Author: VNews
යුරෝපා වෙළඳපොළට ප්‍රවේශ වීම පිළිබඳ අධ්‍යයනයකට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිපෝ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙහිදී යුරෝපා රටවල ඇඟලුම් වෙළඳපොළ පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙන අතර වෙළඳ රෙඟුලාසි, තීරුබදු රහිත වෙළඳාම, පාරිසරික හා සමාජ අවශ්‍යතා ආදී ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අධ්‍යයන කිරීමට නියමිතයි. යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් වැඩසටහන යටතේ පූර්ණ තීරුබදු සහන හිමිකරගනිමින් නව වෙළඳපොළ වෙත යොමුවීමේ හැකියාව මෙරට සතුවන බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී පක්ෂ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සුදුසු පුද්ගලයින් මැතිවරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් පක්ෂ කොතෙකුත් ප්‍රබල වුවද ඉදිරිපත් වන අපේක්ෂකයින් පරාජයට පත්වනු ඇති බවයි. එමෙන්ම සියලු දේශපාලන පක්ෂ අපේක්ෂකයින් තෝරා ගැනීමේදී සලකා බලනු ලබන නිර්ණායක ප්‍රසිද්ධියට පත් කළ යුතු බව ද මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටිනවා.
ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති බවද වාර්තා වනවා. අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ 06 ක සාමාජිකයින් සහභාගී වී ඇති බව සඳහන්. මේ අනුව ඉදිරි මැතිවරණවලදී එක්ව තරග කිරීමට එම පක්ෂ එකඟතාවක් ඇති කර ගත් බවයි වාර්තා වන්නේ. මේ අතර උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දැනුම්වත් කිරීමට ද එම සාකච්ඡාවේ දී එකඟතාව ඇති කර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින පීඩන අවපාතය අද ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් ඇති අතර, එහි බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය අදත් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. කෙසේ වෙතත් මෙහි බලපෑමෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්. එමෙන්ම සෙසු ප්‍රදේශවල ද වැසි වාර කිහිපයක්…
චීනයේ ෂිංජියෑන් ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 18 දෙනෙකු එහි සිරවී ඇතැයි වාර්තවනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පතල කඩාවැටෙන අවස්ථාවේදී එහි කම්කරුවන් 40 දෙනෙකු පමණ සිට ඇති බවයි. කෙසේ වෙතත් කම්කරුවන් 22 දෙනෙකු ආරක්ෂිතව මුදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මඳු හා උගුල් වලට හසුවන කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී දැලක් අත්හදා බැලීමට කටයුතු කර තිබෙනවා. නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ දී එම කටයුතු සිදු කෙරුණා. දඩයක්කරුවන් අටවන උගුල්වලට හසු වූ කඳුකරයේ කොටි බේරා ගැනීමට යාමේ දී එම සතුන්ගේ ජීවිත බොහෝ විට ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් උගුල්වලට හසුවී සිටි සතුන් ප්‍රචණ්ඩකාරී වී වනජීවී නිලධාරින්ට ප්‍රහාර එල්ල කිරීමයි. එ බැවින් කොටින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා නව ආරක්ෂිත වැඩ පිළිවෙළක් අත්හදා බලන ලෙස වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා . අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මෙම ආරක්ෂිත දැල…
අයිස් මත්ද්‍රව්‍ය මෙරට ව්‍යාප්ත කිරීම සිදුවන්නේ දේශපාලන බල ව්‍යාපෘතියක කොටසක් ලෙස බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ එවැනි දුෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට ජනතාව පෙළ ගැසි අවසන් බවයි. නෙළුව ප්‍රදේශයේ පැවතී සමුළුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
තල් සංවර්ධන මණ්ඩලය 2017 වර්ෂයේදී වියදම් කර ඇති කෝටි 18 ක මුදලින් කෝටි 12ක්ම වැය කර ඇත්තේ සේවක පඩි නඩි ගෙවීමට බව ජාතික විගණන කාර්යාලය පවසනවා. එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ තල් සංස්ථාව මෝටර් රථ ඇතුළු උපකරණ මිලදී ගැනීමට 2017 වර්ෂයේ දී රුපියල් හය කෝටි පනස් අට ලක්ෂයක මුදලක් වැය කර ඇතැ බවයි. මේවා මිලදී ගෙන ඇත්තේ අයවැය ලේඛනයේ ප්‍රතිපාදන නොමැතිව බවද එම වාර්තාව සඳහන් කරනවා. එසේම තල් සංස්ථාවේ 2015 හා 2016 වර්ෂ සඳහාවූ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බවද විගණන අංශ පෙන්වා දෙනවා. බඳවා ගැනීමේ හා උසසවීම් පටිපාටියේ විධිවිධාන වලට පටහැනිව මණ්ඩලය නිලධාරීන් 8 දෙනකුට රුපියල් හතළිස්…
සුනාමි ව්‍යසනය සිදුව අදට වසර 18ක් සපිරෙනවා. මේ වී එෆ්. එම් ප්‍රවෘත්ති අංශය ඒ වෙනුවෙන් සැකසු විශේෂාංගයක් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක කාලයක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ආපදාවට ලක්වූ අතර ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35,000ක් පමණ වන බව සඳහන්. තවත් 5,000 ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක පවුල් 235,145ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්වුණා. මේ අතර අදට යෙදෙන ”ජාතික සුරක්ෂිත දිනය” හේතුවෙන් දිවයින පුරා…
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා සභාව රැස්වීමට නියමිතයි. කතාතානාක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය සඳහා අයැදුම්පත් 112ක් පමණ ලැබී ඇති බවයි. ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වැනිදායින් අවසන් වුනා. ඒ සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් හිමිවුයේ විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන තැනැත්තන්ටයි. කතානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු තෝරා ගැනිම හෝ අයැදුම්පත් යොමු නොකළ එහෙත් අදාළ සුදුසුකම් සපුරන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222