- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: VNews
ඉදිරි මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් 200,000ත් 225,000ත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන්දියාව මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීම සඳහා සූදානමින් සිටිනවා. එම යානය ගගනගාමීන් තිදෙනෙකු සමග 2025 වසරේදී දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ ඊට පෙර ඉන්දියාව ”ගගන්යාන්” නමින් මිනිසුන් රහිතව පර්යේෂණ මට්ටමේ රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට නියමිතයි
ගජමුතු අලෙවි කිරීම සදහා පැමිණි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් මාවනැල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා. කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙනුයි එම පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලිසිය සදහන් කළා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති සිව්දින පුහුණු ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කිරීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 122ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්. ඔවුන් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි. වොස්ටර් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි. අනතුරුව…
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද අලුයම භූකම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ ද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබෙනවා. පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති බව සදහන්. මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට සිදුකරන බව රජයේ මුද්‍රණාලය පවසනවා. එහි මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ මැතිවරණ කොමිසම සමග පැවැති සාකච්ඡාවකින් පසුව මුද්‍රණ කටයුතු ආරම්භ කළ බවයි. අද සිට දින කිහිපයකින් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බව ද ඇය සදහන් කළා. මුද්‍රණ කටයුතු අවසන් වීමෙන් පසුව විශේෂ ආරක්ෂාවක් යටතේ ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දීමට නියමිතයි.
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියේ ඊයේ (17) ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි. “තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ…
ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් වුණා. ඒ කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 06 ට 03ක් ලෙස පරාජයට පත්කරමින්. සාන්ත පීතර විද්‍යාලය අන්තර් පාසල් රග්බි ලීග් ශූරතාව අඛණ්ඩව දිනාගත් දෙවන අවස්ථාව මෙයයි. මේ අතර කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තුන්වන ස්ථානය සදහා වන තරගය පැවැත්වුණා. එහිදී ලකුණු 26 ට 19ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත්කරනු ලැබුවා.
කලු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහගංවතුර මට්ටමට ළඟා වී තිබෙන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟ, මඟුර, රත්නපුර සහ පුටුපවුල ප්‍රදේශවලින් ද අවදානම් මට්ටමේ පවතින බවයි. ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් ද, අවදානම් මට්ටමට ළඟා වී ඇත.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222