- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: VNews
දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06 කට කිසිදු ප්‍රමිති සහතිකයක් නොමැති බවට අනාවරණ වුනා. මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව තුළ දේශීය ටින් මාළු සඳහා පවතින ඉල්ලුම පහළ බැස ඇති බවත් ටින් මාළු කර්මාන්තයේ නියැලෙන කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් පෙන්වා දෙනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කනවා තිබු හමුවකට එක්වෙමින්. පාර්ලිමේන්තු මන්ත්රී හා හිටපු ධීවර රාජ්ය අමාත්යා දිලිප් වෙආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා. දේශීය ටින් මාළු කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙහි දී තවදුරත් පෙන්වා දෙනු ලැබුවේ රට තුළ ක්‍රියාත්මක ටින්මාළු කර්මාන්තශාලා…
මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබු බවත් හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් රෝගාතුර වී ඇති බවත් සඳහන්. අනතුරුව ඔවුන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
පාකිස්තානය තුළ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැඩි ඖෂධ හිඟයකට ද එරට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්තානය තුළ දරුණු ලෙස ජීවිතාරක්ෂක ඖෂධවල හිඟයක් ඇති බවයි . පාකිස්තාන රජය මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට නොහැකිවීම මෙම ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව වී ඇති බව සදහන් .
දෙසැම්බර් 26 දින රාජ්‍ය සේවය සඳහා අමතර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව එම නිවාඩු දිනය හිමිවන බවයි රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.
කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි එන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා . පොලීසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකට අනුව මෙම යතුරු පැදි ළඟ තබා ගෙන සිටි බව කියන හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූවා . මෙලෙස එකලස් කොට ඇති යතුරු පැදි මෙරට සාමාන්‍ය ජනතාවට පරිහරණය කිරීමට අවසර නොමැති එන්ජින් ධාරිතාවය 1000 ප්‍රමාණයේ ඒවා බවයි පොලීසිය කියාසිටියේ . මෙම යතුරු පැදි අතර බී.එම්.ඩබ්ලිව් වර්ගයේ තුනක් සහ ඩුකාමි වර්ගයේ යතුරු පැදි තුනක් වන බවත් මින් යතුරු පැදි පහක් එක් පුද්ගලයකු…
මෙම වසර සඳහා රජයේ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සීමා කර තිබෙනවා. ඒ අනුව රුපියල් විසි පන්දහසක උපරිම සීමාවකට යටත්ව එම ගෙවීම සිදුකළ හැකි බවයි භාණ්ඩාගාරය දැනුම් දෙන්නේ. එමෙන්ම පාඩු ලබන ආයතන සඳහා ප්‍රසාද දීමනා නොගෙවන ලෙසටයි මහා භාණ්ඩාගාරය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත්තේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඒකාධිපති ගැසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් පනහකට වැඩි සංඛ්‍යාවක් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වන විටත් ක්‍රීඩා පනතට ඇතුළු කර ඇති සංශෝධන රැසකට මෙරට 50කට අධික ක්‍රීඩා සංගම් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා . ඔවුන් පවසන්නේ, ක්‍රීඩා අමත්‍යවරයාගේ ඒකාධිපති නියෝගවලට එරෙහි ව ශේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව යි. මෙරට ක්‍රීඩාව කිරීමේ පෞද්ගලික අභිමථාර්ත ඉටුකර ගැනීමට උත්සාහ දරන කිහිප දෙනෙකුගේ උවමනාවන් මත මෙම ක්‍රීඩා පනත සංශෝධනය කර ඇති බව යි ක්‍රීඩා සංගම් පවසන්නේ . ඒ අනුව ඉදිරියේ දී ක්‍රිකට්,රග්බි,පාපන්දු, කරාතේ,ජාතික ඔලිම්පික් කමිටුව,ටෙනිස් ඇතුළු ක්‍රීඩා සංගම් රැසක් මෙම සංශෝධනවලට එරෙහි ව අධිකරණමය ක්‍රියාවලියකට පිවිසීමට තීරණය කර තිබෙනවා.
චීන රජය විසින් මෙරටට ලබා දී ඇති ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහන සැලසීමක් වශයෙන් ලබා දීමට තීරණය කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . චීන රජයෙන් ලැබුනු සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබා දීමට නියමිතයි . කෙසේ වුවද කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ලබා දුන් ඉන්ධන ලීටර් මිලියන 6.98 වී වගාවේ නියුතු ගොවි ජනතාව අතර බෙදා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ද සහභාගි වී සිටියා . ඒ…
නොරොච්චෝලේ බලාගාරය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා . ඒ එම බලාගාරය විදෙස් රට වලට ලබාදීමට එරෙහිව විරෝධය පළකරමින් . මේ ඒ පිළිබදව අදහස් දැක්වූ ලංකා විදුලි බලමණ්ඩල වෘර්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා .
ත්‍රිකුණාමලය සිට මුලතිවි හරහා යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් ඊයේ පස්වරු 6.15 ට පමණ කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේදී අනතුරකට ලක් වුනා. 15 දෙනෙකු කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කොට ඇති අතර, දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය පවසන්නේ.වර්ෂාව සහිත අවස්ථාවක බස් රථය පෙරළී ගොස් තිබුනා. (වවුනියාව – මාධව කුලසූරිය)
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222