Author: VNews

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ජනාධිපති කාර්යාලයේ දී පස්වරු 5ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. එහි දී දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ද මෙහිදි විමසා ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා . බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ පසුගිය දෙවනදා රැස් වූ කැබිනට් මණ්ඩලය වෙළෙඳ අමාත්‍යවරයාට බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබාදුන්නා . කෙසේ වෙතත් බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය කර්මන්තයේ නිරතවන විශාල පිරිසකට දැඩි බලපෑමක් එල්ලවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිශ්පාදකයින්ද පෙන්වා දෙනවා . බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමක අද දිනයේද වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 65 – 70ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වුණා . මේ ඒ පිළිබදව බිත්තර සංගම් සහ වෙළදුන්…

තව කියවන්​න

අමෙරිකානු පාර්ලිමේන්තුවට කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ වන විට එරට දේශපාලනය දැඩි අර්බුදයකට මුහුණපා ඇතැයි වර්තාවනවා. අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධූරය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂක කෙවින් මැකාති 06 වන වරටත් පරාජයට පත්වීම ඊට හේතුවයි. අමෙරිකානු පාර්ලිමේන්තුවේ කතානායකවරයා තෝරා ගැනීමට නම් ඉදිරිපත්වන අපෙක්ෂකයෙකු ඡන්ද 2018 ක් ලබාගත යුතුයි. එහෙත් මැකාතිට අවස්ථා 06 දීම හිමිව ඇත්තේ 200 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිපප්ලිකන් පක්ෂයේම නියෝජිතයින් විසිදෙනෙකු මැකාතිට එරෙහිව ඡන්දය භාවිත කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

තව කියවන්​න

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රටේ උද්ධමනය කිසියම් දුරකට පහත වැටෙනු ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂා දිසානායක මහත්මිය විශ්වාසය පළ කරනවා. රටක උද්ධමන අගය සියයට 05 කට අඩුවෙන් පවත්වාගත වුවත් පසුගිය වසරේ මෙරට උද්ධමන අගය සියයට 60 ඉක්මවුවා. කොරෝනා වෛරසය, ව්‍යාප්තිය ආර්ථික කළමනාකරණයේ පැවති අඩුපාඩු, විදේශ සංචිත හීනවීම ආදිය ඊට හේතු වු ප්‍රධාන සාධක වනවා. නවතම මිල දර්ශක මේ මාසයේ සකස් කිරීමට නියමිත බව  අදහස් දක්වමින් අධයක්ෂවරිය සදහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහය ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර, එහි දී ඊට එකඟතාවය පළ කර ඇති බව යි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඒ අනුව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සහ එරට කිරි සමාගමක් එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.

තව කියවන්​න

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන්. කෙසේවෙතත් යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට බස් රථ මගින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

දැනට දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වයේ වෙනස්වීමක් අද අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

නව වසර සදහා පාර්ලිමේන්තුවට අද පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට රැස්වීමට නියමිතයි. එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇති. මේ අතර වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කළේ. මේ අතර අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව, රජයේ මුදල් පිළිබද කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

තවත් සති කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට නියමිත මූල්‍ය සහනය ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදු කෙරෙන සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදු කෙරෙන බවයි. මේ අනුව පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් කාර්යමණ්ඩල එකඟතාව සාර්ථක වනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ අතර 2022 වසර සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය සියයට අටක පමණ පසු බෑමක් වාර්තා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2023 වසර සඳහා…

තව කියවන්​න

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුම්වත් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි සඳහන්. 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි. මේ අතර 16 වන බෙනඩික් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගොස් තිබුණා. ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිවරයා…

තව කියවන්​න