Author: VNews
උතුරු පළාත් ප්‍රධාන නත්තල් දේව මෙහෙය මන්නාරම දිසාව භාර රදගුරු එමානුවෙන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වවුනා. ඊට සමගාමීව මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික් කිතුණු බැතිමතුන්ද තම ප්‍රදේශ ආශ්‍රිතව දේවස්ථානයන්හි දී දේව මෙහෙයන්ට සහභාගි වි සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන අවට ප්‍රදේශ වෙත විශේෂ ආරක්ෂාවක් යොදා තිබෙනවා.
උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගතවන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉන් වැඩිම පිරිසක් රෝහල් ගතවන්නේ නිවාස ආශ්‍රිතව සිදුවන අනතුරු හේතුවෙන් බවයි. ඒ අනුව අනතුරු අවම කර ගැනීම සඳහා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රේණුකා මහානාම මහත්මිය ජනතාව ට දැනුම් දී සිටියා.
එකිනෙකා කෙරෙහි දයානු කම්පාවෙන් සහ ප්‍රේමයෙන් ජීවත්වීම මෙන්ම පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීමෙන් කිතු උපතේ යථාර්තයට සමීපවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. මහ මැදුරට මෙන්ම දුගී පැළටත් සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය බවයි ජනාධිපතිවරයා නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කළේ පීඩාවට පත් ජනතාව මුදා ගැනීමට, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැප වූ ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය සැබෑ කාලීන අවශ්‍යතාවක් වන බවයි. වෛරය සහ කෲරත්වය පිටු දකිමින් ගැටුම් සමනය වන ආර්ථික වශයෙන් භව බෝගයෙන් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.…
විවෘත ජාත්‍යන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලිය මෙම මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ මහනුවර පොල්ගොල්ල ජාතික සමුපකාර මධ්‍යස්ථානයේදී . ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සහ ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ඇකඩමිය මෙම තරගාවලිය සංවිධානය කරනු ලබනවා . මෙහිදී ලබාගන්නා ලකුණු අනුපිළිවෙළ අනුව විවෘත කාණ්ඩයේ ශූරයා, ශූරිය – වයස අවුරුදු 8න් 10න් 12න් 14න් සහ 16න් පහළ බාලක හා බාලිකා ඉසව් ජයග්‍රාහකයන් තෝරා ගැනීමටයි නියමිතව ඇත්තේ . විවෘත කාණ්ඩයේ ශූරයාට රුපියල් 1 50000ක් ද අනුශූරයාට රුපියල් 1 00000ක් සහ තෙවැන්නාට රුපියල් 7 5000ක් ද ත්‍යාග මුදල් ලෙස ප්‍රදානය කිරීමට නියමිතයි .
රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් පනවා ඇති තහනම හමුවේ ඇෆ්ගනිස්ථානයේ කාන්තා නිදහස තවදුරටත් සීමා වී තිබෙනවා. කාන්තා නිදහස කප්පාදු කිරීමට කටයුතු කිරීම පිළිගත් නොහැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිව්දනය කලේ. ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල තහනම් කර දින කිහිපයකට පසු ඉස්ලාමීය පාලකයන් පැවසුවේ රාජ්‍ය නොවන සංවිධානවල කාන්තා කාර්ය මණ්ඩලය දැඩි ඇඳුම් නීති කඩ කර ඇති බවයි. ඒ පිලිබඳ ප්‍රතිචාර දක්වමින් ඇෆ්ගන් කාන්තාවන් තලේබාන් සංවිධානයේ ”ඉස්ලාමීය සදාචාරය” ගැන ප්‍රශ්න කර සිටිනවා.
වැසි තත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 350 ක් පමණ ඊසාන දෙසින් පවතින පීඩන අවපාත තත්වය අද දිනයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ අවදානමක් පවතින බැවින් . මේ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලාකුලින් බර ස්වභාවයක් ගනු ඇති. විටින් විට පැයට කිලෝමීටර 40ත් 50 ත් අතර තද සුළං ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ . ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ආපදා තත්වයක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා කණ්ඩායම් සූදානම් කර ඇති බවයි.
විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටියකට අධික මුදල් ප්‍රමාණයක් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීන් සමත් ව තිබෙනවා . මෙම පිරිස ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ යි අදාළ සොරකම සිදු කර ඇත්තේ. මෙම පුද්ගලයන් තිදෙනා ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂ හා බුද්ධි එකකයට පැමිණිලි 12ක් පමණ ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.
එප්පාවල ප්‍රදේශයේදී දරුවෙකු පැහැරගත් සැකකරු සහ ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ නිවෙස් හිමියා ජනවාරි 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවා පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ විදුලි කාර්මික ශිල්පියා හා ඔවුන්ට සැගවී සිටීමට උපකාර කළ රිකිල්ලගස්කඩ නගර සභාවේ රියදුරෙක්. සැකකරුවන් ඊයේ දිනයේදී තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළා . සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා…
ඉන්ධන හිගය නැති කිරීම සදහා ආණ්ඩුව අනුගමනය කල ක්‍රියා පිළිවෙතම විදුලිය සදහා ද ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා . මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේ කැලණිය වනවාසල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් . එහිදී ඔහු ප්‍රකාශ කලේ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු ප්‍රතිපත්තිය ජනතාවගේ ජිවිත වලට සෘජුවම බලපානු ඇති බවයි .
ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අවමානයට ලක් නොකර මෙරට ජනතාවට රට ගොඩනැගිය හැකි ආණ්ඩුවක් තෝරා ගැනීම සදහා ඉඩ ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා . මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාව මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියද වත්මන් පාලනය විසින් මැතිවරණය කල් දමන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222