- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: VNews
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ජාත්‍යන්තර ලීගය හෙවත් අයි.එල් ටී ටුවෙන්ටි තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ගිවිසුම් ගතව තිබෙනවා. මෙලෙස ඔහු ගිවිසුම් ගත වී ඇත්තේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමග බවයි එම කණ්ඩායම නිවේදනය කළේ. පාදයක ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට චාමිකව අදාළ කණ්ඩායම විසින් තෝරා ගෙන ඇති බව වාර්තා වනවා . තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර, පළමු වරට සංවිධාන කරන මෙම තරගාලිය සදහා තරග 34 ක් ඇතුළත් .
පිරිමි පුද්ගලයකු විසින් එල්ල කරන ලද උදළු පහරකින් කාන්තාවක් මියයාමේ පුවතක් කහටගස්දිගිලිය, ඊතළවැටුණු වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ප්‍රදේශයේ වී වගාකළ කුඹුරකට ජලය සපයමින් සිටියදී අදාළ පිරිමි පුද්ගලයා සහ මියගිය කාන්තාව අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙලෙස පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පිරිම පුද්ගලයා එල්ල කරන ලද උදළු පහරින් අදාළ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කහටගස්දිගිලිය පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ ජමාල්දීන් රහුමා උම්මා නමැති ඊතලවැටුණුවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක්. ඊයේ(03) සවස 06.00 ට පමණ මෙම සැකකරු කුඹුරට ජලය සපයමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි යාබද කුඹුරු හිමි කාන්තාවක් සමග වතුර…
උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබෙනවා . එලෙස සේවයෙන් පහ කර ඇත්තේ එරට දෙවැනි ප්‍රධානතම හමුදා ප්‍රධානියා වන ජොන් චොන් යන අය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ . ජොන් චොන් සැලකෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ට පසු එරට බලවත්ම හමුදා ප්‍රධානියා ලෙසයි . ඔහු එරට පාලක කම්කරු පක්ෂයේ හමුදා කොමිසමේ උප සභාපති ලෙසින් ද කටයුතු කර ඇති බව සදහන් . හමුදා ප්‍රධානී චොන්ගෙන් හිස්වූ හමුදා කොමිසමේ ධුරය සඳහා තවත් උසස් නිලධාරියෙකු වන රී යොන්ග් ජිල් පත් කර තිබෙනවා .
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ සියලු නිවෙස්වල විදුලිපහන් නිවා දමා විරෝධතාවක් පල කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එහි ලේකම් සංජිව ධම්මික මහතා සඳහන් කරන්නේ එළබෙන සඳුදා දිනයේදී කැබිනට් මණ්ඩලයට විදුලිබිල සංශෝදනය ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මේ හේතුවෙන් ඉරිදා දිනයේදී සවස 6.30 සිට අඩහෝරාවක කාලයක් සෑම නිවසකම විදුලි පහන් නිවා දමා ඒ සඳහා විරෝදය පල කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ. . විදුලි බිල වැඩි කිරීමට එරෙහි 69ලක්ෂයේ පෙත්සමට අත්සන් ලබා ගැනීම මේවන විට ගිරිවුල්ල සති පොළ භූමියේදී සිදු කෙරෙනවා. හෙට දිනයේදී දිවුලපිටිය සති පොලේදීද , සෙනසුරාදා දිනදී මීරිගම සති පෙලේදීද ඉරිදා දිනදී මිගමුව නගරයේදීද පෙත්සම…
යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇති බව සදහන් . ඒ අනුව, මෙම වැඩ පිළිවෙළ මෙම ජනවාරි මාසය තුළ ආරම්භ කරන බවත්, පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා…
ඩීසල් මිල පහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් ඊට අදාළව සකස් කළ වාර්තාව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලබාදීමෙන් අනතුරුවයි. පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රී 12 සිට ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දැමුවා. ඒ අනුව රුපියල් 420 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වනවා. මීට පෙර සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදී ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරුණා. ඒ අනුව ඉකුත් කාලසීමාව තුළ පැවැති ඩීසල් මිල මේ වනවිට රුපියල් 25 කින් අඩු කර ඇති…
මිල පාලනය සඳහා බිත්තර ආනයනයට රජය ගෙන ඇති තීරණය මෙරට ආර්ථිකයට අහිතකර බව බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ 2021 වසරේදී සත්ත්ව නිෂ්පාදනය වෙනුවෙන් ඒම ආහාර මෙරටට ආනයනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 420 ක් වැයවීඇති බවයි. එය ඉකුත් වසරවල ගල් අගුරු ආනයනය සඳහා වැය කළ මුදලටත් වඩා වැඩි අගයක් ගෙන ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. මේ අතර පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ බිත්තර ආනයනය මගින් වෛරස් රෝග ඇති විය හැකි බවයි .
සිය දරු දෙදෙනාට වස පොවා වස පානය කළ මවද වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව නාල්ල පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නිලූකා සංජීවනී නැමැති තිස් එක් හැවිරිදි කාන්තාවක් . මියගිය කාන්තාවගේ පස් හැවිරිදි දරුවා මීට පෙර මිය මියගිය අතර අට හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
විදුලි බලය සැපයීම, ඛනිජතෙල් නිෂ්පාදනය ඇතුළු තවත් සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ නිකුත් කළ එම ගැසට් නිවේදනය අනුව විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වනු ඇති. එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තුකිරීම සහ පිලිගැනීම, රැකවරණය පෝෂණ කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය සියලු ම සේවා සහා ශ්‍රමය තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත්වනවා .
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජන කැඳවීම ජනවාරි මස 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා. ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ජනවාරි 20 වැනිදා දහවල් 12 දක්වා අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ. කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම් අද(04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ වන විටත් නිකුත් කර ඇති බවයි. නාම යෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු අදාළ දැන්වීමේ ඇතුළත් වනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාම යෝජනා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222