන හමුවකට් එක්වෙමින් .
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6.00 සිට හෙට දින පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා . එම මණ්ඩලය නිවේදනය කළේ, ඒ අනුව උස්වැටකෙයියාව, පමුණුගම සහ තල්දියවත්ත ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි . උස්වැටකෙයියාව පාලම හරහා හදිසි සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියාසිටියා .
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා . ඒ, මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 සිට 65 පමණ දක්වා වැඩි වීම හේතුවෙන් . මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියා .
පෙර සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබෙනවා . ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58 ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි. මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 72,903 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,998 කගේ වැඩිවීමක් . වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින්. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ, ඒ අතුරින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි තහවුරු වූ බවයි. එම කොට්ඨාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන මදුරු මර්දන…
දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා. එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක් සොයාගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ. ඒ අනුව 1977 දුරකථන අංකයට ලද තොරතුරක් මත ඒකල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අදාළ සහල් තොගය සොයාගෙන ඇති බව සඳහන්. මේ වසරේ ජුලි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව දේශීය හෝ ආනයනය කරන ලද සහල් සත්ව ආහාර සඳහා යොදාගැනීම තහනම් වනවා. එම නියෝගය කඩකරමින් ගබඩාව භාර නිලධාරීන් කටයුතු කර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් අදාළ ගබඩාවේ භාරකරු සහ කළමනාකරු බැදුම්කර මත නිදහස් කර තිබෙනවා. ඒ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222