Author: VNews
සාරි පොටක ගෙල සිරවීමෙන් පාසල් දරුවකු මියගොස් ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි සිසුවෙක්. සිය බාල නැගණිය නිදි කරවීම සඳහා සාරියක් යොදාගනිමින් සකස කර තිබු තොටිල්ලේ පැටලීම හේතුවෙන් අදාල සිසුවා මියගොස් ඇති බව සඳහන්. හුස්ම සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.
කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට භාර දී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති හෙයින් ඡන්ද පෙට්ටි සියල්ල කල් තියා සූදානම් කර තැබීමට මැතිවරණ කොමිසම තීරණය කල බවයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේ. ඇතැම් ඡන්ද පෙට්ටි දැඩි ලෙස අබලන්ව ඇති අතර පෙට්ටි බොහොමයක අගුල්වල ගැටළු පැවතී බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ඇගිලි පාට කිරීම සඳහා යොදා ගන්නා තීන්ත සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා ආරම්භවී ඇති බව සඳහන්.
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. නත්තල සහ හිම කුණාටු තත්වයන් හමුවේ එක්සත් ජනපදයේ ඉන්ධන ඉල්ලුම ඉහළයාම එම තත්වයට ආසන්නතම හේතුවයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 83ට ආසන්න වූ අතර ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79යි ශත 50ක් ලෙස දැක්වුණා.
ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඊට අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ. මේ ජල පාරිභෝගිකයන් ලබාගත් ජලය වෙනුවෙන් ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි දහයකට ආසන්න බව සඳහන්. ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට දේශපාලනයට සම්බන්ධ පිරිස්, රාජ්‍ය ආයතන, ව්‍යාපාර ස්ථාන, ආගමික ස්ථාන හා විවිධ පුද්ගලයෝ ඇතුළත් වනවා. ලක්ෂ පහ හය වටිනා බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ද මේ පිරිස අතර වන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී ඇතිවන ගැටලු නිරාකරණය ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්තාපනය සඳහා යොමු කිරිමේදී පවතින ඉඩ පිළිබඳ බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාක් ලබාගෙන රැඳවියන් යොමු කිරීම හෝ සියලු නඩු අවසානයේ පුනුරුත්තාපනයට යොමු කිරීම සිදුකළ යුතුව වනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් හැකි සෑම අවස්ථාවකම බන්ධනාගාර පුනුරුත්තාපනයට යොමු නොකර පුනුරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ මධ්‍යස්ථාන, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මධ්‍යස්ථාන හෝ ප්‍රජා විෂෝධනය සඳහා යොමු කිරීම සිදුකළ යුතු බවටයි අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරින් ට දැනුම්දී ඇත්තේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කිරීම මගින් බන්ධනාගාර…
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තෙවන වරටත් ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කන්ඩායම සමත් වුණා . ඒ කලම්බු ස්ටාර් කණ්ඩායම කඩුලු 2 කින් පරාජය කරමින්. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ. ඒ අනුව පිටියට පිවිසි කළම්බු කන්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුනු 163 ක් ලබා ගත්තා . එහිදී දිනේෂ් චන්දිමාල් පන්දු 40 කින් ලකුනු 49 ක් රැස් කල අතර පන්දු 33 කින් රවී බොපාරා ලබා ගත් ලකුනු සංඛ්‍යාව 47 ක් . පන්දු යැවීමේදී ජැෆ්නා නායක තිසර පෙරේරා , බිනුර ප්‍රනාන්දු ,මහීශ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ – කඩුල්ල බැගින්…
ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා. මේ අතර පනතේ විධිවිධාන ප්‍රකාරව සෙස් බදු තේ මණ්ඩලයේ අරමුදලක බැර කළ යුතු නමුත් එම විධිවිධානවලට අනුගත නොවී මහ භාණ්ඩාගාරයට බැර කර තිබුණු බව නිරීක්ෂණය වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ප්‍රචාරණ වෘත්තිය උපදේශකවරයකු වශයෙන් හිටපු අධ්‍යක්ෂ වරයකු බඳවා ගෙන දීමනා වශයෙන් රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන එම කාර්යාලය අනුමත බඳවා ගැනීමේ පටිපාටිය තුළ හෝ වෙනත්…
නවක වදය මුල් කර ගනිමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් තිස් දෙදෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේ පවසනවා. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සහ අස්ගිරි මල්වතු මහා විහාර පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ අතර සාකච්ඡාවක් මහනුවරදී පැවැත්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. අස්ගිරි මහා විහාරය වෙත පැමිණි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ, මහාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන, මහාචාර්ය පූජ්‍ය අලුත්ගම විමලරතන, පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද යන ස්වාමීන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේ බැහැ දැක තිබුණා. රාජ්‍ය අමාත්‍ය…
මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුත්තේ ජනතාවාදී ආණ්ඩුවකින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කියාසිටියේ මැති ඇමතිවරුන් ජනතා බලයෙන් තේරී පත්වූ පසු නැවතත් ජනතාව පිළිබදව සොයා නොබැලීම කණගාටු දායක කරුණක් බවයි . මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දරන උත්සාහයට සමාන උත්සාහයක් ආණ්ඩුව මැතිවරණය නොපවත්වා සිටීමට දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ලබන 26 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් විදෙස් ගමන් බලපත් අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා. මේ අනුව 26 පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබු පුද්ගලයින් සඳහා 2022.12.28 බදාදා වෙන් කර තිබෙනවා. එමෙන්ම 26 දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා වූ කාලය ලබා දුන් පුද්ගලයින් සඳහා 29 බ්‍රහස්පතින්දා සහ 26 පස්වරු 2.00 න් පසු වේලාවන් සඳහා 30 සිකුරාදා වෙන් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222