- අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
- CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
- ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
- පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
- ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
- අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනයට සැලසුම්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දිසියක් අද
- අගමැතිනිය සහ IMF විධායක අධ්යක්ෂ අතර හමුවක්
Author: VNews
තවදුරටත් ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශය සඳහන් කළේ, ගෙවීම් ප්‍රමාද වීම හමුවේ එම තත්ත්වය මතුව ඇති බවයි. කෙසේ වෙතත්, හැකි උපරිමයෙන් අවශ්‍යතාව අනුව ඖෂධ සැපයීමට පියවර ගෙන ඇති බවද , අමාත්‍යාංශය සදහන් කළා . මේ අතර ඖෂධ හිඟය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන් පවසනවා. ඖෂධවල මිලගණන් ඉහල යාම හේතුවෙන් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ පෞද්ගලික අංශයෙන් මිලදි ගැනීමට සිදුවීම ද තමන් විදින තවත් ගැටලුවක් බවයි රෝගීන් පෙන්වා දෙන්නේ.
නත්තල් උත්සවය සහ නව වසර උදාවත් සමඟ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇතිබව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා . ලංගම සහ පෞද්ගලික බස් රථ අද සිට මගී අවශ්‍යතාව මත ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව කොළඹ සිට පිට පළාත් වෙත යන මගී ජනතාවට පිටකොටුව සහ මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පළවල සිට බස් රථ 40 ක් ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹ ප්‍රාදේශීය කළමනාකරු යූ.ජී.පී.පී. සත්‍යසිංහ මහතා ප්‍රකාශ කළා. මේ අතර, අද සිට විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව ද පියවර ගෙන තිබෙනවා. සාමාන්‍ය දුරගමන් දුම්රිය සේවාවන්ට අමතරව මෙම…
බස්නාහිර පළාතෙන් පාසල් 149 ක් ආවරණය වන පරිදි ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුමකදී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 630 ක්, අයිස් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 38 ක්, ගංජා ග්‍රෑම් 207 යි මිලිග්‍රෑම් 590 ක් සහ මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 260 ක් මෙහිදී සොයාගෙන තිබුණා. ඊට අමතරව මෙම මෙහෙයුමේදී ගංජා ළඟ තබාගැනීමේ වරදට අවුරුදු 17 ක පිරිමි දරුවෙක් මිරිහාන පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක් අසළ දී අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියා සිටියේ.
සීදූව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවුසවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි වැඩිම හේතුවෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයකුයි.
බම්බලපිටිය ස්කෙල්ටන් පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමක් සහිත මුදල් සහ දේපල සොරාගත් බව කියන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල සහ බම්බලපිටිය පොලිසිය ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එහිදී සැකකරුවන් සතුව තිබී එම නිවසින් සොරාගත් දේපළවලින් ග්‍රෑම් 380 ක් බර රන් ආභරණ, ඇමරිකන් ඩොලර් 10.000 ක්, ජපන් යෙන් එක්ලක්ෂ 950, රෝලෙක්ස් අත් ඔරලෝසු, මැණික් ගල්, රුපියල් ලක්ෂ 174 ක මුදල්, සහ පිස්තෝල ගිනි අවියක් හා හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් කෝටිපති ව්‍යාපාරිකයාගේ තෙමහල් නිවසේ දෙවන මහලේ නාන කාමරයේ සුළං කවුළුවෙන් නිවසට ඇතුළු වී අල්මාරි වල…
ගුවන් තොටුපලවල දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට යොමු කිරිමට ඉන්දියානු සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ නව කොරෝනා උප ප්‍රභේදයක අවදානම හේතුවෙන්. ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවෙන් සියයට දෙකක් අහඹු පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති. චීනයෙන් මේ දිනවල සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමති ඔමික්‍රොන් උප ප්‍රභේදය වැළඳුණු දෙදෙනෙකු ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් හඳුනාගෙන තිබුනා. ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි මෙම ප්‍රභේදය ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව, සහ බි්‍රතාන්‍යයෙන් ද වාර්තා වී තිබූ බවයි ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ලංකා සතොස ආයතනය උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 07 ක මිල පහත දමා තිබෙනවා. සුදු සීනි, ආනයනික අර්තාපල්, ලොකු ළුෑණු, රතු පරිප්පු, ටින් මාළු, මිරිස් සහ හාල්මැස්සන් ඊට අයත්. අද සිට මිල අඩු කිරීම් ක්‍රියාත්මක බවයි සතොස නිවේදනය කලේ. රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 11කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 374 ක්. සුදු සීනි රුපියල් 220 ක් ලෙස දක්වෙන්නේ රුපියල් 4කින් මිල පහත දැමීමෙන්. රුපියල් 05 කින් මිල අඩු කර ඇති ලොකු ළුෑණු කිලෝවක් නව මිල රුපියල් 185යි. ග්‍රෑම් 425 ටින්එ මාළු මිල රුපියල් 15 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 475 ක්. වියලි මිරිස් කිලෝව…
ප්‍රබල හිම කුණාටුවකින් ඇමරිකාවට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් එරට මිලියන 135කට අධික පිරිසක් දැඩි පීඩාවෙන් පසුවෙන බවයි වාර්තා සඳහන් කලේ. ප්‍රධාන ගුවන්තොටුපල ගමන් දහසකට අධික සංඛ්‍යාවක් ද මේ වන විට අවලංගු කර තිබෙනවා. මෙම ශීත කාලගුණය දශක කිහිපයකින් බලපෑ ඇති අඩුම උෂ්ණත්වය බවයි ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන්නේ. එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කළේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෘණ 45 පමණ දක්වා පහත බසිනු ඇති බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමනාගමනයට බාධා එල්ලවුනා. ඒ, 73 වන කිලෝමීටර කණුව අසළ අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන්. ඒ අනුව කොළඹ සිට පැමිණෙන වාහන කුරුදුගහ හැතැප්ම අන්තර් හුවමාරුවෙන් පිටවී නැවත බද්දේගම අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට යොමු කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් 11 දෙනෙකු තුවාල ලබා තිබුණා. එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවටයි තොරතුරු වාර්තා වන්නේ. අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන් ගත් බස් රථයක්. අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතරදී.
වළගම්බා රජුට අයත් යැයි සැලකෙන කඩුවක් නිධානයකින් ගොඩගෙන විකිණීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදු කර ඇත්තේ මහියංගණය – සමනලවැව ප්‍රදේශයේ දී. මෙම කඩුව රුපියල් ලක්ෂ 40කට විකිණීමට සැකකරුවන් උත්සහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222