Author: VNews

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඔක්තෝබර් 23 වැනි දා තමිල්නාඩුවේ සිදු වූ පිපිරීමේ සැකකරුවන් සමඟ මොහු සමීප සබඳතා පවත්වා ඇති බව ද සඳහන්.

තව කියවන්​න

ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනමන රුපියල් බිලියන 08ක මුදල ගොවි ජනතාවට ලබා දීම අද ආරම්භ කෙරුනා. මුදල් ගිණුම්වලට බැර කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති හමුවේදී. පසුගිය මහ කන්නයේදී සිදු වූ අස්වනු හානිය සැළකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදල ප්‍රදානය කර තිබෙනවා. එම මුදල් කුඹුරු හෙක්ටෙයාරයක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000 ක් සහ කුඹුරු හෙක්ටෙයාර් 2ක් ඇති ගොවීන් සඳහා රුපියල් 20,000 ක් බැගින් හිමිවනවා. මෙවර මහ කන්නයේදී වී වගා භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක්. මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 760,000…

තව කියවන්​න

තවත් වෛද්‍ය ආධාර තොගයක් මෙරටට හිමිව තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනයෙන්. මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7.2ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 2.7ක්.

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය සඳහා අයැදුම්පත් 112 ක් ලැබී තිබෙනවා. කතානායකවරයා පැවසුවේ, පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු තෝරා ගැනීම හෝ අයැදුම්පත් යොමු නොකළ එහෙත් අදාළ සුදුසුකම් සපුරන සෙසු පිරිස් වේ නම් ඒ අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු සිවිල් සමාජ නියෝජිතයින් ලෙස පත් කිරීම පිළිබඳව අද දිනයේ සලකා බලන බවයි. තෝරා ගන්නා සමාජිකයින්ගේ නම් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනු ඇති.

තව කියවන්​න

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු වාර්තා ලබන සිකුරාදා ප්‍රසිද්ධ කෙරෙන බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා. බදු නොගෙවීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇති අතර ඒ පිලිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් ලබාදී ඇති වාර්තා මෙලෙස ප්‍රසිද්ධියට පත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2015 සහ 2021 අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටින කාලයේදී ඔහු මෙලෙස බදු ගෙවීම් පැහැර හැර තිබෙනවා.

තව කියවන්​න

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හමුවට කැඳවා තිබෙනවා. ඒ, විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම ඇතුළු ඉදිරි තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහායි. මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් 8ක් විමර්ශන සඳහා යොදවා තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඒ අතරට වෝහාරික විමර්ශන කණ්ඩායම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු අංශ අයත් බවයි.

තව කියවන්​න

ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට අද අත්සන් තැබුවා. ඒ පෞද්ගලික සමාගමක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතරයි. ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන්ට මෙන්ම අඩු බරැති ළදරුවන් සදහා ත්‍රීපෝෂ අඛන්ඩව සැපයීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වසරක කාලයක් ලබා ගැනීම සදහා වන ගිවිසුමකටයි අද අත්සන් තැබුණේ.

තව කියවන්​න

ප්‍රංශයට සහ හා බ්‍රිතාන්‍යයට තල් රා අපනයනය ආරම්භ කෙරුණා. ඒ තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේයි. ඊට සමගාමීව හා තල් කොල ආශ්‍රිත නිෂ්පාදනයන්හි අලෙවි ප්‍රවර්ධනයක් ද සිදු කෙරෙනවා. තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන ආයතනය විසින් පළමුව ප්‍රංශයට අපනයනය කළ ඇණවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් 45,000ක්. උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි එංගලන්තයේ බෙදාහැරීමේ නියෝජිත ආයතනය සමග විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ලන්ඩනයේ බර්නෙට් (Barnet) ප්‍රදේශයේ ස්පයිරිස් වෙළද මධ්‍යස්ථානය (Spires Shopping Centere) සහ London EN5 5XY හි දි විශේෂ අලෙවි වැඩසටහන් සන්විධාන් කෙරුණා. උතුරේ තල් අරඹට සිමාවී තිබූ තල් සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදනයන් අපනයන ක්ෂේත්‍රය වෙත යොමු…

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභ හානි කිරීමේ සිද්ධියට මෙම සිසුන් දෙදෙනා ද සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බවයි නියෝජ්‍ය උපකුලපතිවරයා පවසන්නේ. එලෙස ශිෂ්‍යභාවය අත්හිටුවා ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විධානගේ සහ වත්මන් සභාපති චමෝද් සත්සර යන සිසුන් දෙදෙනාගේ බවයි සඳූහන් වන්නේ.…

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 3 වනදා සිට ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සංචිත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ හර්දික් පාණ්ඩ්‍යා හටයි. අදාළ සංචිතයේ උපනායකත්වය සූර්යකුමාර් යාදව් විසින් දරනු ලබනවා. සංජු සැම්සන් පන්දුවාර විස්ස තරගාවලිය සඳහා පමණක් නම්කර තිබීම විශේෂත්වයක්. තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් දරන අතර එහි උපනායකත්වය හිමිව ඇත්තේ ද හර්දික් පාණ්ඩ්‍යා හටයි. පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා නොකරන කේ.එල්. රාහුල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් යන ක්‍රීඩකයින් එක්දින තරගාවලියට ක්‍රීඩා කරනු ලබනවා.

තව කියවන්​න