Author: VNews

පෑලියගොඩ, නව නුගේ පාරේ පිහිටි මග නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී 2023 වසර ආරම්භය වෙනුවෙන් ඊයේ පෙරවරුවේ පැවති උත්සවයක් අතරතුර එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පැවසුවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග නැගුම ව්‍යාපෘතියේ රියදුරු සංගමයේ සභාපතිවරයා සහ එහි කාරක සභිකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. උත්සවයක් අවසානයේ පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවට පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පෑලියගොඩ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන් සිදු කරනවා.

තව කියවන්​න

ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මීට පෙර වසරකට ගුරුවරුන් 4,000 ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60 න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000 ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගත යුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට ද පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය, අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළා. 2023 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ…

තව කියවන්​න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දමා ඇති අතර භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කෙරුණා. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355 ක්. එමෙන්ම ලංකා අයි.ඕ.සී සමාගමද ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ ගැසට් පත්‍ර ප්‍රකාශ වී දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාම යෝජනා භාර ගත යුතුව ඇති බවයි. එමෙන්ම මැතිවරණ නීතියට අනුව මාර්තු 10 වන දිනට පෙර ඡන්දය පැවැත්විය යුතුව ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.

තව කියවන්​න

වැඩි වශයෙන්ම ජලය අපතේ යෑම සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස පාසල් පරිශ්‍ර හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එමෙන්ම වැඩිම ජල නාස්තිය සිදු වන දෙවන ස්ථානය ලෙස පූජා භූමි හඳුනාගෙන ඇතිබවයි එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඒකනායක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. පාසල් සහ පූජා භූමිවලට ජල සැපයුම නොමිලේ සිදු කෙරෙන හෙයින් ජල නාස්තිය මෙසේ වැඩියෙන් සිදුවන බව පෙනී ගොස් ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. ජලය අපතේ යෑම හේතුවෙන් මණ්ඩලයට වාර්ෂිකව රුපියල් කෝටියකට වැඩි මුදලක් අහිමිවන බව සඳහන්. මේ අතර පූජා භූමිවලට සැපයෙන ජල සැපයුම වෙනුවෙන් යම් මුදලක් අය කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ…

තව කියවන්​න

දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික අවි සම්බන්ධ යුද අභ්‍යසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. උතුරු කොරියාව විසින් දිගින් දිගටම න්‍යෂ්ටික මිසයිල රැසක් අත්හදාබැලීම මීට හේතුවයි. ඊයේ දිනයේද උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබුණා.

තව කියවන්​න

පසුගිය වසරට වඩා 2023 වසර සමස්ත ලෝකයටම දුෂ්කර වසරක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා පවසනවා. ඇමරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ මන්දගාමී වර්ධනයක් පැවතීම ඊට හේතුව බවයි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ. යුක්රේන යුද්ධය සහ ඉහළ පොලී අනුපාත හේතුවෙන් පසුගිය ඔක්තෝම්බරයේ ගෝලීය ආර්ථික වර්ධන අනුපාතය සියයට 2.7 ක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කළා. එමෙන්ම ලෝකයේ දෙවන ආර්ථිකය හිමි චීනය කොරෝනා සෞඛ්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමෙන් පසු ආසාදිතයන් ඉහළ යෑමෙන් වසර 40කට පසු පළමුවරට ආර්ථික වර්ධන වේගය අඩුවී ඇති බවයි ක්‍රිස්ටලීනා ජියොජියේවා ප්‍රකාශ කළේ. එමෙන්ම යුක්රේන යුද්ධයෙන් යුරෝපා සංගමයේ ආර්ථිකයට එල්ලවූ දැඩි බලපෑමත් සමඟ දැඩි…

තව කියවන්​න

ආනයන – අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142ක් සඳහා ජනවාරි පළමුදා සිට රේගු සංකේතාංක හඳුන්වා දී තිබෙනවා . එයට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ .

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව ,නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා . මේ අතර,එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇති බවයි වාර්තාවන්නේ . අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද සදහන් . කෙසේවෙතත් ,ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එම සන්ධානය පිහිටුවීමට මූලික වී සිටින දේශපාලන පක්ෂ නායකයෙක් සදහන් කළේ. මේ අතර,නව සන්ධානයේ විධායක…

තව කියවන්​න

පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 05 දෙනෙකු ලුණුගම්වෙහෙර, බෙරලිහෙල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. වීරවිල, වීරකැටිය, වලස්මුල්ල, මැදමුලන සහ තිස්සමහරාම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 45 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් පස් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. සැකකරුවන් අද තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න