- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: VNews
වසරේ ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.4 කින් අතිප්‍රමාණ වී තිබෙනවා. මහ බැංකුව සඳහන් කලේ අගෝස්තු මාසයේ මුදල් ප්‍රතිපත්ති වාර්තා අනුව උද්ධමනයද සියයට පහ මට්ටමේ පවතිනු ඇති බවය. ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්කගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.
2024 ජනාධිපතිවරණයට අදාළව ඊයේ (17) දින තෙක් පැමිණිලි 519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව සඳහන් කර සිටියේ පසුගිය ජුලි මස 31 වනදා සිට ඊයේ දිනය තෙක් මෙම පැමිණිලි ලැබී ඇති බවය.
ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ, 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.
එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය පැවසුවේ පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පොහොර තොගය ලැබු ඇති බවය.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව මෙම වර්ජනය ජනාධිපතිවරණය අවසන් වනතුරු නවත්වන බවයි එම සන්ධානය පවසන්නේ.
දකුණු අප්‍රිකානු කලාපයේ මිලියන 68 ක ජනතාවක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එල්නිනෝ තත්වයන්ගේ බලපෑම හේතුවෙන් මේ වසර මුල් භාගයේ මෙම නියං තත්වය මතුවූ අතර, එය භෝග සහ පශු සම්පත් නිෂ්පාදනයට එල්ලකර ඇත්තේ දැඩි බලපෑමක්.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි සීමාවන් ඉක්මවා මුදල් යොදවා ඇති බවට අනාවරණය වුවහොත් ජනාධිපති ලෙස තේරී පත්වූවත් ඔහුගේ ධුරය අහෝසි කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මැතිවරණ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ මැතිවරණ ප්‍රචාරක වියදම් සම්බන්ධයෙන් කොළඹ දී පැවැති වැඩසටහනකට එක්වෙමින්.
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් ළමුන් දෙදෙනෙකු ඇතුළු දසදෙනෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන් භාවිතා කළ අවි ගබඩාවක් ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.
ගත වූ පැය 24 තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කුඩා ගඟ ධ්‍රෝනියේ ඉහළ ප්‍රදේශයට පැවති වර්ෂාව නිසා කුකුළේ ගඟ ජලාශයෙන් තත්පරයට ඝන අඩි 150ක ජල ධාරිතාවයක් වාන් දමන බවයි වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව් සකුරා දිල්තාරා පවසන්නේ. මේ නිසා පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙන්නේ
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද (17) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. හෙට (18) දින සිව්වන රන්දෝලි පෙරහර පැවැත්වෙන අතර අවසන් මහා රන්දෝලි පෙරහර අගෝස්තු 19 වනදා පැවැත්වෙනු ඇත.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222