- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: VNews
මෙම මාසය අවසන් වනවිට රාජ්‍ය ආයතනවල සේවක හිඟය අවසන් කර ගැනීමට හැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. සේවකයින් 30,000 කට අධික පිරිසක් ඉකුත් 31 වනදා විශ්‍රාම ගැන්වීමෙන් පසු බොහෝ රාජ්‍ය අයතනවල සේවක හිගයක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම සේවක හිඟය අවසන් කිරීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි . බිත්තර ආනයනය කරන්නේ ද? නැද්ද ? යන්න සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අවදානය යොමුකෙරෙනු ඇති . මේ වන විට වෙළෙඳපොළ තුළ බිත්තර මිල ඉහළ යාම පිළිබඳ සහ බිත්තර මිල පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් ඔප්පු ලියාපදිංචිය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ එහි නියමු ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපය තුළආරම්භ කෙරෙන බවයි. ඒ අනුව ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 7කදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේසිංහ මහතා සඳහන් කළේ.තවත් පුවතක් දැන්
මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් හැවිරිදි දරුවා මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ලෝලුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්. සිය දරු දෙදෙනාට වස පොවා මව ද වස පානය කිරීම හේතුවෙන් ඇය ද අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. එමෙන්ම අවුරුදු අටක් වයසැති අනෙක් දරුවා ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
වතු කම්කරුවන්ට ඉහල දැමු විදුලි බිල ගෙවා ගැනිමට නොහැකිව තිබියදි යලිත් විදුලි බිල වැඩිකල හොත් වතු කම්කරුවන්ට ලබා දි තිබෙන විදුලි සම්බන්ධතාවය විසන්ධි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා . පවත්නා තත්ත්වය මත වතුකරයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනයද කඩා වැටි ඇති බවත්, ඔහු අවධරණය කළා. වතු කම්කරුවන්ට සහන ලබාදිමට නොහැකි නම් එම ප්‍රජාව පිලිබදව අනුකම්පා සහගත ලෙස සිතා බලන ලෙස ද රාධා ක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලා සිටියා . හැටන් ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු ඒ බව ප්‍රකාශ කළා .
රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000 ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අදින් ආරම්භ වනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ, ලබන මස අවසන් වනතෙක් රාජ්‍ය සේවකයින්ට එම දීමනාව ලබාගැනීමට අවස්ථාව පවතින බවයි. මෙම විශේෂ අත්තිකාරම් මුදල් ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ,රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් . 2023 වසරේ පෙබරවාරී 28 වැනිදායින් පසු කිසිදු ගෙවීමක් කිරීමට අවසර හිමිනොවනු ඇති . අදාළ මුදල්, 2023 වසර තුළ අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ සඳහන් .
බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව එහිදී බිත්තර මිල පාලනය කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වන විට බිත්තරයක් වෙළඳපොල තුළ රුපියල් 60 සිට ඉහළට අලෙවි වනවා .
පිලිපීනයේ මැනිලා අගනුවර නිනෝයි අකීනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විදුලිය ඇණහිටීමක් හේතුවෙන් ගුවන් ගමන් 360කට වැඩි ප්‍රමාණයක් ඇනහිට ඇති අතර මගීන් 56,000කට අධික පිරිසක් අපහසුතාවට පත්ව තිබෙනවා. නව වසරේ ආරම්භයත් සමඟ සිදුවූ මෙම විදුලි ඇණහිටීමෙන් සන්නිවේදන සහ රේඩාර් උපකරණ ද අක්‍රිය වී ඇති බව සඳහන් . කෙසේ වෙතත් ඊයේ පස්වරුව වනවිට ගුවන් තොටුපල කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ දැරියගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා ළිඳට වැටී සිටිනු දැක ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දැරිය ගොඩ ගනු ලැබුවද දැරිය ඒ වන විටත් මියගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම් දී තිබෙනවා. ඒ සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් . ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ දිවුරුම්දීමේ උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දූෂණ සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ලූලා ද සිල්වාට බ්‍රසීල අධිකරණයක් මඟින් මීට වසර කිහිපයකට පෙර සිර දඬුවමක්ද නියම කර තිබෙනවා. ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ වසර දෙකකට ආසන්න කාලයක් සිර දඬුවම් විදීමෙන් පසුවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222