Author: VNews

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් සහ උදෑසන කාලයේ දී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර සුළං ඊසාන දෙසින් හමා එනු ඇති. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ අගයක් ගත හැකි බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ වැඩිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි හමුදා ගුවන් තොටුපළක් ආසන්නයේ පිපිරීමක් සිදු ව තිබෙනවා. ඉන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තලෙයිබාන් පාලනයේ පවතින ඇෆ්ගිනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරන බවයි.

තව කියවන්​න

මේ වන විට රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සියලු දෙනා රට සහ ජාතිය පිළිබඳ හැඟීමෙන් කටයතු කිරීමට මෙම වසරේ අදිටන් කරගත යුතු බව අස්ගිරි මහ නාහිමියන් පවසනවා. 2023 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් සඳහන් කළේ ජනතාව සාමකාමීව, මෛත්‍රී සහගතව කටයුතු කළ යුතු බවයි. එමෙන්ම රට ගොඩ ගැනීමට නම් එක්සත්ව එක්සිත්ව කිසිදු භේදයකින් තොරව කටයුතු කරන්නැයිද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන් මෙහිදී සඳහන් කළා. මේ අතර පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු…

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩයම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 20යි 20 තරගයකින් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. හෙට පැවැත්වෙන තරගයට පෙර අද දිනයේ පුහුණු තරගයක් ද පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. හෙට පළමු 20යි 20 තරගය ආරම්භ වී ජනවාරි 05වනදා දෙවන තරගයත්, 07වනදා තුන්වන 20යි 20 තරගයත් පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

වසර 74ක පුරා අවුරුදු සුබ වුයේ මෙරට පාලකයින්ට පමණක් බව සමාජවාදී තරුණ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසන්නේ මෙතෙක් කලක් පාලකයාට සුබ වූ අවුරුද්ද මහජනතාවට සුබ අවුරුද්දක් බවට පත්වන දිනය වැඩි ඈතක නොවන බවයි. ඒ වෙනුවෙන් ජනතාව එක්සත් විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම 2023 වසර අරගල වසරක් බවද එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

වී වගා කරන ගොවීන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීම ඉදිරි දෙසතිය තුළ මුඵමනින්ම නිම කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා . පසුගියදා රුපියල් කෝටි 600 ක් ගොවීන්ගේ ගිණුම්වලට බැර කර තිබෙනවා . ඉතිරි මුදල් ලබන සතියේ එම ගිණුම්වලට බැර කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනුව ආසියානු සංවර්ධන බැංකුව මෙරට ගොවිජනතාව සදහා රුපියල් කෝටි 800 ක් සපයා තිබේනවා. ඔවුන්ගේ ගිණුම්වලට බැර කෙරෙන්නේ එම මුදලයි. මෙම මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08 ක වී වගා කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා. ඉන් හෙක්ටයාර් 50 ලක්ෂ 60 දහසක් දැනටමත් වගාකර අවසන් .

තව කියවන්​න

අද සිට වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා . භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා ප්‍රකාශ කලේ ”පසුගිය කාල පරිච්ඡේදය තුළ වැලි බොරළු හා පස් ප්‍රවාහනයේදී ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකය සහ ප්‍රවාහනය කරන ගමන් මාර්ගය සඳහන් නොවූ බැවින් අක්‍රමිකතා රාශියක් සිදුවු බවයි . මේ හේතුවෙන් පරිසර අමාත්‍යවරයාගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමු වූ බවයි ඔහු සදහන් කලේ . ඒ අනුව අද සිට සියලුම ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකයත් ගමන් මාර්ගයත් ගමනාන්තයත් යන කරුණු අඩංගු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල්…

තව කියවන්​න

දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අද දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් පසුගිය 31 සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව එම තත්ත්වයට හේතු වී තිබේන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ. මේ අතර ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ලබන 9 වනදා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සංකේතාත්මක වර්ජනයක් කිරිමට සූදානම් වනවා. 2013 වර්ෂයෙන් පසු බඳවාගත් නව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථිර නොකිරීම ඇතුලු ගැටළු ගණනාවක් මුල් කර ගනිම්න් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම සංගමය සදහන් කලේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා,

තව කියවන්​න

රටෙහි උද්දමනය විශාල ලෙස පහල ගොස් ඇති බව මහා බැංකු අධිපති ආචාරය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු සදහන් කලේ රට මේ වන විට ස්ථාවර වෙමින් තිබෙන බවයි. එමෙන්ම උද්ධමනය අඩුකොට පොලී අනුපාත පහත හෙළිම මෙම වර්ෂයේ ප්‍රධාන අපේක්ෂාවක් බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා . මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා .

තව කියවන්​න

විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහල දැමීමට යෝජනාකර තිබෙනවා. මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා ඉහල දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වනවා. විදුලිබල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් නියමිතයි. එමන්ම 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අයකරන රුපියල් 16…

තව කියවන්​න