Author: VNews

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ආදර්ශා කරඳනගේ නීතිඥයින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන හෙයින් අපේක්ෂිත ඇපයක් මත මුදාහරින මෙන් ඉල්ලා සිටිමින්. එම පෙත්සම සලකාබැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ජනවාරි මස 10 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරනු ලැබුවා. පෙත්සම්කාර කාන්තාව කියා සිටින්නේ මහාචාර්ය ආශු මාරසිංහ මහතා සුනඛයෙකු සමග අස්වාභාවික ක්‍රියාවක යෙදෙන වීඩියෝවක් ප්‍රකාශයට පත්වීමෙන් පසුව එය ව්‍යාජ ලෙස සකස්…

තව කියවන්​න

පාඩු ලබන සංස්ථා සහ මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා. ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගෙන බවයි සඳහන් වන්නේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයින් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයද එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇතැයි ජනාධිපතිවරයා වෙත බාර දුන් වාර්තාවේ දක්වා තිබෙනවා. මුදල් අමාත්‍යංශය…

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලයේ පළමු තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වූවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ් අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි සත්කාරක ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත් වූවා. ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරනු ලැබුවේ නොදැවී පන්දුවට පහරුදුන් Deepak Hooda යි.ඔහු නොදැවී පන්දු 23කදී ලකුණු 41ක් ලබාගත්තේ හයේ පහර හතරක් සහ එක් හතරේ පහරක් සමගින් මිනිත්තු 41කදීයි. නොදැවී පන්දුවට පහරදුන් අනෙක් පිතිකරු වූ…

තව කියවන්​න

පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවිමේ දැන්වීම හෙට(04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව, ජාතික මැතිවරණ කොමිසම පවසනවා. නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළකර දින 14කින් පසු නාමයෝජනා භාරගන්නා බවයි කොමිසමේ ඉහළ පෙලේ නිලධාරියෙකු කියා සිටියේ. එසේම ඒ සඳහා දින තුන හමාරක කාලයක් ලබා දෙන බව එම නිලධාරියා සඳහන් කර සිටියා. අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වනවා. පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කෙරෙනවා.

තව කියවන්​න

දිනේශ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් 140කගෙන් ප්‍රකාශ ගනී ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් 140 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ස්ථානයේ තිබූ ස්ථානීය සාක්ෂි, ඩී එන් ඒ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන කොට්ඨාසය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

තව කියවන්​න

මැතිවරණ කොමිසම අද දහවල් රැස්ව තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ, අනිද්දාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන බවයි. පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනිදාට පෙර පවැත්වීමට මැතිවරණ කොමිසම සැලසුම් කර තිබෙනවා. මැතිවරණයෙන් තේරී පත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනිදාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි .

තව කියවන්​න

ඩුබායි රාජ්‍යයේ මත්පැන් සඳහා වු බද්ධ සියයට තිහකින් අඩු කර තිබෙනවා. සංචාරකයින් සහ විදේශීකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මධ්‍යසාර සඳහා සියයට 30 බද්ද මෙන්ම මත්පැන් මිලදී ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍ර ගාස්තු අවශ්‍යතාවයද ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඩුබායි රාජ්‍යයේ ආර්ථිකය කොවිඩ් 19 වසංගතයෙන් පසුව වේගයෙන් යාථා තත්වයට පත්වී ඇති අතර එරට දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ පළමු මාස 9 සඳහා සියයට 4.6කින් වර්ධනය වී තිබෙනවා. එමෙන්ම 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ පළමු භාගයේ දී සංචාරකයින් පැමිණිම සියයට 180කින් ඉහළ ගොස් තිබෙන බවද සදහන්.

තව කියවන්​න

අද පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර දෙකක් මේ වනවිට අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන් වාර 18 ක් පමණක් ඊයේ අවලංගු වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ . එමෙන්ම,පසුගිය 31 වනදා සිට ඊයේ දක්වා දුම්රිය ගමන් වාර 104ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

තව කියවන්​න

පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කෙසේවෙතත් අදාළ ක්‍රමවේදය 6 ශ්‍රේණියට අදාළ වන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට එලෙස කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ . ඔහු මේ බව ප්‍රකාශ කලේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් . මේ අතර ප්‍රතිව්‍යුහගත කෙරෙන රාජ්‍ය ව්‍යාපාර සඳහා මව් සමාගමක් ඇති කිරීම සඳහා ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය එකඟතාවය පළකර තිබේනවා. ඒ සමබන්ධයෙන් අදහස් පල කල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා .

තව කියවන්​න

කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු හෝමාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ එම තාක්ෂණ ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්. සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතවයි .

තව කියවන්​න