Author: VNews

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සදහා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා . අදාළ තරගාවලිය සදහා විස්සයි විස්ස තරග තුනක් සහ එක් දින තරග තුනකින් ඇතුලත් . මේ සදහා ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකු මෙරටින් පිටව ගිය බවයි අප ගුවන් තොටුපල වාර්තා කරු සදහන් කලේ . විස්සයි විස්ස තරග එළඹෙන ජනවාරි 03 දින මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර එක් දින තරග ජනවාරි 10 දා ගුවාටි හිදී ආරම්භ වීමට නියමිතයි . මේ එම තරගාවලිය පිලිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ,පන්දුවාර විස්ස කණ්ඩායමේ උප නායක වනිදු හසරංග ද සිල්වා…

තව කියවන්​න

පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය විරෝධී පුළුල් සන්ධානයක් ගොඩ නගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . පක්ෂයේ තීරණයට පිටුපා ඇමතිකම් භාර ගත් පුද්ගලයින් යන එනමං නොමැතිව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු බව වර්තමානයේ පවසන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවා .

තව කියවන්​න

සියලු ඉන්ධන වර්ග වල මිල අවමය රුපියල් 100 කින් අඩු කරන බවට විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කල යුතු බව සමගි ඒකාබද්ද වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා . ඔහු මෙම අදහස් පල කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් . එහිදී ඔහු වැඩි දුරටත් සදහන් කලේ ලෝක වෙළදපලේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු බවයි .

තව කියවන්​න

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 500කට ආසන්න ප්‍රමාණයක් ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබුවා . මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ තවදුරටත් සේවය අවශ්‍ය නම් වයස අවුරුදු 60 ඉක්මවූ සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසයි. කෙසේ වෙතත් ඒ සදහා අනුමැතිය ලැබෙන තුරු ඔවුන් සේවයට වාර්තා නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා . ඔවුන් දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඍජුවම ධාවන කටයුතුවලට සම්බන්ධ පිරිස් විශ්‍රාම යෑමෙන් ඇතිවන ගැටළු සොයා බලා නිසි පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි . මේ අතර,රාජ්‍ය සේවකයන් 30,000කට ආසන්න පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවීම හේතුවෙන් ඊයේ දින සිට විශ්‍රාම ගිය අතර විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා…

තව කියවන්​න

අපේක්ෂා රැසක් පෙරදැරිව ශ්‍රීලංකා වාසීන් 2023 නව වසර පිළිගනු ලැබුවා. කොරෝනා වසංගතය සහ දේශපාලන අස්ථාවර භාවය හමුවේ පීඩාවට පත් ජනතාව නව වසරේ රටේ අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරෝතුතුවක පසුවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ. දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව – මධ්‍යම රාත්‍රියේ නව වසර උදාවත් සමග රතිඤ්ඤා දල්වමින් නව වසර උදාව සතුටින් සමරනු ලැබුවා. ප්‍රදේශ රැසක විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනද සංවිධාන කර තිබුනා. නව වසරේ කිරි උතුරුවමින් ජනතාව ශ්‍රීලංකා වාසීන්ට මෙන්ම ලෝකවාසීන්ටද උපද්‍රවවලින් තොර සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතකට සුබ පැතුම් එක්කරනු ලැබුවා. 2023 නව වසර පළමුව උදා වූයේ කිරිබත් ඇතුළු ඊට ආසන්න පැසිෆික් කලාපීය දූපත්වලටයි.

තව කියවන්​න

හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. වතිකානයේ උන්වහන්සේගේ නිවසේ දී රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්වර්ගස්ථ වී ඇති බවයි වාර්තා වන්නේ. ස්වර්ගස්ථ වන විට බෙනඩික්ට් පාප් වහන්සේ 95 වන වියෙහි පසු වී තිබෙනවා . 1927 වසරේ අප්‍රේල් 16 වනදා ජර්මනියේදී උපත ලැබූ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ 2005 වසරේ සිට 2013 වසර දක්වා පාප් වහන්සේ ලෙස කටයුතු කළා.

තව කියවන්​න

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රීලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනවා. ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම තරගාවලියට එක්දින සහ විස්සයි 20 තරග 3 බැගින් ඇතුළත් බවයි. එළඹෙන තුන් වනදා මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන විස්සයි 20 තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ කෙරෙනු ඇති.

තව කියවන්​න

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා. නව චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරින්ගේ වගකීම බවයි. 2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. නව චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇත්තේ පවත්නා අර්බුදකාරි වාතාවරණය හේතුවෙන්ව නව වර්ෂයේදී රජයේ වියදම් දැරීම අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව සිදුකළ යුතු බව හා රජයේ ආයතන විසින්…

තව කියවන්​න

හික්කඩුව, ගාල්ල සහ බද්දේගම ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කරයි හික්කඩුව, ගාල්ල සහ බද්දේගම නගරවල මහජන බැංකුවේ ATM යන්ත්‍රවලින් මුදල් සොරාගනිමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පරිඝණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී එහි මෘදුකාංග වෙනස්කර රුපියල් එක්කෝටි 6 ලක්ෂ 55 දහසක මුදල් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ. විදේශකයින් බවට සැකකරනු ලබන පිරිසක් විසින් ඊයේ අළුයම් කාලයේ ATM යන්ත්‍රවල සී.සී.ටී.වි කැමරා ආවරණය කරමින් සොරකම සිදු කර තිබුනා. මෙම නගර තුනෙහිම ATM යන්ත්‍ර වලින් මුදල් සොරාගෙන ඇත්ත එකම අකාරයකට බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හික්කඩුව, ගාල්ල සහ බද්දේගම පොලිස් ස්ථාන ඒකාබද්ධ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

ආසාදන වැඩිවීමත් සමඟ චීන බලධාරීන් – රට තුළ කොවිඩ් තත්වය පිලිබඳ දත්ත නිසි ලෙස ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවවාද කර තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ රටේ දැඩි සීමාවන් බොහොමයක් ඉවත් කිරීම හමුවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහල ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ අනුව රෝහල්ගතවීම්, දැඩි සත්කාර ඒකක ඇතුළත් කිරීම් සහ මරණ මෙන්ම එන්නත් පිළිබඳ සත්‍ය දත්ත නිරීක්ෂණය අවශ්‍ය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළා. රටවල් කිහිපයක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් ට කොවිඩ් පරීක්ෂාව අනිවාර්යය කර තිබෙනවා. එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉතාලිය, ජපානය සහ තායිවානය ඇතුළු රටවල් රැසක් චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ නියම…

තව කියවන්​න