Author: VNews

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේනවා. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සදහන් කලේ . අනතුරින් තුවාල ලැබූ රියදුරු ඇතුළු තුවාලකරුවන් 15 දෙනකු රෝහල් ගත කර තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ වන්දනාකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස් රථයක් .

තව කියවන්​න

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව හැටනවලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් තබා ගැනීම අද මාතර දී ආරම්භ වුණා. ඒ හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි බිල වැඩි කිරිමේ යෝජනාවට විරෝධය පල කරමින්. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා බලශක්ති සංරක්ෂණ කමිටුව එක්වයි එය සංවිධාන කර ඇත්තේ.

තව කියවන්​න

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා. තරගාවලිය පැවැත්වුණේ බංග්ලාදේශයේදී යි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ, දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානි වන අතර නේපාලයට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 21 – 0ක් ලෙස ජය ගැනීමට සමත් වුනා. ඒ අනුව ඔවුන් ශූරතාව දිනා ගත්තේ වට 2 – 0ක් ලෙස තරගය ජය ගනිමින්.

තව කියවන්​න

උතුරු කොරියාව නව වසර ආරම්භයත් සමග තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. උතුරු කොරියාව පැය 24ක් ඇතුළත අත්හදා බැලූ සිව්වන බැලැස්ටික් මිසයිලය මෙය බව වාර්තා වනවා. එරට වේලාවෙන් අදඅලුයම 2.50ට පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ . කෙටිදුර මිසයිලයක් වන එම මිසයිලය ජපාන ආර්ථික කලාපයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව සදහන් .

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් මේ වනවිට දියත් කොට තිබෙන බව වර්හා වනවා. ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිත්යන් තිදෙනා කෙසේ හෝ නම්කොට ලබන 5 වැනිදා එය යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එමගින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සුදානම වන බව සදහන්. ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතයි . සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු සහභාගී වීමට නියමිතව තිබෙනවා . මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සුදානම් නොමැති බව සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දෙශප්‍රිය මහතා පවසනවා. හොරණ දී මාධ්‍ය…

තව කියවන්​න

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා . එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ, ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ දක්වා පැමිණීමට අවශ්‍ය බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක කරන බවයි . එමෙන්ම 1955 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් මගී ජනතාවගේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවත්,ඔහු ප්‍රකාශ කලා. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද නව වසර වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසූවේ,කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට මෙම විශේෂ බස් රථ සේවාව අද සිට ලබන 03 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත…

තව කියවන්​න

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද සිට ක්‍රියාත්මක වනවා. ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ යි . මෙම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදායම මත 6% සිට 36% දක්වා බදු අය කිරීම අදසිට ක්‍රියාත්මක වනවා. නව බදු සංශෝධනය යටතේ මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කර තිබෙනවා. මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන විට,ඉක්මවන ආදායම මත 6% සිට 36% දක්වා ආදායම් කාණ්ඩ 6ක් යටතේ බදු අය කිරීමට නියමිතයි . ඒ අනුව මසකට රුපියල් තුන් ලක්ෂ 50,000ක ආදායමක් ලබන අයෙකු මසකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52,500ක් .

තව කියවන්​න

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 24 කට වැඩි ආධාර ප්‍රමාණයක් ඇමරිකාව පසුගිය වසරේ වෙන් කර ඇති බව මෙරට ඇමරිකානු තානාපති ජූලි චංග් පවසනවා. ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව, පාසල් දිවා ආහාර අරමුදල්, කුඩා වතු හිමියන් සඳහා පොහොර සහ ගැබිණි මව්වරුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එම ආධාර වෙන් කර තිබූ බවයි ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ. එමෙන්ම පවතින ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ණය, පුහුණුව සහ ආධාර ඉදිරියටත් ලබාදීමට සූදානම් බව ඇමරිකානු තානාපතිනිය පවසනවා .

තව කියවන්​න

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බි්‍රතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස යි . ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 යි සත 26 ක් ලෙස දක්වා තිබෙනවා .

තව කියවන්​න

සමාජ ආරක්ෂණ බද්දෙන් ඇතැම් කොටස් ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. නව බදු පැනවීම සිදුකර ඇත්තේ සියයට 90ක් රජයේ උපකාර අවශ්‍ය පිරිස් ජීවත් කරවීමට බවයි ඔහු පැවසුවේ. ඇඹිලිපිටිය සුරාබදු ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළා .

තව කියවන්​න