Author: VNews

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් 2023 ජනවාරී මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලේඛන/සහතික සත්‍යාපන කිරිමට අදාල ගාස්තු සංශෝධනය කර තිබෙනවා. කොන්සියුලර් කාර්යය                                                                                                       ගාස්තු (රු.) 1. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතික   …

තව කියවන්​න

කොළඹ, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව බිත්තර නිෂ්පාදන සංගම් පවසනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ බිත්තර මිල රුපියල් 65 පමණ දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් අඩු මුදලට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින්. සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට හැකියාවක් නොමැති වුවද මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කරන බවයි.

තව කියවන්​න

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන පේලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයක් හේතුවෙන් කලක සිට ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි පේලේ ගේ පවුලේ ඥාතීන් පවසන්නේ. බ්‍රසීලියානු හිටපු සුපිරි ක්‍රීඩකයා මියයන විට  82 වැනි වියේ පසු වුණා. පේලේ –  1958, 1962, සහ 1970 වසරවල ලෝක කුසලාන ජයග්‍රහණ කරන අවස්ථාවල දී බ්‍රසීල පා පන්දු කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා. 2000 වර්ෂයේ දී ඔහු සියවසේ ක්‍රීඩකයා ලෙස ද නම් කෙරුනා. පේලේ බ්‍රසීලයේ ක්‍රීඩා අමාතවරයෙකු ලෙසද කටයුතු කළා.

තව කියවන්​න

වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන්නැයි උපදෙස් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, බැංකු , ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් ණය ගැතියන් පීඩාවට පත් ඇති බවයි. එම තත්ත්වය සැළකිල්ලට ගෙන යළි ණය අය කරගැනීම සඳහා සුදුසු සහන ලබා දෙන ලෙසයි බැංකු වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

තව කියවන්​න

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ GI බට 11ක වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි. වංචා සිද්ධියට සැකපිට සභාපතිවරයාගේ වැඩිමහල් සහෝදරයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි සිරිල් මුණසිංහ නමැති බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ 67 හැවිරිදි ඔහුගේ සහෝදරයෙකු වන පියදාස මුණසිංහ නමැත්තායි. බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ ගෙන ඇති බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම ජල ව්‍යාපෘතියේ සභාපතිවරයා බව ද සඳහන්. ඉදිකරමින් පවතින එම ජල සංචිතයට අයත් බට කෑලිවලට කපා වාරියපොළ ප්‍රදේශයේ ලොරි රථයකට…

තව කියවන්​න

නිව්යෝර්ක් ප්‍රාන්තයට බලපා ඇති අධික හිම පතනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බෆලෝ නගරයටයි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ. මෙම සතිය ආරම්භයේ සිට උතුරු ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට හිම කුණාටුවලින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මිලියන එකයි දශම හතකට පමණ විදුලිබලය ඇණහිට තිබූනා. ඇමෙරිකාව පුරා හිම කුණාටු හේතුවෙන් මියගිය සමස්ත සංඛ්‍යාව හැටක් ලෙසයි දැක්වෙන්නේ.

තව කියවන්​න

මෙරට මිලියන 5කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පවසනවා. එම සංවිධාන පවසන්නේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථීක අර්බුදය සමාජයේ සෑම අංශයකටම බලපාන බවයි. මෙම සංවිධානයේ දත්තවලට අනුව, මෙරට මිලියන 5.7ක ජනතාවක්, එනම් සමස්ත ජනගහනයෙන් 26%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා මානුෂිය අධාර අවශ්‍ය බවයි එම සංවිධාන පවසන්නේ.

තව කියවන්​න

ජනාධිපතිවරයා මෙතෙක් තමාට කිසිදු කැඳවීමක් සිදුකර නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. V FM සිද්ධමුල්ල වැඩසටහන ට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ පනත සකස් කිරීමට මූලික වූ රනිල් වික්‍රමසිංහ මහතා හමුවී වත්මන් තත්වය පිලිබඳ පැහැදිලි කර දීමට සුදානම් බවයි. විදුලි බිල වැඩි කිරීමට අවසර නොදෙන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා කළ ප්‍රකශයකයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුනේ නුදුරේදීම සභාපතිවරයා කැඳවන බවයි.

තව කියවන්​න

ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සංදේශයක් බාරදී තිබෙනවා. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින්. පවතින ආණ්ඩුව සහා පසුගිය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට මේ වනවිටත් පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් අබිමුව බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පෙන්වා දෙන්නේ. මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් නොව සාමාන්‍ය ජනතාව බව එම සංදේශයෙන් අවධාරණය කර තිබෙනවා. ” … 2023 අයවැය වැඩපිළිවෙළ තුළ පවා සාමාන්‍ය ජනතාව මත තවදුරටත් බදුබර පටවන යෝජනා ඉදිරිපත් වී ඇත. ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග තිබියදීත් සාමාන්‍ය ජනතාව මත බදුබර පටවන්නේ ආණ්ඩුවල…

තව කියවන්​න

පරිවාස භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පහළොස් හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක ත්‍රිරෝද රථයකින් පැහැරගෙන යමින් සිටියදී දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින්. තරුණයෙකු සහ පෙනුමෙන් ඉතා අඩු ගැබිනි කාන්තාවක් ගමන් කරනු දැක සැක සිතී ඒ පිළිබඳ පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව මෙම දෙදෙනාගේ ගමනාන්තයක් පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ලබා දී නැහැ. නිලධාරීන් දෙදෙනා එහිදී එම යුවල පොලිසිය වෙත ගෙන්වා දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.කේ. ඇල්ලේපොල මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පසුව දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිලුකා ගයන්ති මහත්මිය මෙම දෙදෙනාගෙන්…

තව කියවන්​න