Author: VNews

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ”ද හින්දු” පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුනා. පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් රාමේෂ්වරම් වෙත ඇතුළු වූ බව පවසමින් තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එම පුවත් වාර්තාවේ සදහන්. ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසයි ප්‍රාන්තය පුරා සිටින ඉහළ පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ . මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ඉම්රාන් මෙරට අධිකරණය මගින් පසුගියදා ඇපමත නිදහස් කළා .

තව කියවන්​න

යුක්රේනයේ බලශක්ති පද්ධතිය තවදුරටත් රුසියාවේ ඉලක්කය වී තිබෙනවා. යුක්රේන වැසියන්ට නව අවුරුදු උදාව පිළිගැනීමට සිදුව ඇත්තේ රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලවෙමින් පවතින මොහොතකයි. යුක්රේනයේ නගර රැසකට රුසියාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. කියෙව් නගරාධිපතිවරයා පවසන්නේ අගනුවර ට පිපිරීම් කිහිපයකින් හානි සිදුව ඇති බවයි. තම වැසියන්ට අලුත් අවුරුදු උදාව අඳුරේ සිට සැමරීමට සිදුවිය හැකි බවට බුද්ධි අංශ උපුටා දක්වමින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පෙර අනතුරු ඇඟවීම් සිදු කර තිබුනා.

තව කියවන්​න

වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රදේශ කිහිපයකට සීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇති බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

තව කියවන්​න

දුර්භාග්‍ය පසුකර සෞභාග්‍යයයේ ඉලක්කය ළඟ කර ගැනීම සඳහා ඉවසීමෙන් කටයුතු කරන්නැයි අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන ස්වාමින් වහන්සේගේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සටිනවා. නව වසර වෙනුවෙන් ආශීර්වාද එක්කරමින් උන් වහන්සේ අවධාරණය කරන්නේ රටේ අනාගතය – මනා සිහිබුද්ධිය මත තීරණය වනු ඇති බවයි.

තව කියවන්​න

තම තමන්ට පැවරී ඇති කාර්ය භාරය නිසි ලෙස හඳුනාගනිමින් රට ගොඩ නැගීමට දායක වන්නැයි මල්වතු පාර්ශවයේ අනු නායක ශාස්ත්‍රවේදී අති පුජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමිපාණන් ඉල්ලා සිටිනවා. උදා වු නව වසර වෙනුවෙන් ආශීර්වාද එක්කරමින් උන් වහන්සේ මේ බව අවධාරණය කළා.

තව කියවන්​න

2023 නව වසර උදාවේ ගමන් ආරම්භ කල ගුවන් යානයක් 2022 වසරේ දී ගොඩ බස්සවා තිබෙනවා. ඒ යුනයිටඩ් එයාර්ලයින් සමාගමට අයත් Boeing 777-300ER වර්ගයේ ගුවන් යානයක්. මෙම ගුවන් යානය 2023 වර්ෂයේ ජනවාරි මස 1 වැනිදා සෝල් නුවරින් ගුවන් ගත වී 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සැන් ෆැන්සිස්කෝ වෙත ගොඩබැස ඇති බවයි වාර්තා වෙන්නේ.

තව කියවන්​න

සියයට 65කින් විදුලි ගාස්තු ඉහල දැමීමට අදාළ යෝජනාව ඇතුලත් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා. එම අනුමැතියෙන් පසු යෝජනවා මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ලබා දී ඇති උපදෙස් මත ජනවාරියේ සිට විදුලි ගාස්තු ඉහල දැමීම අනිවාර්ය කර ඇති බවද සඳහන්. සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහල දැමීමට යෝජනාකර ඇත්තේ. ඒ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. ඒකක 31 සිට 60 දක්වා දැනට ඒකකයකට රුපියල්…

තව කියවන්​න

2023 නව වසර රට වෙනුවෙන් ආරම්භ කල වැඩපිළිවෙල ජයග්‍රහණයෙන් නිමාවන වසරක් වේවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කරනවා. නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රටේ සිදූ වූ පෙර නොවූ ආර්ථික කඩාවැටීම හමුවේ සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් තමන් සතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම අයහපත් කාලය පසුකර ඇති බව ජනාධිපතිවරයාගේ විශ්වාසයයි. 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බව අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

තව කියවන්​න

බුදු දහම ලොව හොඳම ආගම ලෙස සම්මානය හිමිකර ගෙන තිබෙනවා. ජිනීවා ට්‍රිබියුන් පුවත්පත සඳහන් කරන්නේ ආගමික ඉකාරාස් සංවිධානය විසින් එය පිරිනමා ඇති බවයි. ආගමික නායකයන් 200 දෙනෙකුගෙන් පමණ සමන්විත කමිටුවක් විසින් මෙම ඒකමතික තීරණය ගෙන ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ආගම් 38කට අයත් නායකයන් මේ සඳහා ඡන්දය භාවිත කර තිබෙනවා ඉකාරාස් සංවිධානයේ පර්යේෂණ ප්‍රධානි ජෝන්නි හල් සඳහන් කළේ බෞද්ධයන් කිසි විටෙක ආගමික යුද්ධයක් ක්‍රියාත්මක කර නොමැති බවයි. ජිනීවා පදනම් කරගත් ආගමික හා අධ්‍යාත්මික දියුණුව සඳහා වූ ජාත්‍යන්තර සන්ධානය හෙවත් ඉකාරාස් නිවේදනය කර ඇත්තේ සම්මානය බෞද්ධ ප්‍රජාව වෙත පිරිනමන බවයි.

තව කියවන්​න

නව වසරේ උදාව සහ ගෙවුණු වසර පිලිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම බොහෝ පාර්ශව විවිධ අදහස් පළ කළා. අරගලයේ නීතීඥයෝ සංවිධානයේ මනොජ් නානායක්කාර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා. මේ මාධ්‍ය හමුවේ අදහස් දක්වන සමගිජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා නව වසරේ ක්‍රියාත්මක බදු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නාවලපිටිය දෙකිඳ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කරුණු දක්වා සිටියා.

තව කියවන්​න