Author: VNews

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා විය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව හෙළිකළේය.

තව කියවන්​න

ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පසුගිය සෙනසුරාදා (17) ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

තව කියවන්​න

චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නෞකා දෙකක් අද (19) අලුයම දකුණු චීන මුහුදේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 566 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ එම පැමිණිලි  ලැබී ඇති බවයි. පැය 24 ක් තුල ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමණිලි ගණන 47 කි.

තව කියවන්​න

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට  යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම පොහොය විශාල වැදගත්කමක් උසුලයි.

තව කියවන්​න

මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (19) රාත්‍රීයේ වීදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එහි සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ (18) රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිලධාරීන් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවයි.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, දකුණු  සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

තව කියවන්​න

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තව කියවන්​න

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ  ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවය.

තව කියවන්​න

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ. හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පීටර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අද (19) අලුයම 01.30 සිට ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.

තව කියවන්​න