Author: VNews
මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා වන මාර්ගයේ අද පෙරවරුවේ සිදුවූ නායයෑමක් හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා . එම මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේදී මෙම නායයාම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ . මේ හේතුවෙන් රථ වාහන විශාල ප්‍රමාණයක් හරවා යැවීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා .
සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා අමෙරිකා එක්සත් ජනපදයේ සිට ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි 2ට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා . එම පාර්සලය රැගෙනයාමට පැමිණි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ . විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්, රේගු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එක්ව අදාළ වැටලීම සිදුකර ඇති බව වාර්තා වනවා . කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 367 ක් එම පාර්සලය තුළ තිබූ බවයි පොලීසිය සඳහන් කලේ . මෙම සිද්ධිය සම්බන්යෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා .
මහනුවර – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ පසු වූ සහෝදරයා සහ සහෝදරිය බව සඳහන්. අදාල නාය යෑම හේතුවෙන් තවත් අයෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්. මේ අතර පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇති බවයි. එම ප්‍රදේශයන්වල කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ .…
පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ වැඩබලන සභාපතිවරයා ලෙස එරට හිටපු ක්‍රිකට් නායක ශහිඩ් අෆ්රිඩි පත් කර තිබෙනවා. අබ්දුල් රසාක් හා ඉෆ්ටිකාර් අන්ජුම් ද තේරීම් කමිටුව සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. කළමණාකරන කමිටුවේ සාමාජික හරූන් රෂීඩ් කැදවුම්කරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. මෙතෙක් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරය මොහමඩ් වසීම් විසින් දරනු ලැබුවා . එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා පමණක් බලපැවැත්වෙන පරිදි මෙම නව තේරීම් කමිටුව පත් කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ජනාධිපතිවරයාට අයිතියක් නැති සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ 2023 යනු මැතිවරණ වසරක් බවයි. පළාත පාලන මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මාසයෙන් පසු මහා මැතිවරණයකට අවතීර්ණ විට යුතු බවයි ඒ මහතා පවසන්නේ
මේ දින වල අමෙරිකාවේ සංචාරයක නිරත වන රන්ජන් රාමනායක මහතා මෙරට වෙසෙන දුගී පවුල්වල පාසල් සිසුන් සඳහා නොමිලේ ලැප්ටොප් පරිඝනක ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ලැප්ටොප් පරිඝණකයක සැබෑ අවශ්‍යතාවක් ඇති දරුවන්ට 24 08 615 131 යන දුරකථන අංකය ඔස්සේ රාමනායක මහතා සම්බන්ධ කර ගැනීමෙන් මෙම පරිත්‍යාගය ලබා ගත හැකියි. සිය මුහුණු පොතේ මේ පිලිබඳ සටහනක් තබමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටද මෙම ව්‍යාපෘතිය සමග එක් වන ලෙසයි.
මහනුවර – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ පසු වූ සහෝදරයා සහ සහෝදරිය බව සඳහන්. මේ අතර අදාල නාය යෑම හේතුවෙන් තවත් අයෙකු ද තුවාල ලබා තිබෙන බව ද වාර්තා වනවා.
නත්තල් දිනය හේතුවෙන් දිවයිනේ සියලු බන්ධනාගාරවල කතෝලික රැඳවියන්හට පමණක් අද දිනයේදී අමුත්තන් හමුවීමට අවසර හිමිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ. ඒ අනුව, කතෝලික රැදවියන්හට නත්තල් දින විශේෂ දිනයක් ලෙස සලකා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමට කටයුතු සිදු කරනු ලබනවා. රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි රැගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඒකනායක මහතා කියා සිටියේ .
නත්තලේ සැබෑ අරුත වටහාගනිමින් ලෝකය සුවපත් කිරීමට එක්වන්නැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ වතිකාන ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙයට එක්වෙමින්. යේසුස් වහන්සේගේ උපතින් වසර දෙදහසකට පසුව, බොහෝ නත්තල් සැරසිලි සහ සැමරුම් පැවතිය ද නත්තලේ සැබෑ අරුත ලෝකවාසින් අමතක කර ඇති බවයි ශුද්ධෝත්තම පියතුමන් පෙන්වා දුන්නේ. නවසිලන්තයට මෙවර පළමුවෙන් නත්තල උදාවූණා. ඉන්පසු හෝරා කිහිපයකින් බටහිර රටවලට නත්තල උදා වූ අතර මෙවර ලෝකවාසීන් නත්තල සමරනු ලබන්නේ කොරෝනා වසංගතයෙන් වසර තුනකට පසුවයි. රුසියා – යුක්‍රේන යුද්ධය ද මෙවර ලෝක සාමයට තර්ජනයක්ව ඇති අතර යුද ගිනි දැල් මැද නත්තල සැමරීමට නොහැකිව යුක්‍රේන ජනතාව දැඩි ශෝකයට පත්ව සිටින බව…
දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ පවතින වැසි තත්වයත් සමඟ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට එම අවදානම පවතින බවයි. හෙට පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ පිළිබඳ ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් ලබා දී ඇත්තේ. පවතින කාලගුණ තත්ත්ව හමුවේ අවට පරිසරය පිළිබඳ සැලකිලිමත්වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප කොඩිප්පිලි මහතා දන්වා සිටින්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222